BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ශ්‍රී ලංකාවේ පළමු IMAX®️ සිනමා ශාලාව ජුලි 24 විවෘත කෙරේ

T

The Leader

July 19, 2024 • 12:54 AM

ශ්‍රී ලංකාවේ පළමු IMAX®️ සිනමා ශාලාව ජුලි 24 විවෘත කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලාංකීය සිනමාලෝලීන් හට නවමු අත්දැකීමක් එක්කරමින් මෙරට ප්‍රථම IMAX®️ සිනමා ශාලාව Scope Cinemas විසින් ජූලි 24 දින විවෘත කිරීමට නියමිතය.
  • ශ්‍රී ලංකාවේ පළමු IMAX®️ සිනමා ශාලාව ද සමඟින් Havelock City Mall හි සිනමා සංකීර්ණය සිනමා  ශාලා 6 කින් සමන්විත වන අතර ඒවායේ සමස්ත ධාරිතාව ආසන 1,200 කි.
  • මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික චින්තන ධර්මදාස සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක මෙසේ සඳහන් වේ.
  • ''හැව්ලොක් සිටි අයිමැක්ස් ෆිල්ම් හෝල් එක 26 වෙනිදා විවෘත වෙනවලු.
අකුරු ප්‍රමාණය (Font Size):

කොළඹ Havelock City Mall හි විවෘත වන මෙම සුපිරි IMAX®️ සිනමාහල ශ්‍රී ලාංකීය සිනමා ප්‍රේක්ෂකයින් හට විප්ලවීය වෙනසක් අත්විඳීමට අවකාශ උදා කරලනු නිසැකය.

ශ්‍රී ලංකාවේ පළමු IMAX®️ සිනමා ශාලාව ද සමඟින් Havelock City Mall හි සිනමා සංකීර්ණය සිනමා  ශාලා 6 කින් සමන්විත වන අතර ඒවායේ සමස්ත ධාරිතාව ආසන 1,200 කි.

450796812 10161558760875185 3422959756075995962 n
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික චින්තන ධර්මදාස සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක මෙසේ සඳහන් වේ.

''හැව්ලොක් සිටි අයිමැක්ස් ෆිල්ම් හෝල් එක 26 වෙනිදා විවෘත වෙනවලු. ඒකෙ ටිකට් එකක් රුපියල් පන්දාහක් විතර වෙනවලු. ඒ කියන්නෙ රුපියල් පන්දාහකට සරිලන සුපිරි සිනමා ආස්වාදයක් ඒකෙන් ලැබෙනවා කියන එක. ඇත්තටම අයිමැක්ස් එකක චිත්‍රපටියක් බලනවා කියන්නෙ ඒක සියලු සිනමා රස නහර තෘප්ත කරන සුරතාන්තමය අත්දැකීමක්. හැබැයි මේක ගැලපෙන්නෙ සම්භාව්‍ය ප්‍රබුද්ධ තනි රූප රාමුවෙ  චිත්‍රපටිවලට නෙමෙයි, ත්‍රාසජනක, සද්ද වැඩකිඩ තියෙන ෆිල්ම්වලට. ඩෙඩ්පූල් ඇන්ඩ් වුල්වරින් කියන්නෙ ඒ වගේ මැක්ස් පිපිරුමකට කියාපු බඩුවක්.

අතේ සල්ලි තියෙන අය, එහෙම තියෙන වෙලාවට ඒ වගේ විසල් සිනමා අත්දැකීම් ලබන්න යන්න. ගිහින් චිත්‍රපටි බලලා කාලා බීලා විනෝද වෙන්න. එතකොටයි රටක ආර්තිකය විශාල වෙන්නෙ. නාගරික සංස්කෘතිය පුළුල් වෙන්නෙ. කැට හොල්ලලා, පයින් ගිහිල්ලා ආර්තිකය හදන්න හීන දකිනවා වෙනුවට අතිරික්තයක් විනෝදය, සතුට වෙනුවෙන් වියදම් කරලයි ඉහල සිට පහලට විහිදෙන ආර්තිකයක් ගොඩනගන්න පුළුවන්. ඒ හින්ද මේ වගේ හෝල් එකක ෆිල්ම් එකක් බලලා විනෝද වෙලා තමන් ගොඩනැගෙන ආර්තිකයට යම් දායකත්වයකුත් දුන්නා කියල සතුටෙන් ගෙදර යන්න පුළුවන්.''
 
449438641 486303513762409 8154753925091629693 n
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...