BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

PVR ෆිල්ම් හෝල් එක පව්... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader

April 12, 2024 • 12:36 AM

PVR ෆිල්ම් හෝල් එක පව්... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වන් ගෝල්ෆේස් (One Galle Face) එකේ තියන PVR සිනමා ශාලාවට මම මේ වෙද්දී කිහිපවිටක් ගිහිල්ල තියනවා.
  • එහෙම හිතුණට ඒ සාප්පු සංකීර්ණය විනාශ කරන්න ඕනි කියල කවදාවත් හිතිලා නැහැ.
  • හැබැයි මේ දක්වා ලැබුණ හැම ආරාධනාවකටම අදාළ චිත්‍රපටය බැලුවට පස්සේ අර වන් ගෝල්ෆේස් එක හරහා එනකොට ලැබුණ ධනේශ්වර උද්දීපනය, ජීවිත ආශාව, අලුත්බව පරාජය කරන්න පුළුවන් තරමේ හැඟීමක් දෙන්න ඒ කිසිදු චිත්‍රපටයකට අවස්ථාව ලැබුණේ නැහැ.
  • ඒ නිසා අපි වගේ ආරාධනා ලබපු හිඟන්නෝ ටිකක් අර සිංහල ෆිල්ම් එකට ගියාට ෂොපින් මෝල් එකේ ඉන්න වෙන කවුරුත් සාමාන්‍ය දර්ශන වෙලාවටවත් එන්නේ නැතුව ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ සමහර චිත්‍රපටවල මංගල දර්ශනය හරි මාධ්‍යවලට වෙන්වෙච්ච දර්ශනය හරි බලන්න කියල ආරාධනාවක් ලැබිල. ඒ ආරාධනා කරපු ගොඩක් අධ්‍යක්ෂකවරුන්ට සැලියුට් කරන ගමන්ම මම ඒ ආරාධනාව පිළිගන්නේ (එන්නම බැරිවෙලා මඟ ඇරුණු එකක් දෙකක් ඇරුනම) චිත්‍රපටය බලන එකත් එක්ක අර වන් ගෝල්ෆේස් එකේ පොඩ්ඩක් ඉන්න ලැබීම ගැනත් හිතල. ඒ නිසා ෆිල්ම් එක පටන් ගන්න පොඩ්ඩක් කලින් මම කොහොමත් එනවා. 

 

ගෝල්ෆේස් - (E.R. ගිනිගේ)ගෝල්ෆේස් එකේ ඉඳන් මුහුද පොඩ්ඩක් බලල වන් ගෝල්ෆේස් එකට ගියාම අමුතු ෆීලින් එකක් දැනෙනවා.

ගෝල්ෆේස් එකේ ඉඳන් මුහුද පොඩ්ඩක් බලල වන් ගෝල්ෆේස් එකට ගියාම අමුතු ෆීලින් එකක් දැනෙනවා. ඒ අපේ රටේ හදපු නාගරික, අභිමානවත්, සාපේක්ෂව ලොකු ගෘහ නිර්මාණයක - සාප්පු සංකීර්ණයක - අපූර්වත්වය විඳීමත් එක්ක එන දෙයක්. පොඩ්ඩක් පිටරට ගියා වගේ හැඟීමකුත් එනවා. විශේෂයෙන් කෑගල්ලේ ඉඳන් යම් දුරක් ගෙවාගෙන කොළඹ එන මම ඒ ෆීලින් එක පොඩ්ඩක් විඳිනවා. 

පහතම මාලයෙන් කෑම මුකුත් කාල, නැත්නම් රස කේක් කෑල්ලක් කාල, නැත්නම් ඩෝනට් එකක් කාල, තේ එකක් හරි බීම එකක් හරි බොනඑක මගේ පුරුද්දක්. ගොඩක් වෙලාවට ඒවා කෑගල්ලේ නැහැ. ඉතිං මේ වන් ගෝල්ෆේස් පසු - නූතන වන්දනාව මට ටිකක් ලකානියානු විනෝදයක්. 

