BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

MY RED COMRADE : අළුත් පරම්පරාවට හොඳ පාඩමක් - (විෂ්ණු වාසු)

T

The Leader

March 28, 2024 • 2:41 AM

MY RED COMRADE : අළුත් පරම්පරාවට හොඳ පාඩමක් - (විෂ්ණු වාසු)  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුදත් මහදිවුල්වැව ගේ අළුත්ම චිත්‍රපටිය මයි රෙඩ් කොම්රේඩ් MY RED COMRADE.
  • පොලීසියෙන් පන්නාගෙන එනකොට හැංගෙන්ඩ තැනක් හොයන තරැණියයි, ඇයට ආරක්ෂාව සලසන්නට ඉදිරිපත්වෙන ලෑලි කාමරේට ජීවිතේ කොටු කරගත් වියපත් පුවත්පත් කලාවේදියයි.  විස්සයි විස්සේ විතර කාමරයක් ඇතුලේ රැවන් කොස්තා කැමරාව හසුරවන ආකාරය අගනේයි.
  • මේ කුඩා ඉඩකඩ ඇතුලේ වුව, ඇතැම් විට අංශක තුන්සිය හැටක් කැමරාව කරකවා රෑපගත කිරීම් කළ දර්ශනත් තියෙනවා.
  • මිලි මීටර අසූපහ, එකසිය දහය වාගේ Portrait lens භාවිතයෙන් හසුකරගත් රෑපරාමු සංස්කරණය කර ඇති ආකාරයත් අගෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


sudathසුදත් මහදිවුල්වැවසුදත් මේ වෘත්තාන්ත චිත්‍රපටිය හදන්නේ අවුරුදු දාහතක විවරයකට පස්සේ. ඒ කාල පරාසයේ සුදත් කළේ සිනමාව හදාරන ශිෂ්‍ය පරම්පරාවකට පාර කියා දුන්න එක.

MY RED COMRADE චිත්‍රපටිය මේ දූපතේ ප්‍රෙක්ෂකයින්ට අළුත් අත්දැකීමක් වෙයි. තිර පිටපතක් ලියාගෙන, නිශ්පාදකවරයෙකු සොයා ගන්නට ක්‍රමයක් නැතිව ලතවෙන පරම්පරාවට පාඩමක් වෙයි. 

My Red Comrade : ඔබ ඡන්දය හිමි වැඩිහිටියෙක් නම් මේ ඔබේ සිනමාවයි

 

චිත්‍රපටියේ නිශ්පාදන වියදම් අවමයි. රෑපගත කිරීම් දවස් හතරෙන් ඉවරයි. චිත්‍රපටියෙන් සියයට අනූ පහක්ම රෑගත කරන්නේ පොඩි ලෑලි කාමරක් අස්සේ. සරලව ලියනවානං 'ස්ටුඩියෝ එකක ගහපු සෙට් එකක.' සමස්ථ සිනමාපටියේම ප්‍රධාන චරිත දෙකයි. පොලීසියෙන් පන්නාගෙන එනකොට හැංගෙන්ඩ තැනක් හොයන තරැණියයි, ඇයට ආරක්ෂාව සලසන්නට ඉදිරිපත්වෙන ලෑලි කාමරේට ජීවිතේ කොටු කරගත් වියපත් පුවත්පත් කලාවේදියයි. 

විස්සයි විස්සේ විතර කාමරයක් ඇතුලේ රැවන් කොස්තා කැමරාව හසුරවන ආකාරය අගනේයි. මේ කුඩා ඉඩකඩ ඇතුලේ වුව, ඇතැම් විට අංශක තුන්සිය හැටක් කැමරාව කරකවා රෑපගත කිරීම් කළ දර්ශනත් තියෙනවා. ඒ රෑපරාමු වල පොඩි ඉන්ද්රජාලික ගතියක් දැනෙනවා. මිලි මීටර අසූපහ, එකසිය දහය වාගේ Portrait lens භාවිතයෙන් හසුකරගත් රෑපරාමු සංස්කරණය කර ඇති ආකාරයත් අගෙයි.

WhatsApp Image 2024 03 27 at 3.29.10 PM

MY RED COMRADE චිත්‍රපටියේ ශබ්ද මුසුකිරීම Sound Design සිනමා පටිය ඉතා ඉතා ඉහල අගයකට ඔසවා තබනවා. සංස්කරණය වූ රෑපරාමු අතර කාලය සහ අවකාශය මැනෙවින් තේරුම් ගෙන කළ නිර්මාණ කාර්යයක් එය. අපට දෘශ්‍යමාන රෑපවලට එපිටින් ඇහෙන්නට සලස්වන විශාල පරාසයක විහිදුනු ශබ්ද ප්‍රේක්ශකයා සිනමා පටියේ රෑපරාමුවලට ආසක්ත කරනවා. 

අවස්ථා දෙක තුනකදීම මට හිතුනා MY RED COMRADE තව ටිකක් සංස්කරණය වුනානම් හොඳයි කියලා. MY RED COMRADE හි සංගීත රචනය කිසියම් තේමාවක් පදනම්ව සිදුවුනා නම් එය චිත්‍රපටියේ සමස්ථ අගය ඉහල දමන්නට හේතු වෙන්නට තිබුනා. ඒවා සුදත්ට අයිති වැඩ. 

WhatsApp Image 2024 03 27 at 3.29.10 PM 2

මේ සිනමා නිර්මාණය මේ රටේ සිනමා කර්මාන්තයේ ඛේදවාචකයත් අපට සිහිපත් කරනවා. සුදත්ගේ 'සුදු කළු සහ අළු' අත දිග ඇරලා කරපු නිර්මාණයක්. හද්දා පිටිසරට වෙන්න දැක්කම ආසා හිතෙන දර්ශන තල. ඇති තරම් නළු නිළියෝ. මිනිස්සු, බස්, ට්‍රැක්ටර්, ලයිට්, ට්‍රැක්, ඩොලි වැහි වැහැපු චිත්‍රපටියක් ඒක. ඒ වුනාට MY RED COMRADE රෑපගත වෙන්නේ විස්සයි විස්සේ ලෑලි කාමරේක. ඒ තමයි මේ දූපතේ සිනමා කර්මාන්තය වැටී ඇති තැන. 

My Red Comrade : ඔබ ඡන්දය හිමි වැඩිහිටියෙක් නම් මේ ඔබේ සිනමාවයි

 

තමන් ලියූ තිර පිටපත රෑපරාමු වලට පෙරලා ගන්නට, පොඩි හරි බජට් එකක් හොයාගන්නට බැරිව ලතවෙන අළුත් පරම්පරාවට MY RED COMRADE හොඳ පාඩමක්.

අරගලයට දෙමළු එන්නැත්තේ ඇයි ? - විෂ්ණු වාසු(විෂ්ණු වාසු)  
ලේඛක /නිදහස් මාධ්‍යවේදී 
Villagemonk@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...