BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

SAFAL ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී “My Red Comrade” හොඳම චිත්‍රපටය සම්මානය දිනයි!

T

The Leader

September 10, 2025 • 3:27 PM

SAFAL ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී  “My Red Comrade” හොඳම චිත්‍රපටය සම්මානය දිනයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලාංකික සිනමාවට සුවිශේෂී ජයග්‍රහණයක් අත් කර දෙමින්, පසුගියදා, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි පැවති 7 වන වන දකුණු ආසියානු
  • දින ගණනක් පුරා පැවති ප්‍රදර්ශන සහ සාකච්ඡාවලින් පසුව, ජූරි සභාව කෙටි චිත්‍රපට සහ පූර්ණ-දිග විශේෂාංග කාණ්ඩ දෙකෙහිම ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කළේය.
  • සම්මාන උළෙල නිවේදනය කළේ සුවිශේෂී කතන්දර කීම, තාක්ෂණික විශිෂ්ටත්වය සහ සංස්කෘතික හා පරම්පරා සීමාවන් තරණය කිරීමට සිනමාවේ අද්විතීය හැකියාව අගය කරන බවයි.
  • මෙලෙස සම්මානයට පාත්‍ර වූ “My Red Comrade” චිත්‍රපටයෙන් සාකච්ඡාවට බඳුන් වන්නේ තරුණ නැගිටීම් සහ වසර ගණනාවක් පුරා පැවති ලේ වැකි සිවිල් යුද්ධය විසින් හොල්මන් කරන ලද සමාජ පසුබිමක කලාත්මක මිනිසෙකු අහිමි වීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

චිත්‍රපට, කලා හා සාහිත්‍ය (SAFAL) ජාත්‍යන්තර සිනමා උළෙලේදී  සුදත් මහදිවුල්වැව විසින් අධ්‍යක්ෂණය කළ “My Red Comrade” චිත්‍රපටය හොඳම වෘතාන්ත චිත්‍රපටය සදහා වන (Golden Lotus Award) සම්මානය දිනා ගැනීමට සමත් වූවා.

එමෙන්ම මෙම උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ ප්‍රහර්ෂ ඉඳුවර විසින් අධ්‍යක්ෂණය කළ “මතක වස්ත්‍ර” (the empty robe) කෙටි චිත්‍රපටය සදහා, දකුණු ආසියානු සිනමාවේ නැගී එන දක්ෂතා සහ විභවය පිළිබිඹු කරන පොරොන්දු වූ චිත්‍රපටයක් අගයමින් පිරිනැමෙන ජූරියේ විශේෂ දිරිගැන්වීමේ සම්මානය - ( New Horizons Jury Award) හිමි වීමද තවත් සුවිශේෂී ජයග්‍රහණයක් විය.

cfhe56g

වාර්ෂික උත්සවයක් ලෙස ඕස්ට්‍රේලියානු දකුණු ආසියානු සංසදය (ASAF) විසින් පවත්වනු ලබන මෙම SAFAL ජාත්‍යන්තර චිත්‍රපට උළෙල, දකුණු ආසියානු කතන්දර කීමේ පොහොසත්කම, විවිධත්වය සහ සමකාලීන හඬ ඉස්මතු කරන අතර, මෙවර ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පකිස්ථානය, නේපාලය, භූතානය, ඇෆ්ගනිස්ථානය සහ ඩයස්පෝරාව ඇතුළු රටවල් රැසක් නියෝජනය කරමින් වෘතාන්ත චිත්‍රපට, වාර්තා චිත්‍රපට, කෙටි චිත්‍රපට මීට ඉදිරිපත් වී තිබුණි.

දින ගණනක් පුරා පැවති ප්‍රදර්ශන සහ සාකච්ඡාවලින් පසුව, ජූරි සභාව කෙටි චිත්‍රපට සහ පූර්ණ-දිග විශේෂාංග කාණ්ඩ දෙකෙහිම ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කළේය. සම්මාන උළෙල නිවේදනය කළේ සුවිශේෂී කතන්දර කීම, තාක්ෂණික විශිෂ්ටත්වය සහ සංස්කෘතික හා පරම්පරා සීමාවන් තරණය කිරීමට සිනමාවේ අද්විතීය හැකියාව අගය කරන බවයි. මෙම වසරේ උළෙලේදී වෘත්තාන්ත චිත්‍රපට, වාර්තා චිත්‍රපට සහ කෙටි චිත්‍රපටවල සංක්ෂිප්ත වැඩසටහනක් ප්‍රදර්ශනය කරන ලදී.

ඒ අනුව පසුගිය සැප්තැම්බර් 06 වෙනිදා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කාසල් හිල් හි Pioneer රඟහලේදී මෙහි උත්කර්ෂවත් සම්මාන රාත්‍රිය පැවත්වුණ අතර මීට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මාර්ක් හොජ්ස් (Mark Hodges) සහභාගී වූ අතර, චිත්‍රපට නිෂ්පාදකයින්, කර්මාන්ත වෘත්තිකයන් සහ උද්යෝගිමත් ප්‍රේක්ෂක පිරිසක් ද සහභාගී වූහ.

