BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

වර්ණ අන්ධතාව හඳුනා ගැනීම සඳහා 'I. D.' කියවන්න

T

The Leader

June 16, 2024 • 4:02 AM

වර්ණ අන්ධතාව හඳුනා ගැනීම සඳහා 'I. D.' කියවන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මම නං විශ්වාස කරන්නෙ ම වෛවර්ණවලට වැඩිය කළු සුදු හොඳයි කියල.
  •   ඇත්තට ම ගෑනියෙකුටයි මිනිහෙකුටයි තමන්ට ඕන විදියට ජීවත් වෙන්න ම බැරි ද...?
  • ඇත්තට ම මංගලා හරිම නිදහස් ගෑනියෙක්.
  • හැමෝට ම හොරෙන් එහෙම කරන අය නං මට හම්බවෙලා තියෙනව.
අකුරු ප්‍රමාණය (Font Size):
මොකද වෛවර්ණවලට හුරු වෙච්ච ගමන් ම වර්ණ අන්ධතාවෙ ඇතිවෙනව. එතකොට වෙන්නෙ තමන්ට ඕන විදියට දකින්න ලැබෙන්නෙ නැති එක. එතකොට කවුරුහරි අහන්න පුළුවන් ‘ඇයි තමන්ට ඕන විදියට දකින්න බැරි?’ කියල. එහෙම වෙන්නෙ ම වෛවර්ණයට අපි රැවටෙන නිසා. (ඒ නිසා තමයි පියසීලිට පිච්චර් පිස්සුව හැදුණෙ සහ මාලනී අකාලයේ ම වගේ මැරුණෙ) අපි ඒ දිහා බලන්නෙ එක එක්කෙනාගෙ ඇජෙන්ඩාවලට අනුව. අපි හැම දෙයක් ම දකින්නෙ එක එක්කෙනාගෙ ඇජෙන්ඩාවලට අනුව. ඒවුනාට කළු සුදු එහෙම නෙවෙයි. කළු යි සුදු යි විතරම නෙ... මම මේ කියන දේ හරියට ම තේරුම් ගන්න නං මොකක්ද කරන්න ඕන කියල තව ටිකකින් කියන්නං.
 
pexels michelangelo buonarroti 8728557 ඇත්තට ම ගෑනියෙකුටයි මිනිහෙකුටයි තමන්ට ඕන විදියට ජීවත් වෙන්න ම බැරි ද...?
 
 
මං මේ විකාර කියවනව කියල හිතන්න එපා. ඇත්තට ම ගෑනියෙකුටයි මිනිහෙකුටයි තමන්ට ඕන විදියට ජීවත් වෙන්න ම බැරි ද...? නිකං උදාහරණයක් විදියට ගත්තොත් අනුන්ගෙ වුවමනාවට කසාද බැඳපු ගැනියෙකුටයි මිනිහෙකුටයි බැරිද එක ඇඳේ නිදාගත්තට සංසර්ගයෙ යෙදෙන්නෙ නැතුව ඉන්න. ලෝකෙට හොරෙන් තමන් කැමති ගෑනියි මිනිහයි එක්ක සංසර්ගයේ යෙදෙන්න. මට නං හිතෙන්නෙ තමන් තමන්ගෙ හිතට වහල් වෙන්නෙ නැතිනං, ඒ ගැනියි මිනිහයි දෙන්න තේරුං අරගෙන ඉන්නවනං එහෙම කරන්න පුළුවන්. ඒ කියන්නෙ පිරිමිය විඳින නිදහස ම ගැහැනියටත් දෙන්න ඕන. එතකොට ලෝකෙ එවුන්ට පේන්න එක ගෙදර එකට ඉන්නව. හැබැයි එවුන් දෙන්න එක ඇඳේ නිදාගත්තත් ලිංගික සංසර්ගයෙ යෙදෙන්නෙ නෑ. 
freewඔයාල දන්නව ද... සමහර මිනිස්සු තමන්ගෙ ජීවිතේ එක එක කාලවකවානුවලදි එක එක චරිත විදියට ජීවත්වෙනව කියල.
 
