BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ක්ලැරන්ස් : ඒක මරු බයිස්කෝප් එකක්... | Kalum Palitha Maheerathne

T

The Leader

July 10, 2025 • 5:01 AM

ක්ලැරන්ස් : ඒක මරු බයිස්කෝප් එකක්... | Kalum Palitha Maheerathne

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ මම ක්ලැරස් බැලුවා. මමයි අපේ නෝනයි. ප්‍රශ්න දෙක තුනක් අරගෙන තමයි මම එළියට බැස්සේ. ඒක ටිකක් වදයක් වෙයිද කියලත් හිතෙනවා.
  •   ඒක හරි නිදහස් මනසකින් එළියට එන්න හම්බවෙච්ච ෆිල්ම් එකක්.
  •   මම හරි ආසයි අලුත් නළුවාට සහ අනිත් අලුත් නිලියන් දෙදෙනාටම.
  • යම් යම් අඩුපාඩු තිබුණත් ඒක අපට මගහැර යන්න පුළුවන් රංගනයක් ඔවුන් මේ චරිත ඇතුලෙ කරා කියලා මට නම් දැනුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

කියන්න ඕන එක මරු බයිස්කෝප් එකක්.

අපේ රටේ මෑත කාලයේ නැතිවුනේ බයිස්කෝප්. ගොඩක් අය සිනමාවේ අන්ඩර දෙමළ මැජික් කරන්න ගිහිල්ලා සිනමා කර්මාන්තයට මාර වාතයක් වුණයි කියලයි මම විශ්වාස කරන්නේ.  

505005667 122128528364803947 6872613825735956573 n

බයිස්කෝප් නැතුව මේ කර්මාන්තය  දුවන්න බෑ. මම හැමදාම විශ්වාස කරේ commercial film industry එකක් තියෙන්න ඕනේ කියලා. ඉස්සර සිනමා ශාලා වර්ග පහකට බෙදලා තිබුන. පස්වෙනි මණ්ඩලයේ සම්භාව්‍ය චිත්‍රපට තිබුණා. අනිත් හතරෙන්ම වගේ නානාවිද කමෂල් ෆිල්ම් පෙන්නුවා. අපි පෝලිං වල ඉඳලා ඒ ෆිල්ම් බැලුවා.  දැන් නම් පෝලිම් වල හිටගන්න නෙමෙයි චිත්‍රපටිය තියෙන වෙලාව හොයාගන්න වෙනම කාලයක් වෙන් කරන්න ඕන.

n787

 

ඒක හරි නිදහස් මනසකින් එළියට එන්න හම්බවෙච්ච ෆිල්ම් එකක්. මට මූලික වශයෙන්ම කියන්න හිතුනේ ඒකෙ අලුත් නළු නිළියන් දෙතුන් දෙනාම අපිට වෙහෙස කර නොවී ෆිල්ම් එක බලන්න හොඳ ඉඩකඩක් හදලා දුන්නා. ඒක මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂවරයාට ඉහලින්ම ලැබෙන්න ඕන ගෞරවයක්. තේජාගේ බය නැති තීරණයක් කියලා මට හිතෙනවා. විශේෂයෙන්ම නිෂ්පාදකවරයාත්.

දිනක්ෂිට ලැබිලා තිබුණු දර්ශන ගණන ලොකු නැති උනත් මම හිතනවා ඇය හරිම සාධාරණයක් මේ චිත්‍රපටියට කරල තිබුණා කියලා. දිනක්ෂි හරිම හැඩකාර රසකාර චරිතයක් කලා. සමහර තැන්වල අපේ ඇස් වල කඳුළු එකතු කරන්න පුළුවන් තරමට. තේජා සාරංග තව ටිකක් රංගනයේදී පරිස්සම් කරගත්තා නම් හොඳයි කියලා මට හිතුණා. මොකද සාරංග ටිකක් ඕවර් ඇක්ටින්ද කියලා මට හිතුණු තැන් බොහොමයක් තිබුණා.

515552237 23953955660957841 4236470674536583565 n

 

මම හරි ආසයි අලුත් නළුවාට සහ අනිත් අලුත් නිලියන් දෙදෙනාටම. ඔවුන්ගේ ඒ සරල. රංගන විලාසෙට මම හරි කැමතියි . යම් යම් අඩුපාඩු තිබුණත් ඒක අපට මගහැර යන්න පුළුවන් රංගනයක් ඔවුන් මේ චරිත ඇතුලෙ කරා කියලා මට නම් දැනුනා.

රුවන් ,රුවන්ගේ වැඩේ හරිම අපූරුයි මචං. ආසයි ෆිල්ම් එකේ lighting galamer එකට.  රුවන් ඔයාගේ හිතේ තිබුණු හැඩේ තේජා එක්ක එකතු වෙලා හරි අපූරුවට රූපෙට එකතු කරලා තිබුණා. තේජා ඇත්තටම හැඩ වැඩක්. අපිට කාලෙකින් විශේෂයෙන් මට නම් හොඳ බයිස්කෝප් එකක් බලන්න අවස්ථාව හම්බුනා. .

මම ක්ලැරන්ස් ගේ සින්දු හරියට අහනව. මට හිතෙනවා ටික දවසක් යනකන් ක්ලැරන්ස්ගේ සින්දු නිදහසේ අහන්න බැරි වෙයිද කියලා.  මේ බයිස්කෝප් එකේ කෑලි ඔලුව අස්සෙ රිංගයිද කියලා තමයි මට එලියට එනකොට තිබුණු  ප්‍රශ්නය. මගේ හිතේ කවදාවත් ලොකුවට චිත්‍රපටි කරන්න ආසාවක් තිබුණේ නෑ. හැබැයි ඒ වධකාරී වුවමනාව ආයෙත් මගේ ඔලුවට ආවද කියලා මට දැන් ප්‍රශ්නයක් තියෙනවා.

 

නැවතත් මම කියනවා දිනක්ෂි මේකේ ලස්සන මතකයක්  මට නං ඉතුරු කරා කියලා. අර අලුත් නළු නිලියන් දෙතුන්දෙනා අපේ සිනමාවට හොඳ සම්පතක් කරගන්න පුළුවන් වෙයි කියලා මට පොඩි හැඟීමක් තියෙනවා. ඒ වගේම ඒ තුන්දෙනත් පරිස්සමින් වැඩ කරොත් හොඳ ගමනක් තියේවි කියලත් මට හිතෙනවා. අමාරුවෙන් හරි ඉන්න ටෙලි නාට්‍යවලට රිංගන්නෙ නැතුව. සිනමාවේ ඔය තුන්දෙනාට හොඳ අවස්ථාවක් ලැබේවි.

ඒ විතරක් නෙමෙයි මේකෙ ඇඳුම් එහෙමත් හරිම අපූරුයි. මම අනිත් ආසම දේ music. ඒක ගැන කියන්න වචන නැති තරම්. සුරේෂ් ඒ වැඩේ නම් සුපිරි. sound balancing.

kelum p(සටහන | කැළුම් පාලිත මහිරත්න)
චිත්‍රපට අධ්‍යක්ෂ
kalum.palitha@gmail.com

උපුටා ගැනීම - Kalum Palitha Maheerathne ෆේස්බුක් පිටුවෙන්...

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...