BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

සිංහල සිනමාවේ අලුත්ම පර්යේෂණය My Red Comrade - (සරෝජ් පතිරණ)

T

The Leader

April 6, 2024 • 11:17 PM

සිංහල සිනමාවේ අලුත්ම පර්යේෂණය My Red Comrade - (සරෝජ් පතිරණ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෝවියට් දේශයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න මම මොස්කව් නුවර බලා ගුවන් ගත වුණේ 1989 අගෝස්තු 20 වෙනිදා.
  •   ඉතින් C50 එකටයි අපි දෙන්නටයි කොයි තරම් අමාරු වුණත් කහට එකක් බොන්න හරි අපි නැවැත්තුවේ කොළඹටම ආවට පස්සේ.  කොහොම හරි ගාට ගාට කොළඹ ගිහින් ගාල්ලටත් ආවට පස්සේ තමා අපිට තරු විසි වුණේ.
  • ගෝඨාභය රාජපක්ෂ ඒ කාලේ ප්‍රේමදාසට, රනිල්ට 'සර්' කියපු සුවච කීකරු කර්නල් කෙනෙක්.    විනාඩි 90 ක් තිස්සේ චරිත දෙකක් එක්ක, එකම පෙට්ටි කාමරේක මේ තරම් අපූරුවට ප්‍රේක්ෂකයා රඳවා ගන්න සුදත් කරන මේ විස්කම ලේසී, පහසු වැඩක් නොවෙයි.
  • අවුරුදු 19ක විරාමයකින් පස්සේ ආයෙත් සිනමාවට අවතීර්ණ වෙලා සුදත් මේ කරන වැඩේ හරිම අපූරුයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එදා මම වගේ තවත් විසි හය දෙනෙක් එයරොෆ්ලොත් ගුවන් යානයේ හිටිය. 

ඒ ගමන වෙනුවෙන් පාස්පෝට් එක හදාගන්න කොළඹ ගිය හැටි මට තාමත් මතකයි. 

1989 ජුනි මාසේ අග විතර, නැත්නම් ජුලි මාසේ මුල මුළු ගාලු පාරම එහෙම පිටින්ම පාලුවට ගියපු දවසක තාත්තත් එක්ක කොළඹ ගියේ තාත්තගේ පරණ හොන්ඩා C50 මෝටර් සයිකලේ. 

යන එන ගමන් තැනින් තැන ගංගාවල පාවෙන මළ සිරුරු අපි දැක්ක. 

පාර පුරාම තිබුණේ මූසල පාලුවක්. මිනිස් පුළුටක් පාරක තොටක පේන්න හිටියෙත් නෑ. ප්‍රවාහන තහනමක් නොතිබුණත් පාර, තොටේ කිසිම වාහනයකුත් නෑ. හරියට ඇඳිරි නීතිය දාල වගෙයි. 

පාර පුරාම තිබුණේ මූසල පාලුවක්. මිනිස් පුළුටක් පාරක තොටක පේන්න හිටියෙත් නෑ.

 

ඉතින් C50 එකටයි අපි දෙන්නටයි කොයි තරම් අමාරු වුණත් කහට එකක් බොන්න හරි අපි නැවැත්තුවේ කොළඹටම ආවට පස්සේ. 

කොහොම හරි ගාට ගාට කොළඹ ගිහින් ගාල්ලටත් ආවට පස්සේ තමා අපිට තරු විසි වුණේ.

ගාල්ලට එන කොටම ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එකට "ගෝනි බිල්ලෙක්" ගෙනල්ල. 

කොළඹ පැත්තේ ඉඳල එන හැම කෙනෙක්ම ගෝනි බිල්ල හිටපු වාහනේ වටේ යන්න ඕනේ. අනිත් පැත්තේ ඉඳල එන අයත් එහෙමයි. සෑහෙන සෙනගක් බස් ස්ටෑන්ඩ් එකේ වටවෙලත් හිටිය. 

පොලිස් ජීප් එකේ ඉඳගෙන ඔලුව දාගෙන හිටපු ගෝනි බිල්ල ඔලුව වැනුවේ නැති නිසා එදා අපි ජීවිතේ බේරාගෙන ගෙදර ආව. 