මට එහෙම දෙන්නෙක් හම්බ වුණා. ඒ මංගලයි (හංසි) සම්පතුයි. ඇත්තට ම මංගලා හරිම නිදහස් ගෑනියෙක්. මේ වගේ ගෑනියෙක් මට මීට කලිං හම්බ වෙලා තිබුණ. ඒ චංචලා දේවී. හැබැයි මංගලා චංචලා දේවිටත් වැඩිය ස්වාධීනයි. මංගලා ඒ නිදහස එයාට වුවමනා විදියට ම විඳින්න පුළුවන් වෙන්නෙ සම්පත් මංගලා හරියට ම තේරුම් ගත්තු නිසා. ඒක තමයි අනෙකාට ගරු කිරීම කියන්නෙ. අනෙකාගේ නිදහසට බාධා නොකිරීම කියන්නෙ. මේව සමහර විට විකාර වෙන්න පුළුවන්. මට නං දැනෙන්නෙ එහෙම කරන්න ඔයාලටයි මටයිත් පුළුවන්නං කොච්චර හොඳ ද කියල. හැමෝට ම හොරෙන් එහෙම කරන අය නං මට හම්බවෙලා තියෙනව.

ඔයාල දන්නව ද... සමහර මිනිස්සු තමන්ගෙ ජීවිතේ එක එක කාලවකවානුවලදි එක එක චරිත විදියට ජීවත්වෙනව කියල. ඔවු... ඔයාල විශ්වාස නොකරට එහෙම ජීවත් වුණ සහ ජීවත් වෙන අය ඉන්නව. අනාගතයෙදිත් එහෙම ජීවත් වෙන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණයක් තමයි සක්විති රණසිංහ. එයා එක එක කාලෙදි එක එක පුද්ගලයො විදියට ජීවත් වෙච්ච කෙනෙක් නෙ... මට ඒ වගේ ම කෙනෙක් හම්බ වුණා. එයා මට මුලින්ම හම්බ වෙන්නෙ සම්පත් කියන නමින්. පස්සෙ කවීෂ නමින්. අවසාන කාලෙ දි දහම් විමලරත්න කියන නමින්. කොහොම හරි පුංචි කාලෙ සම්පත් විදියට හම්බ වෙච්ච මිනිහ දහම් විමලරත්න වෙද්දි මැරිල. ඇත්තට ම ඒ මනුස්සය විවිධ කාලවල දි විවිධ නම්වලින් පෙනී හිටින්න සිද්ධ වුණේ මිනිහගෙ වැරැද්දකිං නෙවෙයි කියලයි මං නං හිතන්නෙ. ඒක කාලයට සාපේක්ෂ දෙයක්.
 
depositphotos 179804762 stock photo cropped shot woman pointing somewhereමොකද මේ හැම දෙයක් ම වෙන්නෙ කාලානුරූපව සහ නවීන තාක්ෂණයේ මහිමයෙන්
ඔයාලට හම්බවෙලා තියෙනව ද අම්මටයි දුවටයි දෙන්නට ම ආදරේ කරපු පිරිමි. ඒ කියන්නෙ දැන හෝ නොදැන. මම නං පත්තරවල අනන්තවත් දැකල තියෙනව තාත්ත දුවව දූෂණය කරපු බව. ඒක නං ඉතිං නරුමකම ම නෙ... එහෙම නෙවෙයි... කාලයක් තමන් ආදරය කරපු ගැහැනියගෙ දුවට ආදරය කරපු කෙනෙක්. ඒ කියන්නෙ තමන්ගෙ වර්තමාන ආදරවන්තිය කියන්නෙ තමන් කාලයක් ආදරය කරපු ගැහැනියගෙ දුව කියල නොදැන ඒ දුවට ආදරය කරපු කෙනෙක්. මම ඔය කලින් ලියපු කවිෂ එහෙම කෙනෙක්. ඇත්තට ම එතනදි කවීෂ වැරැදි නැහැ කියලයි මං කියන්නෙ. කවිෂට ආදරය කරපු නදිත් වැරැදි නැහැ. මොකද මේ හැම දෙයක් ම වෙන්නෙ කාලානුරූපව සහ නවීන තාක්ෂණයේ මහිමයෙන්. නදීගෙ අම්ම වුණ දිලිනි වුනත් සම්පත්ට ආදරය කරාද නැද්ද කියල හරියට ම කියන්න බැරිවුනත් ඒ ගෑනිගෙ අසා සම්පත් ලව්ව ඉටුකරගත්තු එකත් වැරැද්දක් කියන්න බැහැ. මොකද තමන්ගෙ මිනිහ අවුරුදු ගාණක් රට ඉන්නකොට ඒ ගෑනිටත් ආසාවල් කියන දේවල් ඇතිවෙනව නෙ... මේ හැම දෙයක් ම කාලය විසින් ම ඇති කරන ලද ගැටලු. ඒකට ඒ දෙන්න ම වැරැදි නැහැ කියලයි මගේ නං අදහස.
 
