BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

කවිය තුළ ම කවියා හමුවන 'K කවි'

T

The Leader

January 13, 2024 • 2:07 AM

 කවිය තුළ ම කවියා හමුවන 'K කවි'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කවියා හුරු පුරුදු සෙයියාවෙනි. පෙරදා දුර බැහරක ගිය යුතුකමේ ගමනේ වෙහෙසක් නොවූ ගාන ය. පිළිවෙළ නොහඳුනන මගේ කාමරය, පොත් ගුල,
  • කව් ප්‍රදර්ශනයක්  පැවත්වූ එකම කවියා ද ඔහු බව මගෙ හැඟීම යි.
  • හකුළුවා අඩු මාත්‍රාවකින් කවිය නිමවයි.
  • කෙසේ වෙතත්  රූපක පොහොසත් කෙටි කවියෝ ද, උපමා රූපක පමණ දැන යොදා ගන්නා කවියෝ ද වශයෙන් දෙවර්ගයක් බව මගේ අදහස යි.
අකුරු ප්‍රමාණය (Font Size):

මේසය ඔහුට බාරදී ගෙදරින් පිටත්වන්නටත් කලියෙන් ඔහු තෝරා ගත් පොත් දෙකතුනක් මගේ මේසය මත ය. ඒ, කියවන්නට සහ ගෙනයන්නට ය.

පැය කීපයක් හුදෙකලා  කර තැබු කවියා මා ආපසු එනවිට   පිටත්ව ගොසිනි.

‘‘සදාකාලික සහෝදරත්වය ගිරාට...’’

ආදරය සමග ඔහුගේ ම අකුරු ය. දිනය ද අත්සන ද සමග ය.  381048367 1948276375558924 263456530003357478 n

‘‘පොත ගැන යමක් ලියාපන්’’ යැයි පෙර දා රාත්‍රියේ මධුවිතක රස පහස විඳිනාතුර මට දුන් විධානය  ද සිහිපත් වෙයි.

අනුර  කේ එදිරිසූරිය  නම් ඔබ හඳුනන ආදරය කරණ: කවියා, ලේඛකයා, පත්තරකාරයා මගේ පැරණි  මිතුරෙකි; නොබිඳුණු මිනිස් සබඳතා සමග පෙරට යන මිත්‍රයා ය.

අනුර කේ ගේ  කවි විඳින මිතුරු සමාජයේ පිරිසක් කුරුණෑගල  දී  කළ කවි සාදය  ද සමාජ මාධ්‍ය  හරහා  මට සන්නිවේදනය විය.

අනුර හමුවන්නට පෙර ඇසුරට  පත් ව සිටි තරුණ  කවියන් කීප දෙනෙකුගේ නම් ද මතක් වෙයි.

චන්ද්‍ර කුමාර වික්‍රමරත්න, නර්මදා රණවීර, කුමාර හෙට්ටිආරච්චි, රණතුංග  මල්ලවාඅරච්චි ඒ අතර ය. ඔවුන් පත්තර පිටු මත කවිත්වය සටහන්  කළෝ වෙති. ඒ කව් සහ කවියාගේ ජීවන දර්ශනය අතර කිසිදු  පරස්පරතා ද  නොතිබිණි .

පත්තර,  පොත් පත්, සඟරා හරහා කවියන්, ලේඛකයන්, දැන කියාගන්නා පාඨක  පාඨිකා සමාජය, පටලා ගන්නා පොරවල්, චරිත, අතර මං මුළා වීමේ අවදිය මා පසුකර බොහෝ කල් හෙයින්  කවිය මිස කව්‍ ලියන්නන්ගේ ඇතුළත  කුණු  කෙරෙහි  තැකීමකින් තොරව කවි පොතක පේළි අතර  කියැවීමකට බාධාවක්  නැත.

Anura k

අනුර කේ එදිරිසුරිය යනු ලියන කියන දේ සහ ජීවන  විලාසිතා ව අතර පරස්පරතා අවම, අල්ප කවියෙකි; ලේඛකයෙකි. එ නිසාම කවි පොත් වෙනත් නිර්මාණ  සහිත ව හෝ රහිතව මිතුරු ඇසුරකට කදිම කවියෙකි.

අනුරගේ  K කව් කෙටි ය. මෙහි මාතෘකාද නැත. කව් ප්‍රදර්ශනයක්  පැවත්වූ එකම කවියා ද ඔහු බව මගෙ හැඟීම යි. අනුර ගේ ඒ කවි ද කෙටි ය.

අපේ කවි සාහිත්‍ය ද දිගු ඉතිහාසයක් සහිත වූවකි. සංදේශ  කාව්‍ය   විකාශනය වෙමින, කොළඹ  යුගයේ කවිය තෙක් ද පසුව නිදහස් කවිය තෙක් ද ඉපිද මියගිය කවියෝ බොහෝ වෙත්.

කෙටි කව් වෙනම ශානරයකි. එහි ඉතිහාසය ද කෙටි නැත.

381032109 1948276212225607 4726537071707053459 n
අපි කලෙක බොහොසෙයින් උනන්දු  වූ හයිකු කවියේ උපත ජපානයේ ය. ජපනාගේ ජීවිතය  ආටෝප සාටෝප නැති එකකි; සරල එකකි. හයිකු  කවිය ද සරල ය. ජපන් කවියා වචන  වියදමට මසුරු ය. හකුළුවා අඩු මාත්‍රාවකින් කවිය නිමවයි. පරිසරයට ද සොබාදහම ට ද සංවේදී මිනිස් සමුහයක සංස්කෘතිය  ද සොබා දහම සමග බැඳුනකි. කඳු, ගංගා, ගස්වැල්  හයිකු කවියේ මග නොහැරෙයි.

