BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ලාංකීය මුසල්මානුවන් ගේ නාද කලාවේ ශේෂ වූ තැන් සොයායන Minarets

T

The Leader

October 3, 2023 • 1:05 AM

ලාංකීය මුසල්මානුවන් ගේ නාද කලාවේ ශේෂ වූ තැන් සොයායන Minarets

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලාංකීය මුස්ලිම් ජනතාවගේ නාද කලා හා ගීත සම්ප්‍රදායන් පිළිබඳ ගවේෂණයක් වන, නාද්‍යා පෙරේරා අධ්‍යක්ෂණය කළ ''Minarets'' වාර්තා චිත්‍රපටයේ
  • ඒ එදින හවස 5.45ට කොළඹ, PVR සිනමාශාලාවේ දී ය.
  • ලංකාවේ ප්‍රේක්ෂකයින්ට  තරමක් නුහුරු එකක්.  ඉස්සර  අපි පොඩි කාලේ නම් GFU (රාජ්‍ය චිත්‍රපටි අංශය)  එකෙන් කරපු Documentaries, 16mm Projector එකෙන් බැලුවා.
  • ඒවා හරි සියුම්.  ලංකාවේ මුස්ලිම් සංගීතවේදීන්, ගායක ගායිකාවන් අභාවයට  යන බවක් මේ සිනමාපටයේ කියවෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

සීමිත සිනමා ප්‍රදර්ශනය ඔක්තෝබර් 6 වැනිදා සිදු කිරීමට කටයුතු යොදා තිබේ.

ඒ එදින හවස 5.45ට කොළඹ, PVR සිනමාශාලාවේ දී ය.    

Minarets ජනවාර්ගික අධ්‍යනය සඳහා වූ ජාත්‍යන්තර කේන්ද්‍රය හා එක්ව ශ්‍රී ලාංකික ප්‍රසාංගික කලා අධ්‍යන කේන්ද්‍රය ඉදිරිපත් කිරීමකි.

Minarets වාර්තා චිත්‍රපට ගැන කලාකරුවන් සිය ෆේස්බුක් ගිණුම්වල තබා තිබූ අදහස් මෙසේය,


චිත්‍රපටය යථාර්ථයක් නම් අසන්ධිමිත්තා මොකටද?-අශෝක හඳගම-

Minarets කියන්නේ මොකක්ද කියලා බලන්න ෆෝන් එකේ තියෙන භාෂා ඩික්ෂනරිය එකට ගිහින් බැලුවා. ඒකෙ තියෙන්නෙ  ඊටත් වඩා අපබ්‍රන්ස යක්. ‘ප්‍රාසාදශාන්ගය’. කොහොම හරි  මුස්ලිම් පල්ලිවල උඩ තියෙන ගෙඩිය වගේ ඒකයි, ඒක වටේ තියන පුංචී ගෙඩි (කණු) හතර ටයි කියලා මට යාලුවෙක් කිව්වා. Minarets කියලා Documentary ෆිල්ම් එකක්, එනවා PVR ෆිල්ම් හෝල්  එකට. Documentary ෆිල්ම් එකක්, ෆිල්ම් හෝල් එකක නරඹන එක වෙනස් අත්දැකීමක්. ලංකාවේ ප්‍රේක්ෂකයින්ට  තරමක් නුහුරු එකක්. 

ඉස්සර  අපි පොඩි කාලේ නම් GFU (රාජ්‍ය චිත්‍රපටි අංශය)  එකෙන් කරපු Documentaries, 16mm Projector එකෙන් බැලුවා. ඊට පස්සේ Documentaries ලංකාවේ හැදුනට, ලොකු තිරේ  බලන්නට ලැබුණේ නැහැ. එකක් දෙකක් ඇරෙන්න. 
Minarets මට Online Link එක හරහා ෆෝන් එකේ පුංචියටත්, PVR ෆිල්ම් හෝල්එකේ ලොකුවටත් නරඹන්න ලැබුණා. අත්දැකීම් දෙකක්! පලවෙනි එකෙන් ලංකාවේ ඉපැරණි ගීත සම්ප්‍රදායක් පිළිබඳව තොරතුරු ගොඩක් දැනගන්න ලැබුණා. ඒත් දෙවෙනි එකෙන්, Documentary එකක ගැබ් වෙලා තියෙන ‘හැඟීම්’ සහ ‘සංවේදනා’ විඳින්න පුළුවන් වුණා. ඒවා හරි සියුම්. 

ලංකාවේ මුස්ලිම් සංගීතවේදීන්, ගායක ගායිකාවන් අභාවයට  යන බවක් මේ සිනමාපටයේ කියවෙනවා. ඒක හරි දුක හිතෙන කතාවක්. ඒත් එහෙම වෙන්නේ ඇයි කියන එක හොයාගන්න අපිට බාර කරනවා. ඒක දේශපාලනික හේතුවක් ද, නැත්නම්  ආගමික හේතුවක්ද, මේ දෙකම නොවෙන කාලයේ ප්‍රශ්නයක්ද  කියන එක ඇත්තටම ප්‍රශ්නයක්!