 

2gsjgna1uruv8X2R8t7XDv5HGXyHWCCu4rKmbB5pmEzjYScfVWLVAKcEYVBaAGDh9hro3f4cP3agSB5cByJ1DQR5fWQesUa14WwWxYaSdgwL1wYp94මොඩ් කොල්ලෝ කෙල්ලෝ - ගෝලීය වෙළඳ දැන්වීම් පසුතල - ලස්සන බිත්ති මේ ඔක්කොම ඇහැට වදින දේවල්. ඒවා දිහා බලාගෙන තමයි උඩට නගින්නේ.


ඉතිං පහත මාලයෙන් කෑම කාල තමයි හයවෙනි මහලේ තියන PVR හෝල් එකට යන්නේ. මම හිතන්නේ එලවේටර් පහක් විතර නගින්න තියනවා. ඒකත් ජොලි. ෆොරිනස්ල වගේම ලෝකල් අයත් එක සමානව ඉන්නවා. සාප්පු සංකීර්ණයේ හැම හැඩතලයක්ම ලස්සනයි. ඒ හැම හැඩතලයක් එක්කම ලස්සනට ඇඳගත්ත මනුස්ස පරාණ දැකගන්න පුළුවන්. මොඩ් කොල්ලෝ කෙල්ලෝ - ගෝලීය වෙළඳ දැන්වීම් පසුතල - ලස්සන බිත්ති මේ ඔක්කොම ඇහැට වදින දේවල්. ඒවා දිහා බලාගෙන තමයි උඩට නගින්නේ.

හැම හැඩ තලයකම කතාවක් තියනවා (minor-narrative), හැම කොල්ලෙක් කෙල්ලෙක්ගේ මූනෙම කතාවක් ලියවිලා තියනවා. නැත්නම් තමන්ගේම කතාවක් ලියාගන්න උවමනාකම තියනවා. හැම චරිතයකම වගේ ජීවමාන ගතියක් තියනවා, ආසා හිතෙනවා, ජීවිතය වැළඳ ගන්න තියෙනවා, මටත් තිබ්බනම් කියල හිතෙනවා. එහෙම හිතුණට ඒ සාප්පු සංකීර්ණය විනාශ කරන්න ඕනි කියල කවදාවත් හිතිලා නැහැ. තව තවත් යන්න හිතෙනවා මිසක්. 

170683724 470469301057021 1631183010111235143 nPVR හෝල් එකත් එහෙමයි. ඉතාම නූතන තාක්ෂණික ලක්ෂණ ඒකෙ තියනවා.

 

PVR හෝල් එකත් එහෙමයි. ඉතාම නූතන තාක්ෂණික ලක්ෂණ ඒකෙ තියනවා. හැඩතල තියනවා. ලස්සනක් තියනවා. ෆිල්ම් එකක් බලන්න හිතෙනවා. ඉතිං ඉහත ආරාධනා එක්ක බලන්න ලැබෙන ෆිල්ම් එක මොකක් හෝ වේවා ඒක අර සියල්ල පසු කරගෙන ගිහිල්ල බලනවා. වෙන එකක් බලන්නෙත් නැහැ. අරක බලන්න ඕනි නිසා.

හැබැයි මේ දක්වා ලැබුණ හැම ආරාධනාවකටම අදාළ චිත්‍රපටය බැලුවට පස්සේ අර වන් ගෝල්ෆේස් එක හරහා එනකොට ලැබුණ ධනේශ්වර උද්දීපනය, ජීවිත ආශාව, අලුත්බව පරාජය කරන්න පුළුවන් තරමේ හැඟීමක් දෙන්න ඒ කිසිදු චිත්‍රපටයකට අවස්ථාව ලැබුණේ නැහැ. මේක මට විතරක් තියන පුද්ගලික හැඟීමක් වෙන්න පුළුවන්. ඒ නිසා අනික් අය කලබල වෙන්න ඕනිත් නැහැ. 

