BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'බහුචිතවාදියා' ; මට අනුව ඔබත් මමත් අපි හැමෝම බහුචිතවාදීන් ය | Nishu Jayasooriya

T

The Leader

June 22, 2025 • 5:35 AM

'බහුචිතවාදියා' ; මට අනුව ඔබත් මමත් අපි හැමෝම බහුචිතවාදීන් ය | Nishu Jayasooriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්කයිප් භාවිතා කරණ, සිරස සුපර්ස්ටාර් වැඩසටහන විකාශනය වන ටෙලිවිෂනය ළඟම මිතුරා වූ කාල වකවානුව පෙන්වන චිත්‍රපටයක් බැවින් කෙනෙක්ට කිව හැකියි, මෙය සමකාලීන නොවන චිත්‍රපටයක් බව.
  • මෑතකදී පාස්පෝර්ට් ඔෆිස් පෝලිම් මතක් වනවානම් ඔබටම හිතේවි එදා තරුණයන්ගේ සහ අද තරුණයන්ගේ ආසාව සහ හීන වෙනස් නොවී ඇති බව.
  • ඒ සම්බන්ධතා ඇතුලේ පවා ස්ථීරත්වයන් නොමැත්තේ, ඔහුට ඔහුගේ ජීවිතයවත් ස්ථීර නොමැති නිසා සහ ඔහු බලාපොරොත්තු වන්නේ ඒ සම්බන්ධතා හරහා රට යාමට, ජීවිතය ගොඩ නගා ගැනීමට, සහ අවස්ථාවේ ආශ්වාදය ලබා ගැනීමට පමණි.
  • එය නොලැබෙන බව නොදැනුවත්වම වටහා ගන්නා බහුචිතවාදියා තීරණ නොගෙන තෝරාගැනීමක් නොකර ප්‍රතික්ෂේප කරන්නේ ඒ නිසාදෝ යැයි මට සිතේ.
අකුරු ප්‍රමාණය (Font Size):


නමුත් මිනිසුන් සමඟ සම්බන්ධතා පවත්වන "ස්කයිප්" අද වෙන විට ලෝකයේ භාවිතය නොමැති වූවත් වට්සැප්, මැසෙන්ජර්, ටින්ඩර් වැනි තව තවත් දියුණු වන සමාජ මාධ්‍ය ඇත. ඒ හරහාද වැඩිමනක් දෙනා සම්බන්ධකම් පවත්වන්නේ තමාගේ ආර්ථික තත්වය දියුණු කර ගැනීමේ අටියෙනි.

 

බහුචිතවාදියා'ගේ 'සෙක්ස්' ෆැන්ටසිය යනු ඔබගේ ලිංගික ආශාවම ද? | Athulasiri  Samarakoon

එදා තරුණ බහුචිතවාදියා ජීවිතය ගොඩ දා ගැනීමේ අරමුණින් "පාරෙ ඩ්‍රම්ස් ගහන්න හරි කමක්නෑ රට යන්න ඕනි" කියන දැඩි ආශාවෙන් සහ උවමනාවෙන් සිටියි. මෑතකදී පාස්පෝර්ට් ඔෆිස් පෝලිම් මතක් වනවානම් ඔබටම හිතේවි එදා තරුණයන්ගේ සහ අද තරුණයන්ගේ ආසාව සහ හීන වෙනස් නොවී ඇති බව.

බහුචිතවාදියා : මැයි 30 දා සිට ලාංකීය ප්‍රේක්ෂාගාරයට

 

මේ තරුණ බහුචිතවාදියා එක් එක් කාලවල් නියෝජනය කරණ (සම වයස්, විවාහ වුණ, විවාහ නොවී වයසට ගිය) කාන්තාවන් ආශ්‍රය කරයි. ඒ සම්බන්ධතා ඇතුලේ පවා ස්ථීරත්වයන් නොමැත්තේ, ඔහුට ඔහුගේ ජීවිතයවත් ස්ථීර නොමැති නිසා සහ ඔහු බලාපොරොත්තු වන්නේ ඒ සම්බන්ධතා හරහා රට යාමට, ජීවිතය ගොඩ නගා ගැනීමට, සහ අවස්ථාවේ ආශ්වාදය ලබා ගැනීමට පමණි. නමුත් ප්‍රශ්නයනම් ඔහුට ' තීරණ ' ගැනීමේ හැකියාවක් නොමැත්තේ ඇයිද යන්නයි. ඔහු එක් ස්තීර තීරණයක් ගැනීමට නොහැකි වීම නිසාම සියලු දේ අහිමි කරගනී.