Minarets a Documentary by Nadya Perera October 6 වෙනි දා සිට PVR සිනමා ශාලාවල ගිහින් නරඹන්න.  

Screenshot 2023 10 03 at 11.53.17-ලක්මාල් ධර්මරත්න-

Minarets, කියන්නේ ලංකාවේ මුස්ලිම්වරුන්ගේ සංගීතය පිළිබඳව Nadya Bhimani Perera සහෝදරිය කරපු documetory එකක්. නාද්‍යා කියන්නේ අපිට ඉන්න ඉතාම දක්ෂ නිර්මාණකාරියක්. විශේෂයෙන් වාර්තා වැඩසටහන්වල.

මම නිතරම කියන දෙයක් තමයි සංස්කෘතික, ආගමික ඝර්ෂණයට ප්‍රධානම හේතුව තමයි අපි අනෙකාගේ සංස්කෘතික ආගමික වටිනාකම් ගැන තියන නොදැනුවත්කමේ "භය" කියන එක කියලා. හැම ආගමකම, සංස්කෘතිකයකම ඉන්න අන්තවාදීන්ට අනෙකා අන්ගේ හතුරා කියලා පෙන්නන්න ලෙසිම මෙන්න මේ නොදැනුවත්කම පාවිච්චි කිරීම. 

ලංකාවේ මුස්ලිම් සමාජය මේ ආසන්න දශක දෙක වෙනකල්ම අපිට ඉතාම ළඟින් උන්නේ. අපි පොඩිකාලේ ගියපු ගල්ගමුවේ කඩ බහුතරයක් මුස්ලිම්. කිසිම අවුලක් තිබුණේ නෑ. ගම්වලට මිරිස් වී ගෙනියන්න ආවෙ මුස්ලිම් වෙළෙන්දෝ. අපේ තාත්තලගෙ යාළුවෝ. ඒ ළමයි ඉස්කෝලෙ ගියෙත් එකටම. ඊටපස්සේ ආපු වහාබ් වැනි අන්තවාදී ඉස්ලාම් ආගමික අදහස් සහ ඊට සමාන්තරව ප්‍රතිපෝෂණය වුණු සිංහල බෞද්ධ මුස්ලිම් විරෝධයත් නිසා අපෙන් ඈතට ඈත්වෙමින් යන්නේ මෙන්න මේ අපේ හිතවත් මුසල්මානුවන්. ඇත්තටම මේ විරෝධය එන්නේ බටහිර සහ මැදපෙරදිග වෙළඳ ගැටුමේ ප්‍රතිඵලක් විදියට බව කාටවත්ම පේන්නේ නෑ.

ඔය සාමාන්‍ය මුස්ලිම් එකත් අපේ වගේය, උන්ගෙ ප්‍රශ්නත්, උංගේ ආතලුත් අපේ වගේමය කියන්න Minarets the Documentary හොඳ වේදිකාවක් හදනවා කියල මට හිතෙනවා.... බලමු.....
මම මෙක ඩෙඩිකේට් කරන්නේ මගේ ආදර තම්බියා Mohamed Nazafi Ugail ට.... මූ මගෙ ඕනැම මගුලක් කරගහන පවුලෙ එකා වගේ තම්බි මල්ලියා....  

ජවිපෙ ගත්තු ස්ටාන්ස් එකත් මරු - (චින්තන ධර්මදාස)-චින්තන ධර්මදාස-

නාද්‍යා කරපු මේ වැඩේ බලන්න යන්නම ඕන. ඊයෙම ටිකට් ගත්තා. එතකොටත් හොඳම සීට් පිරිලා. මුස්ලිම් අයට තහනම් වුනු සංගීතයේ ශේෂ වුනු තැන් හොයාගෙන යන සංස්කෘතික චාරිකාවක්. මේ සංගීතයේ වාරණය මගින් කියන්නෙ ආගමක් මගින් මිනිස් ආත්මයේ සෞන්දර්යට කෙතරම් හානියක් කළ හැකිද කියන කතාව. මේක පුළුල් තිරයකම බලන්න ඕන රූපාවලියක්. හොඳ හඩ මැදිරියකම රස විඳින්න ඕන සංගීතයක්. කෙටි කාලෙකට වුනත් ඩොකියුමෙන්ට්‍රියක් ලොකු තිරයකට එන එක කොයිතරම් අසිරිමත් ද?

ඔක්තෝම්බර් 06 හවස 5.45ට pvr එකේ තියෙන්නෙ. 

384795390 6364885120288449 1774971045216330976 n


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...