BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

My Red Comrade : මගේ රතු සහෝදරයා....- (බන්ධුල චන්ද්‍රසේකර)

T

The Leader

May 30, 2024 • 5:43 AM

My Red Comrade :  මගේ රතු සහෝදරයා....- (බන්ධුල චන්ද්‍රසේකර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජගත් සිනමාවේ අභාෂයලත්, සිනමා කලාවේ පිළිබඳ සතත අභ්‍යාසයේ යෙදුන සුදත් මහදිවුල්වැවගේ " My Red Comrade" සිනමා කෘතිය පිලිබඳව
  • රාත්‍රිය, අකුණු ගසන මහා වර්ෂාව සහ නිරන්තරයෙන් දිවෙන දුම්රියේ හඩ හා උස් පහත් බව රූපයේ මැවෙන රංගනය හා සිද්ධියම දෙබස් ඛණ්ඩ භාවමය අර්ථයකට නගයි.
  • තවද, සමාජ වෙනසක් වෙනුවෙන් විප්ලවවාදී අදහස් දෑරූ අති මහත් තරුණ පරම්පරාවකට එල්ල වු අමානුෂික මර්දනය කියා පායි...ඒ අනුව සිනමා කෘතිය දේශපාලනයෙන් වියුක්තව කතා කළ නොහැකියි...
  •   මෙම වස්තු බීජය තුළ ගොඩ නැංවෙන සිනමා ප්‍රකාශය, අපට වැදගත් මානුෂීය මැදිහත්වීමකට ආරාධනය කරයි...
අකුරු ප්‍රමාණය (Font Size):

මගේ කෙටි සටහන මෙහි සටහන් කරනුයේ මගේම අධ්‍යයනය සඳහා වූ උත්තේජනයක් ලෙසිනි.

සිනමා කෘතිය, සිනමා භාෂාවේ රූප රාමු, සිනමා සංගීතය, ශබ්දය හෙවත් හඩ පටිය, රංගනය හා ආලෝකය භාවිතය තුළින් ප්‍රේක්ෂකයාගේ මනස තුළ මවන තෙවැනි අර්ථපූර්ණ රූපය ඉතා ප්‍රබල එකකි. රාත්‍රිය, අකුණු ගසන මහා වර්ෂාව සහ නිරන්තරයෙන් දිවෙන දුම්රියේ හඩ හා උස් පහත් බව රූපයේ මැවෙන රංගනය හා සිද්ධියම දෙබස් ඛණ්ඩ භාවමය අර්ථයකට නගයි. එය දක්ෂ අධ්‍යක්ෂ වරයෙකුගේ ශිල්පීය නිපුණත්වය කියා පායි.. එබැවින් " My Red Comrade" සිනමා කෘතිය සිනමාව යනු කුමක්දැයි අපට කියා දෙයි...



සිනමා කෘතිය තුළින් දැක්වෙන කතා සාරය දෙවනුව කතා කළ යුතුය. එහි කතා බීජය මෙරට රැඩිකල්වාදී වාමාංශික ව්‍යාපාරයට මෙන්ම වර්තමාන සමාජ ක්‍රියාධරයන්ගේ සමාජ මැදිහත් වීමට අනුරූප වෙයි. තවද, සමාජ වෙනසක් වෙනුවෙන් විප්ලවවාදී අදහස් දෑරූ අති මහත් තරුණ පරම්පරාවකට එල්ල වු අමානුෂික මර්දනය කියා පායි...ඒ අනුව සිනමා කෘතිය දේශපාලනයෙන් වියුක්තව කතා කළ නොහැකියි... දේශපාලනය නියෝජනය කරයි...

 



මෙම වස්තු බීජය තුළ ගොඩ නැංවෙන සිනමා ප්‍රකාශය, අපට වැදගත් මානුෂීය මැදිහත්වීමකට ආරාධනය කරයි... එනම්, අප සිර වී සිටින ( විශේෂයෙන් රැඩිකල්වාදී වාමාංශිකයන් විසින් පතිවෘත්තාවක් බඳුව රකින) තම දෘෂ්ඨීවාදී මානුෂික සම්බන්ධතාවයන්ගෙන් මොහොතකට හෝ පිටතට පැමිණ මහ පොළොවේ යථාර්ථයට සවන් දෙන්න, ඒ පිළිබඳව සංවාදයේ යෙදෙන්න විවෘත වන්නේ නම් මිනිස් සන්තානයේ බොහෝ අදුරු අගාධයන්ට මෙන්ම එහි නිර්මාණාත්මක පාර්ශවයන් ට පිවිසිය හැකි යන්නයි..

