BREAKING
ජනක මහබෙල්ලනගෙන් ගීතයේ සාම්ප්‍රදායික සීමා පනින 'සංගායනා' (වීඩියෝ)●ශ්‍රී ලංකාවේ කසළ අර්බුදය: මීතොටමුල්ලෙන් පසු විසඳුම් කොතැනද?●ජයසිරි අලවත්තගේ 'හිඟන කොල්ලා': සල්ලඩිය සහ Z පරම්පරාව අතර ගැටුම●සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් රජයට දැඩි ප්‍රශ්නාවලියක්● BOC පරිගණක දෝෂය: මිලියන 380 ආපසු අයකරගනී● නීතිවිරෝධී පිරමිඩ ජාවාරම්වලට දැඩි තහංචි: බිලියන ගණනක වත්කම් අත්හිටුවයි● විපක්ෂයේ පොදු සතුරා සජිත්ද - අනුරද? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!●flydubai නියමු ප්‍රහාරය: ඕස්ට්‍රේලියානු සම්බන්ධතා ගැන පුළුල් පරීක්ෂණ●කොළඹ විරෝධතාවෙන් පසු ජන අරගල සාමාජිකයෝ හයක් අත්අඩංගුවට●අධිකරණ සතිය: කතාබහට ලක්වූ තීන්දු සහ නියෝග●
Top Ad
සාහිත්‍ය - කලා

ජනක මහබෙල්ලනගෙන් ගීතයේ සාම්ප්‍රදායික සීමා පනින 'සංගායනා' (වීඩියෝ)

කවියකු හා සංගීතවේදියකු එක්ව ගීතයේ සම්ප්‍රදාය අතික්‍රමණය කරමින් රසික මනස පුළුල් කරන අලුත්ම කලා ප්‍රවේශය පිළිබඳ හෙළිදරව්ව.

Pasan

Pasan

October 4, 2026 • 5:42 PM

ජනක මහබෙල්ලනගෙන් ගීතයේ සාම්ප්‍රදායික සීමා පනින 'සංගායනා' (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගීතය යනු කුමක්ද?: සම්ප්‍රදායික කියවීම ගීතය යනුවෙන් (ගේය පද) සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිත වන්නේ වචන සහ සංගීතය සංකලනය කර නිර්මාණය කරන, සවනට මෙන් ම බුද්ධියට එක සේ ගෝච...
  • මේ තමයි ගීයක් යනු කුමක් ද යන්නට සාම්ප්‍රදායිකව අපි සලකන ආකාරය සහ අපි හඳුන්වා ගන්නා ආකාරය.
  • ගීතය යනු කුමක්ද?: සම්ප්‍රදායික කියවීම ගීතය යනුවෙන් (ගේය පද) සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිත වන්නේ වචන සහ සංගීතය සංකලනය කර නිර්මාණය කරන, සවනට මෙන් ම බුද්ධියට එක සේ ගෝචර වන සාමූහික කලා මාධ්‍යයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ගීතය යනු කුමක්ද?: සම්ප්‍රදායික කියවීම

ගීතය යනුවෙන් (ගේය පද) සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිත වන්නේ වචන සහ සංගීතය සංකලනය කර නිර්මාණය කරන, සවනට මෙන් ම බුද්ධියට එක සේ ගෝචර වන සාමූහික කලා මාධ්‍යයකි.

මෙම මාධ්‍යයේ පැවතිය යුතු යැයි විශ්වාස කරන ප්‍රධාන අංග කිහිපයක් පවතී. එනම්:

* ගේය පද (වචන): ගීතයක භාෂාව සරල, තේරුම් ගත හැකි සහ ගායනයට පහසු (සුගේය) විය යුතුය යන්න.
* සංගීතය සහ තනුව: නාද රටා, තාලය සහ රිද්මය මත පදනම්ව ගීතයට මනරම් ස්වරයක් එකතු කළ යුතු ය යන්න.
* අර්ථ රසය සහ ශබ්ද රසය: මිනිස් සිතට සතුටක්, සැනසීමක් හෝ හැඟීමක් දැනවීම සඳහා අර්ථවත් පද මාලාවක් සහ ශබ්ද සංකලනයක් මෙහි අඩංගු විය යුතු ය යන්න.
* කාව්‍යමය නිදහස: විශාල වශයෙන් කවියකට සමාන වුව ද, කවියකට වඩා නිදහස් සහ සංගීතයට අනුව ගැයිය හැකි ආකෘතියක් ගීතය සතු විය යුතු ය යන්න.

මේ තමයි ගීයක් යනු කුමක් ද යන්නට සාම්ප්‍රදායිකව අපි සලකන ආකාරය සහ අපි හඳුන්වා ගන්නා ආකාරය.


සම්ප්‍රදායෙන් ඔබ්බට: 'සංගායනා' අලුත් වැඩක්


නමුත් ගීතයකින් මීට වඩා යමක් කළ නොහැකි ද…?

මෙන්න මේ පැනයට පිළිතුරක් සපයන අතර ම එය ප්‍රත්‍යක්ෂ කරමින් ප්‍රේක්ෂකයා, රසිකයා යන දෙපාර්ශ්වය ම එක විට ග්‍රහණය කරගත හැකි නිර්මාණයක් සමඟ ප්‍රවීණ කවියකු වන ජනක මහබෙල්ලන නුදුරු දිනක දී ඔබ හමුවට ඒමට සූදානමින් සිටියි.

ඔහුගේ මෙම කාර්යයට සංගීතය පැත්තෙන් සහය ලබා දෙන්නේ වයසින් අඩු වුව ද ප්‍රවීණ සංගීතවේදියකු වන මනුමිත් තොටලියනගේ ය.

The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව අද වෙන්වන්නේ එම දෙපළ සහ ඔවුන් ඔබ හමුවට රැගෙන ඒමට බලාපොරොත්තුවෙන් සිටින ''සංගායනා'' සංගීතමය වැඩසටහන පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ය.

මතු පළ වන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමඟ ''සංගායනා'' සංගීතමය වැඩසටහනෙහි ගීත රචක, අධ්‍යක්ෂ ජනක මහබෙල්ලන සහ එහි සංගීත නිර්මාණ ශිල්පී මනුමිත් තොටලියනගේ කළ සාකච්ඡාව අන්තර්ගත සම්පූර්ණ වීඩියෝවයි.

(සටහන - ජයසිරි අලවත්ත)

වීඩියෝව:


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...