IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම්මාන උළෙලකි.
හොඳම නළුවා ෂාරුක් ඛාන්මෙවර සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය හිමි කර ගත්තේ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ය. ඒ, 2023 වසරේ තිරගත වුණු 'ජවාන්' චිත්‍රපටය වෙනුවෙනි.
හොඳම නිළිය රානි මුඛර්ජීහොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ රානි මුඛර්ජීය. ඒ, 'මිසිස් චැටර්ජි වර්සස් නෝර්වේ' චිත්‍රපටයේ කළ සුවිශේෂී රංගනය වෙනුවෙනි.
'ඇනිමල්' හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ අතර, හොඳම අධ්‍යක්ෂවරයා වූයේ '12 ත් ෆේල්' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ විදු විනෝද් චොප්රාය.