 

කක්කුස්සි, ගැහැණුන්ගේ ළතෝනි, මුඩුක්කු, මිණීමැරීම්, ගණිකාවෝ, පොලිසි, කුණුහරප, චූ කරන එක, හොරු, මංකොල්ල කාරයෝ, ත්‍රාඩයෝ, පොලිසියට බයේ දුවන උං, පරාජයන්, වරදකාරී බව....පැයක් එකහමාරක් තිස්සේ දැකල විඩාබර වෙලා තමයි එළියට එන්නේ. ආකෘතික අත්හදා බැලීම් වුණත් සමහර වෙලාවට වෙහෙසකරයි.

එලවේටර් එකේ ආපහු පල්ලෙහාට එනකොට ආයෙත් අර ජිවමාන මිනිස්සු කෙල්ලෝ කොල්ලෝ සාප්පු ටික දැක්කට පස්සේ තමයි සාමාන්‍ය ලෝකෙට එන්නේ. කෘතියේ මෙලන්කොලියාවෙන් මිදෙන්නේ. 

ඒ කියන්නේ චිත්‍රපටයට වඩා වන් ගෝල්ෆේස් එක ලොකුයි. වගේම චිත්‍රපටයට වඩා ෆිල්ම් හෝල් එක ලොකුයි. මේ දෙකම අමතක කරන්න තරමේ සුවිසල් උත්ප්‍රේරණයයක් කලාකෘතිය දෙන්නේ නැහැ. උදාහරණ හැටියට ටයිටැනික් හරි, Avatar හරි, Everest හරි ගත්තොත් ෆිල්ම් හෝල් එක සහ තවත් ගොඩක් දේ අමතක කරන්න වාණිජ කලා කෘතියට පුළුවන්. 

 

image 79bad80168මම හිතන්නේ නැහැ ලංකවේ දැනට PVR හෝල් එක දැම්මට පස්සේ ''කලාත්මක'' සහ ''සම්භාව්‍ය'' ෆිල්ම් හදපු කිසිම කෙනෙක් PVR ෆිල්ම් හෝල් එකටවත්, වන් ගෝල්ෆේස් එකටවත් සාධාරණයක් කළා කියල.

කොහොමත් වාණිජ සිනමාව නොවන අපේ කෘති එහෙම මහා ලොකු වෙන්න ඕනි නැහැ. හැබැයි අත්දැකීමක් වශයෙන් පොඩි වෙන්න ඕනිත් නැහැ. මම හිතන්නේ නැහැ ලංකවේ දැනට PVR හෝල් එක දැම්මට පස්සේ ''කලාත්මක'' සහ ''සම්භාව්‍ය'' ෆිල්ම් හදපු කිසිම කෙනෙක් PVR ෆිල්ම් හෝල් එකටවත්, වන් ගෝල්ෆේස් එකටවත් සාධාරණයක් කළා කියල. සාංදෘෂ්ටික සාධාරණයක්, ජීවිතය ගැන උද්දීපනයක්, ජීවිතය වැළඳගැනීමක්, අනාගතයක්, ජයග්‍රහණයක්, වීරත්වයක් වගේ මුකුත් නැහැ.

ඒ නිසා අපි වගේ ආරාධනා ලබපු හිඟන්නෝ ටිකක් අර සිංහල ෆිල්ම් එකට ගියාට ෂොපින් මෝල් එකේ ඉන්න වෙන කවුරුත් සාමාන්‍ය දර්ශන වෙලාවටවත් එන්නේ නැතුව ඇති.  

අන්තිමට PVR එකට ගියේ සුදත් මහදිවුල්වැවගේ My Red Comrade බලන්න. Image එක ගත්තේ එයාලගේ ෆේස්බුක් පිටුවෙන්.  

 


(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...