 

redcom289 භීෂණ කාලේ වධ කඳවුරකදී ජීවිතේ බේරගත්ත හැටි කියපු වෙලාවේ මට එදා ගාල්ලේ ගෝනි බිල්ල මතක් වුණා.
මේ කතාව මට මතක් වුණේ සිකුරාදා (අප්‍රේල් 05) හවස සුදත් මහදිවුල්වැවගේ My Red Comrade සිනමා සිත්තමේ විශේෂ මාධ්‍ය දර්ශනයට එක්වුණු වෙලාවේ. 

කෝච්චි පාරක් යට පෙට්ටි කඩෙයක් තරම් පුංචි ලෑලි පෙට්ටි නිවහනක හැංගිලා ඉඳගෙන විප්ලවය වෙනුවෙන් ජීවිතය කැප කරපු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය 89 භීෂණ කාලේ වධ කඳවුරකදී ජීවිතේ බේරගත්ත හැටි කියපු වෙලාවේ මට එදා ගාල්ලේ ගෝනි බිල්ල මතක් වුණා.

'ඔහු' භීෂණ කාලේ දිවි ගලවා ගන්නේ වධකයින් කණ්ඩායමට සිරුරු ගිනි තියන්න පෙට්‍රල් මදිවෙන නිසා. ඒත් 'ඔහු' එක්ක කඳවුරේ හිටපු අනිත් හැම දෙනාම රාජ්‍යයේ ගහලයෝ වෙඩි තියල, පණ පිටින්ම පෙට්‍රල් දාල පුච්චලා දානවා. 

රාජ්‍යයේ ගහලයින් තරුණයින් ලක්ෂයක් විතර මරල දාපු ඒ භීෂණ කාලෙ රනිල් වික්‍රමසිංහත් ප්‍රේමදාස ජනාධිපතිගේ විශ්වාසවන්තම අනුගාමිකයෙක්. ගෝඨාභය රාජපක්ෂ ඒ කාලේ ප්‍රේමදාසට, රනිල්ට 'සර්' කියපු සුවච කීකරු කර්නල් කෙනෙක්. 

 

MY RED COMRADE : 'කොම්රේඩ්ඩුකාර දිවුලෝ. ආදරෙයි මචං' - (මංජුල වෙඩිවර්ධන)විනාඩි 90 ක් තිස්සේ චරිත දෙකක් එක්ක, එකම පෙට්ටි කාමරේක මේ තරම් අපූරුවට ප්‍රේක්ෂකයා රඳවා ගන්න සුදත් කරන මේ විස්කම ලේසී, පහසු වැඩක් නොවෙයි.

අවුරුදු 19ක විරාමයකින් පස්සේ ආයෙත් සිනමාවට අවතීර්ණ වෙලා සුදත් මේ කරන වැඩේ හරිම අපූරුයි. විනාඩි 90 ක් තිස්සේ චරිත දෙකක් එක්ක, එකම පෙට්ටි කාමරේක මේ තරම් අපූරුවට ප්‍රේක්ෂකයා රඳවා ගන්න සුදත් කරන මේ විස්කම ලේසී, පහසු වැඩක් නොවෙයි. 

ඇත්තටම ලෑලි කඩයක් අස්සේ දවස් හතරකින් මේ වගේ ඉස්තරම් නිර්මාණයක් කිරීම සුදත් සිංහල සිනමාවේ කරපු දැවැන්ත පර්යේෂණයක්. ඒක අලුත් පරපුරට කදිම මග පෙන්වීමක්. 

ප්‍රධාන නළු, නිලි දෙන්නගේ ප්‍රතිභාපූර්ණ රඟපෑම, storytelling කියන දේට අපූරුවට ශබ්දය යොදාගත් ආකාරය වගේම චිත්‍රපටයේ powerful ම කොටස දෙබස් කියල මට හිතුණ. ඒ බව මම සුදත්ටත් කිවුව. 



ඇන්තනි මින්ගේලා අධ්‍යක්ෂණය කරපු, මයිකල් ඔන්ඩච්චිගේ English Patient බැලුවේ මීට ගොඩාක් කාලෙකට කලින්. ඒත් ඒ film එකේ Ralph Fieness ගෙ සමහර දෙබස් මට අදත් මතකයි.  