සම්මාන උළෙලේදී ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත් කරමින් සිනමාත්මක පාරිශුද්ධත්වය, සුන්දරත්වය, දකුණු ආසියානු ආත්මය තුළ මුල් බැස ගත් කතා කීමේ විශිෂ්ඨත්වයට ගෞරව කරමින් හොඳම දකුණු ආසියානු චිත්‍රපටයට හිමි සම්මානය සුදත් මහදිවුල්වැවගේ “My Red Comrade.” චිත්‍රපටයට ප්‍රධානය කරන බව ජූරි සභාව නිවේදනය කළේය.

මෙලෙස සම්මානයට පාත්‍ර වූ “My Red Comrade” චිත්‍රපටයෙන් සාකච්ඡාවට බඳුන් වන්නේ තරුණ නැගිටීම් සහ වසර ගණනාවක් පුරා පැවති ලේ වැකි සිවිල් යුද්ධය විසින් හොල්මන් කරන ලද සමාජ පසුබිමක කලාත්මක මිනිසෙකු අහිමි වීමයි.

එමෙන්ම මෙම  චිත්‍රපටය සිනමාත්මක අත්හදා බැලීමක් ද වූ අතර ඔහු මිනිත්තු 90 කට ආසන්න කාලයක් එකම කාමරයක තබා ඇති චරිත දෙකක් සහිත චිත්‍රපටයක් නිර්මාණය කළේය. අඩි 20X20 ක එකම ස්ථානය ජාතික චිත්‍රපට සංස්ථාවේ (NFC) සරසවිය චිත්‍රාගාරයේ නිර්මාණය විය.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක ආසිරි ඇල්ලගේ සහ ජනප්‍රිය රංගන ශිල්පිනී තරින්දි ප්‍රනාන්දු නිරූපණය කළ අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සුදත් මහදිවුල් වැව වර්තමානයේ ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ සභාපති වරයායි.

ඒ අනුව ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලකදී සම්මානය ට පත්‍ර වෙමින් ලාංකීය සිනමාවට කීර්තියක් අත්කර දුන් “My Red Comrade” චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ඇතුළු සියළුම රංගන ශිල්පීන් මෙන්ම නිෂ්පාදන කණ්ඩායමට ද , සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වූ “මතක වස්ත්‍ර” කෙටි  චිත්‍රපටයේ අධ්‍යක්ෂක ප්‍රහර්ෂ ඉඳුවර ඇතුළු සියළුම නිෂ්පාදන කණ්ඩායමට ද අපගේ උණුසුම් සුබ පැතුම්

මතු දැක්වෙන්නේ SAFAL සිනමා සම්මාන උළෙලේ අනෙක් සම්මාන ලැබූ ජයග්‍රාහි චිත්‍රපට පිළිබඳ විස්තරයි.

පළමු අනුශූරතාවය - ( Breaking Boundries award)  Julian Karikalan විසින් අධ්‍යක්ෂණය කළ "Let's go below the rainbow"  (ඉන්දියාව/ඕස්ට්‍රේලියා) චිත්‍රපටය විසින් දිනා ගන්නා ලදී.

lets go below the rainbow movie
දෙවන අනුශූරතාවය- (Special jury recognition award)  Radheshyam Pipalwa  සහ Agnelo Angelo Braganza  විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘Mog Asum’ ඉන්දියානු චිත්‍රපටය විසින් දිනා ගන්නා ලදී.

Mog Asum
හොඳම කෙටි වාර්තා චිත්‍රපටයට හිමි සම්මානය Bakhtawar Tagar විසින් අධ්‍යක්ෂණය කරන ලද “NAAZ” (පකිස්ථානය/කැනඩාව) චිත්‍රපටයට හිමි විය.

හොඳම කෙටි චිත්‍රපට සම්මානය - (voice of south asia)  Sreejith Jayadevan විසින් අධ්‍යක්ෂණය කරන ලද “The Pocket Watch” (ඉන්දියාව/ඕස්ට්‍රේලියා) කෙටි චිත්‍රපටය සඳහා පිරිනමන ලදී.

හොඳම AI ජනනය කරන ලද කෙටි චිත්‍රපට සම්මානය, ඉන්දියානු අධ්‍යක්ෂ Harishankar Thiyagarajan ගේ ‘Prompted’ චිත්‍රපටයට පිරිනමන ලදී.

හොඳම සංගීතය හෝ සංගීතමය ආශ්‍රිත කෙටි චිත්‍රපටය සඳහා වන (The Rhythm of South Asia Award)  මහේෂ් රාජ් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඉන්දියානු චිත්‍රපටයක් වන ‘Bhoom Shankara’ සඳහා පිරිනමන ලදී.

Alborz Poursayad විසින් අධ්‍යක්ෂණය කරන ලද ඉරාන චිත්‍රපටයක් වන “Shepherd” දකුණු ආසියානු කලාපයෙන් පිටත හොඳම කෙටි චිත්‍රපටය වන (‘Beyond Borders Jury Award’) සම්මානය දිනා ගත්තේය.  


මූලාශ්‍රය -  Dailymirror.lk / mirrorarts.lk

 
 
image 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...