BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'බහුචිතවාදියා' සහ 'එහිම සුදුමැලිපිටපතක්'

T

The Leader Desk

May 28, 2025 • 4:30 PM

'බහුචිතවාදියා' සහ 'එහිම සුදුමැලිපිටපතක්'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනමාධ්‍යවේදියකු මෙන් ම සමාජ-සංසංස්කෘතික-දේශපාලන විචාරකයකු වන තිලක් කෝදාගොඩ සහෝදරයා විසින් ලියැවුණු නවතම කෘතිය වන
  • එහිදී මාලක දේවප්‍රිය, ධර්මසේන පතිරාජ වැනි යථාර්ථවාදී සිනමාකරුවෙකුගේ මාර්ගය ඔස්සේ යමින් සමාජ ප්‍රශ්න කතා කරන අතරම ඉන් ඔබ්බට යමින් තරුණයන්ගේ ජීවිතවල ආත්මීය පාර්ශ්වය ද හෙළිදරව් කිරීමට උත්සාහයක් ගෙන තිබෙන බව මෙහි දී පෙන්වා දෙයි.
  • ඔහු මතු කරන ආකාරයට න්‍යා‍ය සංවාද තලයෙන් ඉවතට ගෙන සමාජ භාවිතමය තලයකට ගෙන ඒම තමන්ගේ ආකල්පය බව පෙන්වා දෙයි.
  •   'බහුචිතවාදියා' පදනම් කර ගනිමින්, 'එහි ම සුදුමැලි පිටපතක්' ජනගත කිරිම ජුනි 11වනදා දාර්ශනිකත්වයේ බහුචිතවාදය    
අකුරු ප්‍රමාණය (Font Size):

 ‘එහිම සුදුමැලි පිටපතක්’ මාලක දේවප්‍රියගේ ප්‍රථම සිනමා නිර්මාණය වන “බහුචිතවාදියා” පදනම් කර ගනිමින් ජර්මානු විඥානවාදය, මාක්සියානු දේශපාලන ආර්ථික විද්‍යාව සහ ෆ්‍රොයිඩියානු-ලකානියානු මනෝවිශ්ලේෂණය හරහා කියවීමට ගන්නා උත්සාහයකි.

ඔහු මෙම කෘතිය හරහා, බොරෝමියානු ගැටයේ එක් ක්ෂේත්‍රයක් වන ‘මාක්ස්මය දේශපාලන ආර්ථිකය’ ගැන හා එහි ඇති සීමා ගැන මෙන්ම මිනිස් ආශාව පදනම් කරගත් මනෝවිශ්ලේෂණයේ බලපෑම හා පවතින දේශපාලන ආර්ථික ගැටළු මගින් සංකීර්ණ කර ඇති මිනිස් ජීවිතවල ආත්මීය සාධක වන මිනිස් සම්බන්ධතා හා ආදරය ඇතුළත් මානසික ක්ෂෙත්‍රයේ  කඩා වැටීම  "බහුචිතවාදියා" සිනමා කෘතිය ආශ්‍රයෙන් සාකච්ඡා කිරීමට උත්සාහ කරයි.

xcfgreb
සමකාලීන  තරුණයන්ගේ ජීවිත, පවත්නා ආර්ථික ක්‍රමයේ ගාමකයන් මගින් නන්නත්තාර කර තිබෙන ආකාරයත් ඔවුන් ආත්මීය වශයෙන් විශාල කඩා හැලීමකට ලක්වී තිබෙන ආකාරයත් කෝදාගොඩ මෙම විචාරය මගින් පෙන්වා දෙයි.

එහිදී මාලක දේවප්‍රිය, ධර්මසේන පතිරාජ වැනි යථාර්ථවාදී සිනමාකරුවෙකුගේ මාර්ගය ඔස්සේ යමින් සමාජ ප්‍රශ්න කතා කරන අතරම ඉන් ඔබ්බට යමින් තරුණයන්ගේ ජීවිතවල ආත්මීය පාර්ශ්වය ද හෙළිදරව් කිරීමට උත්සාහයක් ගෙන තිබෙන බව මෙහි දී පෙන්වා දෙයි.

පතිරාජ, වසන්ත ඔබේසේකර, සත්‍යජිත් මායිටිපේ හා නවක සිනමා අධ්‍යක්ෂ ජගත් මනුවර්ණ ආදීන්ගේ සමාජ ප්‍රශ්න තිරයට ගෙන එමින් ඒවා දේශපාලනික ලෙස සාකච්ඡා කිරීමට පෙළඹෙන සිනමා ප්‍රවේශයත් එයට වෙනස්ව බිහි වූ අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර, සංජීව පුෂ්පකුමාර වැනි සමාජ ප්‍රශ්න වෙනුවට ආත්මීය ප්‍රශ්න තේමා කරගත් සිනමා ප්‍රවේශයත් යන ප්‍රවේශ දෙක තුළම මාලකගේ සිනමාව ස්ථානගත කර ගැනීමට කෝදාගොඩ මෙහිදී උත්සාහයක් දරා ඇත.

ඔහු මතු කරන ආකාරයට න්‍යා‍ය සංවාද තලයෙන් ඉවතට ගෙන සමාජ භාවිතමය තලයකට ගෙන ඒම තමන්ගේ ආකල්පය බව පෙන්වා දෙයි. මේ ඔස්සේ යමින් මාක්ස්වාදී දේශපාලන ආර්ථික ප්‍රවර්ගයත්, ෆ්‍රොයිඩියානු ලැකානියානු මනෝ විශ්ලේෂණාත්මක ප්‍රවර්ගයත් සහ හෙගලියානු සමපේක්ෂණමය විඥානවාදී ප්‍රවර්ගයත් ආදී ප්‍රවර්ගයන් ඔස්සේ මාලකගේ “බහුචිතවාදියා” ට ප්‍රවේශ වෙයි.

 

උපුටා ගැනීම leftwin වෙබ් අඩවියෙන්

බහුචිතවාදියා ගැන පූර්ව වශයෙන් ලියැවුණු රචනා.
 

 
 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...