සුදත් මහදිවුල්වැව My Red Comrade සිත්තමට එක් කළ සමහර දෙබස් ඛණ්ඩ ඒ වගේම හැමදාම මතක හිටින ඒවා කියල මට හිතෙනවා.

"විප්ලවය වෙන්න ඕන මහ පොලවේ නෙවෙයි," විප්ලවවාදියාගේ රහසිගත වාඩියට කඩා වැදුණු 'ඇය' (තරින්දි ප්‍රනාන්දු) පුන, පුනා කියනවා.

"විප්ලවය වෙන්න ඕන මිනිසුන්ගේ පපු කුහර ඇතුලෙ."

MY RED COMRADE : 'කොම්රේඩ්ඩුකාර දිවුලෝ. ආදරෙයි මචං' - (මංජුල වෙඩිවර්ධන)සුපුරුදු විදියටම ඉතාමත්ම දක්ෂ රංගනයක යෙදෙන තරින්දි

 

සුපුරුදු විදියටම ඉතාමත්ම දක්ෂ රංගනයක යෙදෙන තරින්දි, භීෂණ කාලේ තාත්ත මරා දාපු හැටි විස්තර කරද්දීත්, විප්ලවවාදියා වධකාගාරේ අත්දැකීම කියද්දීත් සුදත් මහදිවුල්වැව යොදාගන්න ශබ්ද සංකලනය My Red Comrade ට අපූර්වත්වයක් එකතු කරනවා. 

කොහොම වුණත් මට හිතෙනවා සුදත්ට film එක තව ටිකක් සංස්කරණය කරන්න තිබුණ කියල. 'ඔහු' සහ 'ඇය' හැරුණම චිත්‍රපටයේ අනිත් එකම චරිතය train එක. ඒත් සමහර වෙලාවට train එක ඕනවට වඩා ඇදෙනවද කියල මට හිතෙනවා. 

අනික තමා අවුරුදු 19ක්‌ම ගතවුණ නිසාද කොහෙද සුදත් එක චිත්‍රපටයක් ඇතුළේ ගොඩක් දේවල් කියන්න හදන බවක් පේනවා. 89 භීෂණය, ත්‍රස්ත විරෝධී පනත, විප්ලවය, සංස්කෘතිය, කාන්තා අයිතිවාසිකම් ... මේ ඔක්කොම එකම නිර්මාණයක් ඇතුළේ කතා කරන්න උත්සහ කිරීම නිසා සිනමා සිත්තම ටිකක් වාර්තාවක ස්වරුපයටත් යනවද කියල මට හිතුණා. 

 

දිවුලාගේ My Red Comrade : තරින්දි ඇස් මවිත කරනසුලු රංගනයකMy Red Comrade අපේ කාලේ සිංහල සිනමාවේ අපූරු පර්යේෂණයක්.  

මට දැනෙන විදියට ඒ වගේ සමහර අඩු පාඩු තිබුණත් My Red Comrade අපේ කාලේ සිංහල සිනමාවේ අපූරු පර්යේෂණයක්.  


(සරෝජ් පතිරණ)
BBC හිටපු මාධ්‍යවේදී
sarojpathi@gmail.com

(06/04/2024)



සබැඳි ලිපි :

'කොම්රේඩ්ඩුකාර දිවුලෝ. ආදරෙයි මචං' - (මංජුල වෙඩිවර්ධන)

දිවුලාගේ My Red Comrade : තරින්දි ඇස් මවිත කරනසුලු රංගනයක - (චින්තන ධර්මදාස)

MY RED COMRADE : අළුත් පරම්පරාවට හොඳ පාඩමක් - (විෂ්ණු වාසු)  

MY RED COMRADE : වම පිළිබඳ වඩා බරපතළ සංවාදයකට නිමිත්තක් - (ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන) 

MY RED COMRADE : ඔබ ඡන්දය හිමි වැඩිහිටියෙක් නම් මේ ඔබේ සිනමාවයි - (හිනිදුම සෙනවි) 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...