BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ජාත්‍යන්තරය ජයගත් රැෆෙලා ප්‍රනාන්දු - Mirrorarts විශේෂ කතාබහක්

T

The Leader

March 7, 2026 • 10:38 PM

ජාත්‍යන්තරය ජයගත් රැෆෙලා ප්‍රනාන්දු - Mirrorarts විශේෂ කතාබහක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැරණි සමාජ රාමුව තුළ කාන්තාවකට වෘත්තීයමය වශයෙන් තහංචි පැනවුණු ක්ෂේත්‍ර බොහෝමයක් තිබුණි. විශේෂයෙන්ම කැමරාව සහ ඡායාරූපකරණය යනු එවකට කාන්තාවකට එතරම් හුරුපුරුදු හෝ සමාජය විසින් පහසුවෙන් අනුමත කළ විෂය පථයක් නොවීය.
  • සමාජය "අකැප" යැයි සම්මත කළ දේ දක්ෂතාවයෙන් සහ නොසැලෙන අධිෂ්ඨානයෙන් ජයගත හැකි බවට ඇය මනා ආදර්ශයක් සපයයි.
  • ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව,  මේ සුවිශේෂී ජීවන අත්දැකීම් පිළිබඳව කතාබහ කිරීමට Mirrorarts YouTube නාලිකාව ඇයට ආරාධනා කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
එවැනි පටු සංස්කෘතික මතිමතාන්තර සහ තහංචි අභියෝගයට ලක් කරමින්, තමන්ගේ සහජ දක්ෂතාවය සහ අසීමිත කැපවීම මත ජාත්‍යන්තරය පවා ජයගත් ප්‍රවීණ නිර්මාණශීලී ඡායාරූප ශිල්පිනියක ලෙස රැෆෙලා ප්‍රනාන්දු වර්තමානය වන විට නොමැකෙන නාමයක් සනිටුහන් කර හමාරය.

ඇය විසින් නිර්මාණය කරන ලද RFCC (Raffealla Fernando Celebrity Calendar) සන්නාමය අද වන විට ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවී, දේශසීමා ඉක්මවා ගිය ප්‍රබල ජාත්‍යන්තර සන්නාමයක් බවට පත්ව තිබේ. 
 
ක්ෂේත්‍රය තුළ ඇයට මුහුණ දීමට සිදු වූ අතිමහත් අභියෝග සහ දුෂ්කරතාම ඇයගේ වෘත්තීය ගමන ශක්තිමත් කිරීමටත්, ඇයව ඉහළම තලයකට ඔසවා තැබීමටත් හේතු විය. සමාජය "අකැප" යැයි සම්මත කළ දේ දක්ෂතාවයෙන් සහ නොසැලෙන අධිෂ්ඨානයෙන් ජයගත හැකි බවට ඇය මනා ආදර්ශයක් සපයයි.
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව,  මේ සුවිශේෂී ජීවන අත්දැකීම් පිළිබඳව කතාබහ කිරීමට Mirrorarts YouTube නාලිකාව ඇයට ආරාධනා කළේය. ඇයගේ වෘත්තීය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයන්, මුහුණ දුන් බාධක සහ ජාත්‍යන්තරය දිනා ගැනීම දක්වා රැෆෙලා ප්‍රනාන්දු සමඟ කළ එම සම්පූර්ණ සහ හරවත් සාකච්ඡාව දැන් Mirrorarts YouTube නාලිකාව ඔස්සේ ප්‍රේක්ෂක ඔබට නැරඹිය හැකිය.
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...