අද කාලෙ සමහර හාමුදුරුවරු බණ කියන්න වඩින්නෙ V8 කාර් එකෙන් කියල මේ ළඟදි දවසක චන්දන කාරියවසම් මහත්මය යූ ටියුබ් චැනල් එකකට කියල තිබුණ. එහෙව් රටේ ඉන්න එහෙම හාමුදුරු නමකුත් මට මේ ළඟදි හම්බවුනා. එයාගෙ (සමා වෙන්න ‘එයා’ කිව්වට මොකද එයාට හාමුදුරුවො කියන එක ඇත්තට ම හාමුරුවරුන්ට කරන අපහාසයක්) නම අස්සජි. අස්සජිල වගේ අය තවත් හුඟ දෙනෙක් මට හම්බ වෙලා තියෙනවා. ඒ වුනාට මේ අස්සජි මාරයි ආ... ඇත්තට ම මාර ම මාරයි.
ළමා අපචාර වාර්තා වෙද්දී ආණ්ඩුව ළමා උසාවි හදන්න යයිමතක තියාගන්න එහෙම දේවලුත් වෙලා තියෙනවා; දැනටත් වෙනව; අනාගතයෙත් වේවි.
 
අපි හැමෝ ම ළමා අපචාර ගැන කතා කරනව නෙ... ඒ කතා කරද්දි කරළියට එන්නෙ ම බාල වයස්කාර දැරියක් වැඩිහිටි පිරිමියෙකුගෙ අපචාරයට ලක්වෙලා. එහෙමත් නැතිනම් බාල වයස්කාර දරුවෙක් තමන්ගෙ තාත්තටත් වඩා වයස, සමහර විට සීය කෙනෙකුගෙ තරම් වයස පිරිමියෙකුගෙ අපචාරයට ලක්වෙලා. හැබැයි සාමාන්‍යයෙන් අවුරුදු විස්සක විසිපහක හෝ ඊටත් වඩා ටිකක් වයසින් වැඩි කාන්තාවක් වයස අවුරුදු දහයක දොළහක පිරිමි දරුවෙක් අපචාරයට ලක් කරල කිව්වොත් හුඟ දෙනෙක් විශ්වාස කරන එකක් නැහැ නේද...? මට එහෙම කෙනෙකුත් හම්බ වුණා. ඒ කුඩා දරුවව අපචාරයට ලක් කරල තියෙන්නෙ පද්මිණී. අපචාරයට ලක්වෙච්ච පිරිමි දරුවගෙ නම මම ලියන්නෙ නැහැ. ඒක ඒ දරුවගෙ අනාගත පැවැත්මට හොඳ නැති නිසා. මතක තියාගන්න එහෙම දේවලුත් වෙලා තියෙනවා; දැනටත් වෙනව; අනාගතයෙත් වේවි. ඒව අපි කාටවත් නවත්තන්නත් බැහැ කියලයි මම නම් විශ්වාස කරන්නෙ. මොක ද මේක චක්‍රයක්. ජාතක කතා හොඳට සිහි බුද්ධියෙන් කියෙව්වොත් මේ උඩ ලියපු හැම දෙයක්ම වගේ ඒ කතාවලත් තියෙනව. ඒ කියන්නෙ බුදුහාමුදුරුවො බිහිවෙන්න සාරා සංඛ කල්ප ලක්ෂයකට ඉහතදිත් මේ වගේ දේවල් සිද්ධ වෙලා තියෙනව. එහෙව් එකේ මේ කළියුග කාලෙ ඕව මොනව ද නේ ද?  