මගගම සේකර, සිරි ගුනසිංහ, විමල් දිසානයක, ආරියවංශ රණවීර ආදි වූ නිදහස් ආර කවීන්ගෙ කවිවලට ආභාසය  හයිකු කවියෙන් ද, සීගිරි ගීවලින් ද ලැබිණි යැයි  පවසන විචාරකයෝ  ද වෙත්.

කෙසේ වෙතත්  රූපක පොහොසත් කෙටි කවියෝ ද, උපමා රූපක පමණ දැන යොදා ගන්නා කවියෝ ද වශයෙන් දෙවර්ගයක් බව මගේ අදහස යි.  අනුර කේ දෙවැනි වර්ගයේ කවියෙක් බව මගේ නිරික්ෂණය යි.

මා කැමති කවියෝ කවරහු ද යන්න කෙනෙක් විමසා සිටියහොත්, විමලරත්න කුමාරගම නම  ද පිළිතුරක් ලෙස ලැබෙනු ඇත.

කුමාරගම කොළඹ යුගයේ කවියෙකි.

දයාසේන ගුණසිංහ, නන්දන වීරසිංහ යනාදි කවීන් ද පසුව:  ලහිරු කිතලගම, රුවන් බංදුජීව, ඉසුරු චාමර, නඳුන් යසිත යනාදි තරුණ කවින් කිපදෙනකුගෙ කවි පොත් මගෙ විඳීමට  හේතු පාඨ සපයන කවීන්‍ වෙයි

විමලරත්න  කුමාරගමගේ විසින් රචිත ‘අයියනායක’ කවිය මෙන් ම නන්දන අයියාගේ ‘දුම්මල ගලට ගිය අම්මා’ නිර්මාණය  ද  තවම මතකයේ වෙයි.

කෙටි  කවි අතර කෙටිම කෙටි කවි හමුවන්නේ පත්තර කාරයෙක් වන කොත්මලේ සිරිසේන ගෙනි.

සංයුක්ත කවි, සැකෙවි කවි, හැකිළූ කවි ලෙස ද කෙටි කවිය  හැදින්වෙයි. භාෂාව අපේ කවියන්ගේ අවිය ද අභියෝගය ද වෙයි. අනුර කේ ගේ භාෂාව  කෙරෙහිවන අනුරාගය ද ඔහුගේ කවි තුළින් පොලා පනින බවක් මට හැඟෙයි.

 නැහැ. Screenshot 2024 01 13 at 12.46.34 PM
එතැන මල්
අත වනනවා
හිස සළනවා
හස නගනවා
නොවේ
ඇස පිහිනවා
පමණි.

මේ අනුර කේගේ ‘k කවි’ හි කෙටිම කවියකි. අනුරගේ අනෙක් කවි කෙටි ම නැත.

 හිස උඩුකුරු
කහ කොඩි වැල්
යට අතුවල
බෝගස්වල

හිස යටිකුරු
මා වවුලන්
උඩ අතුවල
බෝගස්වල

හිස උඩුකුරු                                           z1 p16 boo

වැල් කහ කොඩි
උඩ අතු යට
බෝගස්වල

හිස යටිකුරු වව්ලන්
උඩ
හිස උඩු කුරු කහකොඩි
යට

කහ කොඩිවැල් උඩ
වවුල්ලු
උඩු යටිකුරු
බෝගස්වල,  

                  
මේ  කවියෙන් රූපමය අනුභූතියක ට  කවි රසිකයා යොමු වෙයි. අවස්ථා, රූප ,බොහෝ කවිවල  වචන, පේළි ඇතුළතින්  ඉස්මතුව  සම්මුඛ වෙයි.

 මකර තොරණේ               
කොතේ වසනා
කටුස්සා

බලන බැල්මෙන් උකුස්සා
නිරිත දිග ඊසාන සැම අත
මදුරුවන්  මැස්සන් ගිලින්නට

වාසි පැත්තට හිස පාත් කර           
බැංකු ගිණුමේ බිංදු ගාණට
කුරා කූඹින්ගෙ
හිතේ වා පිත් සෙම කුපිත කර

ඕන තැන දි
ඕන තාලෙට
තැනේ හැටියට පාට මාරුව
සදාකාලික රාජ යෝගය

අනුර ගේ කාව්‍ය  ආකෘති ද නැවුම් බවක් ප්‍රකට කරයි.

මකර තොරණේ කටුස්සා


කවිය  අපට සමාජ යථාර්ථය සහ සුලභ අත්දැකීමක ඉඟි සපයයි. අනුරගේ කවි  විඳීමට  නූතන සමාජයට ද කිසිදු අවහිරයක් ඇතැයි නොසිතේ.

වසර විස්සකට පසුව කවි පොතක් රැගෙන පාඨක ප්‍රජාව  අතරට  පිවිස සිටින අනුර කේ ගේ කවිය    තැනක ද, අනුර තවත් තැනක ද තබා කතා කළයුතු නොවේ. කවිය තුළ ම කවියා හමුවෙයි. පරස් පරතා හමු නොවන කවියෙක් නම් හේ අනුර කේ ය.

 
kgiribawa
(කුමාරදාස ගිරිබාව)
kgiribawa@gmail com
 
 
 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...