BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

සංජීව පුෂ්පකුමාර ගේ 'විහඟ ප්‍රේමය' HBO ප්‍රදර්ශනයට

T

The Leader

February 20, 2024 • 5:32 AM

සංජීව පුෂ්පකුමාර ගේ 'විහඟ ප්‍රේමය' HBO ප්‍රදර්ශනයට 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර සම්මානලාභි චිත්‍රපට අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ "විහඟ ප්‍රේමය" හෙවත් "Peacock Lament" ලොව ප්‍රකට HBO නාලිකාව සිය HBO Max ඔස්සේ ප්‍රදර්ශනය කිරීමට තෝරාගෙන තිබේ.
  •   ජනප්‍රිය රංගන ශිල්පිනී සබීතා පෙරේරා, අකලංග ප්‍රභාෂ්වර, ඩිනාරා පුංචි හේවා, මහේන්ද්‍ර පෙරේරා, අමිත්ත වීරසිංහ, සහ ප්‍රකට ඉතාලි ජාතික රංගන ශිල්පී ලොරන්ස්සෝ අක්කුව්වා ඇතුළු පිරිසක් මෙම නිර්මාණය සඳහා රංගනයෙන් එක්වී සිටී.
  •     “විහඟ ප්‍රේමය” (Peacock Lament) සිනමාපටය 35 වැනි ටෝකියෝ අන්තර්ජාතික සිනමා උලෙළේ විශිෂ්ටතම කලාත්මක සම්ප්‍රදානය සඳහා වන සම්මානයෙන් ද පිදුම් ලබා තිබේ.
  • මෙම වසරේ (2024) මැද භාගයේදී සැවෝයි සිනමා සමාගම "විහඟ ප්‍රේමය" ශ්‍රී ලංකාවේ සිනමාශාලාවල බෙදාහැරීමට නියමිතව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


එම සිනමාපටය HBO Max ඔස්සේ මාර්තු 01 වනදා සිට පෝලන්තය, රුමේනියාව, හංගේරියාව, බල්ගේරියාව ඇතුළු නැගෙනහිර යුරෝපීය රටවල් ඉලක්ක කර ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

අමෙරිකාවේ ප්‍රකට වෝනර් බ්‍රෝස් (Warner Bros) ව්‍යාපාර සමූහයට අයත් HBO ආයතනය සිය මාධ්‍ය ජාලයේ ප්‍රදර්ශනයට තෝරාගත් ප්‍රථම ශ්‍රී ලාංකීක චිත්‍රපටය 'විහඟ ප්‍රේමය' යි. 

WhatsApp Image 2024 02 20 at 4.08.39 PM
බිළිඳු දරුවන් විදේශිකයින්ට අලෙවි කිරීමේ මෙරට සිදුවූ ජාවාරම පදනම් කොට "විහඟ ප්‍රේමය" නිර්මාණය කර තිබේ.

ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර සිදුවුණු ප්‍රථම නිල චිත්‍රපට නිෂ්පාදනය ද මෙය වෙයි.

 


ජනප්‍රිය රංගන ශිල්පිනී සබීතා පෙරේරා, අකලංග ප්‍රභාෂ්වර, ඩිනාරා පුංචි හේවා, මහේන්ද්‍ර පෙරේරා, අමිත්ත වීරසිංහ, සහ ප්‍රකට ඉතාලි ජාතික රංගන ශිල්පී ලොරන්ස්සෝ අක්කුව්වා ඇතුළු පිරිසක් මෙම නිර්මාණය සඳහා රංගනයෙන් එක්වී සිටී.

 

 

“විහඟ ප්‍රේමය” (Peacock Lament) සිනමාපටය 35 වැනි ටෝකියෝ අන්තර්ජාතික සිනමා උලෙළේ විශිෂ්ටතම කලාත්මක සම්ප්‍රදානය සඳහා වන සම්මානයෙන් ද පිදුම් ලබා තිබේ.

මෙම වසරේ (2024) මැද භාගයේදී සැවෝයි සිනමා සමාගම "විහඟ ප්‍රේමය" ශ්‍රී ලංකාවේ සිනමාශාලාවල බෙදාහැරීමට නියමිතව ඇත.  

 

 

001

සබැඳි පුවත් :

'විහඟ ප්‍රේමය' නිල පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට

විහඟ ප්‍රේමය ටෝකියෝ හි දී සම්මානයෙන් පිදෙයි


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...