BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ශ්‍රී ලාංකීය සංගීතය ජාත්‍යන්තරයට ගෙන යාමට M Entertainments මැදිහත්වේ

T

The Leader

July 19, 2025 • 7:24 AM

ශ්‍රී ලාංකීය සංගීතය ජාත්‍යන්තරයට ගෙන යාමට M Entertainments මැදිහත්වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංගීතය කියන්නෙ, මිනිස් ආත්මය සුවපත් කරවන භාවනාවක්.
  • ඒ, මෙරට විශාලතම සංගීත සමාගම වන M Entertainments, භාරතයේ සුප්‍රකට සමාගමක් වන Warner Music India අනුබද්ධ සමාගමක් වන Divo සමග උපායමාර්ගික හවුල්කාරිත්වයකට අත්සන් තැබීමයි.
  • සංගීත ක්ෂේත්‍රයේ උන්නතියට බෙහෙවින් බලපාන අංශයක් තමයි සංගීත කර්මාන්තය, නැත්නම් music industry කියල කියන්නෙ.
අකුරු ප්‍රමාණය (Font Size):


සංගීත ක්ෂේත්‍රයේ උන්නතියට බෙහෙවින් බලපාන අංශයක් තමයි සංගීත කර්මාන්තය, නැත්නම් music industry කියල කියන්නෙ.

ශ්‍රී ලංකාවේ සංගීත කර්මාන්තයේ සුවිශේෂ සන්ධිස්ථානයක් ඊයේ ඉන්දියාවේදී සනිටුහන් විය.

ඒ, මෙරට විශාලතම සංගීත සමාගම වන M Entertainments, භාරතයේ සුප්‍රකට සමාගමක් වන Warner Music India අනුබද්ධ සමාගමක් වන Divo සමග උපායමාර්ගික හවුල්කාරිත්වයකට අත්සන් තැබීමයි.

ඉන්දියාවේ මුම්බායිහිදී එයට අත්සන් තැබුණි.

ඊට අදාළ අවබෝධාත්මක ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට Warner Music India සහ SAARC කළමනාකාර අධ්‍යක්ෂ ජේ මේතා, කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල්, Divo කළමනාකාර අධ්‍යක්ෂ ෂහීර් මුනීර් සහ M Entertainments හි ප්‍රධාන විධායක නිලධාරී ෆ්‍රෙඩ්රික් දිසානායක සහභාගී විය.

දකුණු ඉන්දියාවේ ඩිජිටල් මාධ්‍ය සහ සංගීත සමාගමක් වන Warner Music India අනුබද්ධ ආයතනයක් වන Divo, දකුණු ආසියාව පුරා විහිද සිටින සුවහසක් කලාකරුවන්ගේ නිර්මාණ ජාත්‍යන්තරයට ගෙන ඒම වෙනුවෙන් අතිවිශාල සහයක් ලබා දෙන ආයතනයකි.

දෙරටේ සුප්‍රකට සමාගම් දෙකක් අතර ඇති වූ මේ හවුල්කාරීත්වය, මෙරට නිර්මාණ ජාත්‍යන්තරයට ගෙන යාමට මෙන්ම ඒවාට ඉහළ ආර්ථික වටිනාකමක් ලබා ගැනීමේ කාර්යයටත් දැවැන්ත ශක්තියක් වනු ඇති බවට ත් එය ශ්‍රී ලාංකික සංගීතයේ නව මානයන් සොයා යන කලාකරුවන්ට මහත් අස්වැසිල්ලක් වනු ඇති බවටත්  අපේක්ෂා කෙරේ.

kjhzdlkfje

| News 1st

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...