ඔබට දැනෙන ඒ වේදනාව, හැඟීම ගීතයකට නැගුවහොත් එම වේදනාව හා හැඟීම් නිරූපනය වන්නේ කොහොමද? එම වේදනාවේ සීමාව කුමක්ද? පද පෙළෙහි වන සරළකම හා හැඟීම් ආමන්ත්‍රණය, නිහඬතාව සංගීතය තුළම ඇති ශබ්දයේම කොටසක් ලෙස වගේම හඬෙහි තිබිය යුතු විලාපීය බව මතු කර ගන්නේ කොහොමද? මේ සියල්ල රූප රචනයකට ගැනීමේදී නිශ්චල රූපය හා චලන රූපයේ අතර මැද නිශ්චලත් නැති ඒ වගේම වැඩි වලනයකුත් නැති රුපයක් සොයා ගන්නේ කොහොමද?

මේ සියල්ල එකතු වූ තැනක් ලෙස, “මානව විලාපය” ගීත ඇලබමය ගත හැකියි. ගායනෙයන් තුසිත් සිම්ප්සන්, පද රචනාවෙන් තිලක් කෝදාගොඩ හා සංඟීතයෙන් නවරත්න ගමගේ දායකත්වය සපයන මෙය නිහඬව විඳින්න !
ඔබට දැනෙන වේදනාව පපු කොනක සදාකාලික වේදනාවක් බවට පත් කරන්නේ දැයි බලන්න!
එන්න!
හැඟීම් අතර තනිවෙන්න!





