BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

වාලම්පුරි : ධනේශ්වර අර්ථ ක්‍රමයක සවයිවල් එකේ සංකේතයක්.. | Ravi Siriwardhana

T

The Leader Desk

May 23, 2025 • 12:26 PM

වාලම්පුරි : ධනේශ්වර අර්ථ ක්‍රමයක සවයිවල් එකේ සංකේතයක්.. | Ravi Siriwardhana

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වාලම්පුරි බැලුව..සිනමා ශාලාවෙ වාඩි වෙනකොටම හිතට අපු සතුට කියන්න බැරි තරම්..සියලු අසුන් පිරී තිබුණ..ලාංකික සිනමාවෙ එහෙම ප්‍රේක්ෂකාගාරයක් දකින එක අපට තිබුණ හීනයක්..
  • හෙන දේශපාලනිකයි..ධනේශ්වර අර්ථ ක්‍රමය ඇතුළෙ වාලම්පුරිය කියන්නෙ මිනිස්සු ලුහුබඳින සිහිනවල ප්‍රකාශනයක්..ධනේශ්වර අර්ථ ක්‍රමයක සවයිවල් එකේ සංකේතයක්..
  • අපි වගේ මුළුමනින්ම වැඩවසම් ලක්ෂ වලින් නොමිදුණු අවවර්ධිත ධනේශ්වර සමාජයක විෂම චක්‍රය තමයි ලක්මාල් ධර්මරත්නගෙ ප්‍රකාශනයට පසුබිම් වන වැඩ විම..
  • හැබැයි මේ ධනේශ්වර විෂම චක්‍රය දැන් මීට වඩා සංකීර්ණයි.ටීටර් පෙන්නල නිධන් හාරන වැඩවසම් උපක්‍රම වගේ ම වාලම්පුරියක් ලුහුබඳින වණික් සමාජයට එහා ගියපු වෙළඳපොලක අපි ඉන්නෙ...ඒක එළියෙන් හෙන ස්මාට් උනාට ඇතුළෙන් හෙන කෲර වෙළඳ සමාජයක්..
අකුරු ප්‍රමාණය (Font Size):

ඉතින් සතුටු නොවී පුළුවන් ද ?

WhatsApp Image 2025 04 29 at 7.09.03 PM

"වාලම්පුරි"හෙන සංකේතාත්මකයි. හෙන දේශපාලනිකයි..ධනේශ්වර අර්ථ ක්‍රමය ඇතුළෙ වාලම්පුරිය කියන්නෙ මිනිස්සු ලුහුබඳින සිහිනවල ප්‍රකාශනයක්..ධනේශ්වර අර්ථ ක්‍රමයක සවයිවල් එකේ සංකේතයක්..

ධනේශ්වර වෙළඳපොළේ මිනිස්සු මොකක්හරි විකුණනව..දැනුම,භාණ්ඩ වගේම කායික ශ්‍රමය..එහෙම උපයන ධනය නැවත වියදම් කරවන්න ධනේශ්වරය විසින් ම නැවත හදනව බහුභාණ්ඩික උවමනාවල් ටිකක්..ඒකට මිනිස්සු ඇබ්බැහි කරනව සුපිරියටම....ඒ උවමනාවල් මිලයි..සියල්ලෝ ඒ විෂම චක්‍රයෙ ගොදුරු තමයි.


අපි වගේ මුළුමනින්ම වැඩවසම් ලක්ෂ වලින් නොමිදුණු අවවර්ධිත ධනේශ්වර සමාජයක විෂම චක්‍රය තමයි ලක්මාල් ධර්මරත්නගෙ ප්‍රකාශනයට පසුබිම් වන වැඩ විම.. ඔහු ඒකෙ අවලස්සන තැන් වගේ ම ඉතුරු පහදු වෙච්ච ලස්සන තැන් කීපයකුත් අල්ලනව..

හැබැයි මේ ධනේශ්වර විෂම චක්‍රය දැන් මීට වඩා සංකීර්ණයි.ටීටර් පෙන්නල නිධන් හාරන වැඩවසම් උපක්‍රම වගේ ම වාලම්පුරියක් ලුහුබඳින වණික් සමාජයට එහා ගියපු වෙළඳපොලක අපි ඉන්නෙ...ඒක එළියෙන් හෙන ස්මාට් උනාට ඇතුළෙන් හෙන කෲර වෙළඳ සමාජයක්..

අන්න ඒක එළියට ගන්න ලකා සිනමාව ඇතු⁣ළෙ අභ්‍යාස කරන්න ඕන කියල මම හිතනව..ලකාට ඒක බැරි නෑ..කොහොම උනත් මේ වැඩේ රහයි..

 



(සටහන | රවී සිරිවර්ධන)

උපුටා ගැනීම - Ravi Siriwardhana ගේ ෆේස්බුක් පිටුවෙන්....

සබැඳි ලිපි :


මධ්‍යම පන්තියේ මළ බෙර නාදය - වාලම්පූරි චිත්‍රපටයට පෙරවදනක් - ( දීප්ති කුමාර ගුණරත්න)

වාලම්පුරි ගැන කංසාමය කියවීමක් ; Spoiler Alert!!!!!!!!! (ඒ කියන්නෙ බලපු නැති උන් කියවන්න එපා) | Chinthana Dharmadasa

වාලම්පුරිය ගැන මගේ කියවීම සැකෙවින්  | Sumith Chaaminda

පිරිමි හීනවල කතාව: වාලම්පුරි | අජිත් පැරකුම් ජයසිංහ

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...