දැං ඔයාල බලනව ඇති මොකක්ද මං මේ ලියන විකාරෙ කියල නේද...?
 
20මොහාන් රාජ් මඩවල
I Dඇත්තට ම මේක විකාරයක් නෙවෙයි. මම මේ ලියන කළු සුදු සහ වෛවර්ණ අතරින් කළු සුදු කොච්චර හොඳද කියල වැටහුණෙත්: සම්පත් සූරිය බණ්ඩාර, කවීෂ මුතුකුමාරණගේ, දහම් විමලරත්න, මංගලා, දිලිනි, නදී, පියසීලි, මාලනී, පද්මිණී වගේ ම අස්සජි හාමුදුරුවො යන කට්ටිය හම්බ වෙන්නෙ මොහාන් රාජ් මඩවලගෙ අලුත් ම ප්‍රබන්ධ රචනය වෙන I. D. කෘතිය ඇතුළෙ. කෘතියක් ඇතුළෙ දි හම්බ වෙච්ච මේ හැම කෙනෙක් ම මට එළියෙදිත් හම්බ වෙලා තියෙනවා. ඔයාලත් I. D. කෘතිය කියවල බලන්න. අනිවාර්යයෙන් ම මේ අය ඔයාලටත් එළියෙදි හම්බවෙලා ඇති. සමහර විට ඒ චරිතය ඔබ ම වෙන්නත් ඇති. එහෙමත් නැතිනම් ඔයාල දන්න කියන කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් අපි කවුරුවත් ඒ ඇත්ත පිළිගන්න සුදානම් නෑ.
 
මොහාන් ලියල තියෙන්නෙ ප්‍රබන්ධයක් තමයි. නමුත් ඒ ප්‍රබන්ධය ඇතුළෙ ඉන්නෙ ජීවමාන චරිත නොවෙයි කියල හිතට අවංකව කියන්න පුළුවන් කාට ද? මට නම් හිතෙන්නෙ එහෙම හිතට අවංකව කියන්න පුළුවන් කෙනෙක් ඇත්තෙ ම නැහැ. මොකද ඒ යථාර්ථය කියන්නෙ රචකයාගේ ෆැන්ටසිය නොවෙයි කියල අපි දන්න නිසා. ඇත්තට ම කියනව නං ඉතිං එක අතකට ෆැන්ටසිය කියන්නෙත් යථාර්ථයක් ම තමයි. ඒ වගේ ම යථාර්ථය කියන්නෙත් ෆැන්ටසිය ම තමයි. මේ තත්ත්ව දෙක ම එකම තැනකදි හම්බ වෙනව නම් ඒ I. D. කෘතිය ඇතුළෙ ම තමයි.
 
ආ... මට ලියන්න බැරි වුණා... මේ... අර චංචලා දේවි හම්බ වුණේ රුපා ශ්‍රියානි ඒකනායකගෙ ‘බැද්දේ කුලවමිය’ කෘතිය ඇතුළෙ. සක්විති නං ඉතිං හැමෝ ම දන්නවනෙ.

සටහන :
ආලින්දයෙන් ඔබ්බට 21: ප්‍රේක්ෂක ප්‍රජාව රස්තියාදු නොකළ 'සුසුම් රස්තියාදුව' -  (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com

2024/06/16 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...