 බලාපොරොත්තු රහිත වෙලාවක රතු සහෝදරයාට අභිමුඛ වෙන, සැකයට තුඩුදෙන භීතියට පත් තරුණිය සමග " මොනවා හරි කතා කරමු " කියමින් ඇරඹෙන සංවාදය කෙතරම් දුරකට ඔවුන් සමීප කරන්නේද යන්න සිනමා කෘතියේ එන විප්ලවීය මොහොත පමණක් නොව එම ජීවිත ද්විත්වයේ නැවත උත්පත්තිය යැයි මට සිතේ...

 

WhatsApp Image 2024 02 14 at 13.16.49 අප සිර වී සිටින තම දෘෂ්ඨීවාදී මානුෂික සම්බන්ධතාවයන්ගෙන් මොහොතකට හෝ පිටතට පැමිණ මහ පොළොවේ යථාර්ථයට සවන් දෙන්න, ඒ පිළිබඳව සංවාදයේ යෙදෙන්න විවෘත වන්නේ නම් මිනිස් සන්තානයේ බොහෝ අදුරු අගාධයන්ට මෙන්ම එහි නිර්මාණාත්මක පාර්ශවයන් ට පිවිසිය හැකි යන්නයි..

රාජ්‍ය මර්ධනය මෙන්ම රතු විප්ලවීය නැගිටීම් ද මෙරට තුළ අවිහිංසක නොවීය. සිනමාකරුවා අතින් ගිලිහෙන විප්ලවයේ අවිහිංසක නොවන පරාසය නිසා ඔහු සිනමා ප්‍රකාශයෙන් මතු කිරීමට උත්සාහ දරන සංස්කෘතික මිනිසා පිළිබඳව සහ සැබෑ විප්ලවය පිළිබඳ කතිකාව හුදු වචන හරඹයකට සහ බලෙන් අප මත පටවන්නට උත්සාහ කරන කෘතිම කරුණක් ලෙස මට දැනේ...



රාජ්‍ය මර්දනයේ කුරිරු බව හා එහි වින්දිතයන් වීම පිළිබඳ චරිත දෙකම තම ආත්ම ප්‍රකාශනයන් සිදු කරන අතරම තම ව්‍යාපාර තුළ හෝ විප්ලවීය ජීවිත තුළ තමන් මුහුණ දුන් අතිශය මානුෂික අභියෝග මතින් විප්ලවය පිළිබඳ සංවාදයක යෙදුණි නම්, සිනමා කෘතියෙන් නිර්මාණය කිරීමට උත්සුක වන "සංස්කෘතික මිනිසාට" ප්‍රබල අර්ථයක් සැපයෙනු ඇත. මහපොළොව මත මෙන්ම අපගේ හදවත් තුළ සිදුවිය යුතු විප්ලවයට අලුත් කතිකාවක් නිර්මාණය වෙනු  ඇති. එය " My Red Comrade" නිර්මාණකරු සුදත් මහදිවුල්වැවගේ ගැඹුරු අධ්‍යයනයෙන් ගිලිහී ගොස් තිබේ...

 

Sudath 2024.04.25මහපොළොව මත මෙන්ම අපගේ හදවත් තුළ සිදුවිය යුතු විප්ලවයට අලුත් කතිකාවක් නිර්මාණය වෙනු  ඇති. එය " My Red Comrade" නිර්මාණකරු සුදත් මහදිවුල්වැවගේ ගැඹුරු අධ්‍යයනයෙන් ගිලිහී ගොස් තිබේ


1516762955758
(බන්දුල චන්ද්‍රසේකර)
ජනරජ පක්ෂයේ මහ ලේකම්

banchasekara@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...