මවගෙන් ලද පළමු රන්කිරි කටගෑමේ ආශ්වාදය සොයමින් යන ගමනේ ඔහුට කොතනදී හෝ එම "දෙය" යලි ලැබේවිද? එය නොලැබෙන බව නොදැනුවත්වම වටහා ගන්නා බහුචිතවාදියා තීරණ නොගෙන තෝරාගැනීමක් නොකර ප්‍රතික්ෂේප කරන්නේ ඒ නිසාදෝ යැයි මට සිතේ.

නන්දිකඩාල් හි වයලීන වාදකයා, ගොගොල් ගේ මළ මිනිස්සු සහ මාලකගේ බහුචිතවාදියා ….  | Harischandra Rodrigo

ඒ සම්බන්ධතා ගිලිහී ගියද, ඔහු සතු සියලු දේ නැති වී ගියද ඔහු ඔහුගේ ක්‍රමයෙන් මිදීමට සූදානම් නැත. ඔහු එකම චක්‍රයේ නැවත නැවතත් ගමන් කරයි. ඉතිං ඔබ සහ මමද ක්‍රමය කොයිආකාර වුවත් සම්බන්ධතා ඔස්සේ බලාපොරොත්තු වන්නේ තමාගේ දිවුණුව ළඟා කරගන්නේ කෙසේද සහ ආශ්වාදය ලබාගන්නේ කෙසේද යන්න නොවේද? ඉතිහාසය වගේම අනාගතයත් එයයි. ඉතිං ඔබට මට හැකිනම් මේ ආශාවන්ගෙන් තොර වන්න? මේ චක්‍රය බිඳිය හැකියි නේද? මේ ගමන නැවැත්විය හැකියි නේ ද?

බහුචිතවාදියා' සෙට් වීමට පෙර ලුණු ඇඹුල් සහිත හොඳම බයිට් එක | Jinasiri  Dadallage

 

කෙසේවෙතත් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන සසිතගේ අනාගතය පිළිබඳ නොසිතන, බහුපාර්ශ්වික ව්‍යථාව, තීරණයකට පැමිණීමට නොහැකි වීම, සහ සමාජයේ විවිධ බලපෑම් "අහඹුබාවය" (contingency) සහ "අනියමතාවය" (indeterminacy) සමඟ සමාන වේ. ඒ අනුව, චිත්‍රපටයේ චරිතයන්ගේ ජීවිතයද, ඔවුන්ගේ තීරණ හා අනාගතයද, සෘජුවම සමාජය හෝ පද්ධතියක් මත නොව, අහඹුව මත ක්‍රියාත්මක වේ.

සසිතගේ අනාගතය පිළිබඳ නොසිතන තත්ත්වය, ඔහුගේ තීරණ ගැන නොතීරණය වීම, සහ සමාජයේ බලපෑම් මත ඔහුගේ දිවිය හැරවෙමින් පවතින අයුරු මෙයසුගේ "අහඹු ලෝකය" සංකල්පයට සමාන වේ. මෙහිදී, චරිතයන්ගේ ජීවිතය කිසිදු නියමයකට හෝ තීරණයකට සීමා නොවී අහඹු ලෙස නොපිළිගත් බලපෑම් මත හැඩගැසෙයි.

 

බහුචිතවාදියා ගැන ඇත්ත සටහනක් | Rohana Warnakulasooriya
Malaka Dewapriya සිනමාකරුගේ නිර්මාණය අති විශිෂ්ට නිර්මාණයක් ඒ වගේම Kalana Gunasekara, Lakshman Mendis, Geetha Alahakoon, @Weena Jayakodi, Samanalee Fonseka, Damitha Abeyrathne මෙම නිර්මාණය සාර්ථක කරගැනීමට ඔවුන්ගේ උපරිම සහයෝගය ලබා දී තිබෙනවා.

මෙවැනි නිර්මාණ බිහිවීමට සිනමා කර්මාන්තය මෙම නිර්මාණකරුවන්ට අතහිත දීම සිදුවිය යුත්තක්..

nishu jayasooriya(සටහන | නිසූ ජයසූරිය)

උපුටා ගැනීම - Nishu Jayasooriya  ෆේස්බුක් පිටුවෙන්...


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...