BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

එරන්දගේ 'අවතරනය' ; පොත නොකියවා කරන තුට්ටු දෙකේ ගොබ්බ විචාර ! | Sarath Premathilaka

T

The Leader

August 6, 2025 • 2:29 AM

එරන්දගේ 'අවතරනය' ; පොත නොකියවා කරන තුට්ටු දෙකේ ගොබ්බ විචාර ! | Sarath Premathilaka

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එරන්ද ගිනිගේ කියන්නෙ මට හම්බ වෙච්ච සයිබර් යාලුවෙක්.
  • භාෂාව ඇතුළෙ බඩ පිලුම් ගහන්න පුළුවන් මිනිස්සු අතරේ එරන්ද ගිනිගේ කියලා කියන්නේ දක්ෂයෙක්.
  • කැමරාකාරයොයි යූ ටියුබ් කාරයොයි රූපවාහිනී චැනල් කාරයොයි සේරම අය මහින්දයි ගෝඨාභයයි ඇතුළට එනකොට ෆොටෝ ගත්තා.
  • පරක්කු වෙලා පටං ගත්ත උනත් වැඩේ මාස්ටර් ප්ලෑන් එකක් ඇතුලෙ සිද්ද වෙන ගතියක් තිබ්බ.
අකුරු ප්‍රමාණය (Font Size):

මං එරන්ද ලියන හැම රෙද්දම කියවන මිනිහෙක්. මම ආසම කෑල්ල තමයි එරන්දගෙ හැම ලිපියක් යටින්ම තියෙන ධර්මය ඔබට මග වේවා කියන කෑල්ල. මිනිහා තමන්ගේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වලට කුඩුවෙන්න ගහලා කිච කරලා පජාති කරලා අන්තිමට ලියනවා බය නැතුව ධර්මය ඔබට මග වේවා කියලා. මම ඒකට හරිම කැමතියි.

භාෂාව ඇතුළෙ බඩ පිලුම් ගහන්න පුළුවන් මිනිස්සු අතරේ එරන්ද ගිනිගේ කියලා කියන්නේ දක්ෂයෙක්. කොටින්ම එරන්ද කියන්නේ සූක්ෂම මිනිහෙක්. එරන්ද තමයි මට කිව්වේ, උඹ කැලේ සින්දු කියන කොට කුරුල්ලොන්ට බාධාවක් වෙනවයි කියල උන්ගේ නින්දට. අන්න ඒ තරම් දේවල් හිතන මිනිහගෙ පොතක් එළි දක්වනකොට මට එන්න ඕනකම ලොකුවටම දැනුනා. ඒ වුනාට ලිපිවල අන්තිමට ලියන ධර්මය ඔබට මග වේවා කියන එක ගැන පොඩි කුකුසකුත් තිබුණා.

awa3

එරන්දගේ " අවතරනය" කියන පොත එළිදැක්වීම කියන්නේ එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් නෙවේ කුරුල්ලො දහය පහළොවක් විතර මරන්න ප්ලෑන් කරපු එකක්. කොච්චර කට්ටිය වාඩිවෙලා පැය භාගයක් විතර බලාගෙන හිටියත් මහින්දයි ගෝඨාභයයි එනකන් පටන් ගත්තේ නැහැ. කැමරාකාරයොයි යූ ටියුබ් කාරයොයි රූපවාහිනී චැනල් කාරයොයි සේරම අය මහින්දයි ගෝඨාභයයි ඇතුළට එනකොට ෆොටෝ ගත්තා. වීඩියෝ කරා.. කොටින්ම ඒගොල්ලො එනකොට වාඩිවෙලා හිටපු මුළු සේරම නැගිට්ටා. හරියට නිකන් බුදු හාමුදුරුවෝ ජේසු කෙනෙක් අල්ලාල් එනකොට නැගිටිනවා වගේ. ඉස්සරහ පේළි වල හිටපු හාමුදුරුවරු නැගිට්ට ද නැද්ද කියලා මට හරියට බලාගන්න බැරි වුණා. මට මහින්දයි ගෝටයි එනකොට මොන මගුලකටද නැගිටින්නෙ කියල හිතිල නැගිට්ටෙම නෑ. මම විතරයි නැගිට්ටෙ නැත්තෙ. නිර්මාල් කාරයත් නැගිට්ට. මම ඇහුව ඇයි උඹ නැගිට්ටෙ කියල. නිර්මාල් කිව්ව වවුලගෙ ගෙදර ගියාම ඒ විදියට ඉන්න පුරුදු වෙන්න කියල. මෙන්න බොලේ තෙල් පාන් පත්තු කරල පංසිල් දෙන්න ගත්ත. මෙන්න මම නැගිටලා. මහින්දයි ගෝටාබයයි එනකොට නොනැගිට්ට මම මොකෝ පංසිල් දෙනකොට නැගුට්ටෙ ? මට ඒ ගැන ලැජ්ජැයි.. කමක් නෑ.. බුදුන් කියන්නෙ නැගිට්ටට පාඩුවක් වෙන්නෙ නැති කෙනෙක් නේ කියල හිතට උත්තරයක් දුන්න.

awa5

 

එනවුසින් කරපු ගෑණු ළමය කට ඇරපුගමන් අපට කිව්ව මේ පොත මහා අමුතු පොතක්.. මේක ලංකාවේ සංධිස්ථානයක්.. මේක ඔබේ ජීවිතේ වෙනස් කරන්නට නියමිතයි.. බොරු කියන්නේ මොකටද . මට නං ඒ මනුස්සය හරි ගියේම නෑ.. එයා මොකටද අපිට පොත ගැන කණ්ණාඩි හදලා දෙන්නේ.. අඩු ගානේ දීප්ති හරි ධම්මේ හරි පොත දිහා බලන්න කණ්නාඩියක් හදලදුන්න නම්  කමන් නෑ.. හැබැයි එයා හරි ලස්සනට ඇඳලා හිටියා. උසේ හැටියට මහතත් හොඳට තිබුණා. ඇඳුම හරිම නීට්. ඇහි බැමි ලිප්ස්ටික් ලයින් අයි බ්රෝ සාරියේ රැළි ගානට තිබ්බ.. ඒ උනාට එයා මේ පොත ලංකාවේ සමාජයේ වෙනස්කරාවි මේක තමයි මේ මොහොතේ හොඳම පොත වගේ පඩත්තල කතා කියන්න ඕනේ නැහැනේ..

හිටපු ගොඩාක් අය හොඳට ඇඳල හිටිය. ඒ ගොඩාක් අය හරි පුශ්ටිමත්. සුදුයි.. මං හිටියෙ පස්සෙම පේළියේ.. ඉස්සරහම පේළිවල තට්ට ගොඩාක් තිබ්බ. ඒ හාමුදුරුවරු . ගොඩාක් අය ඉංග්‍රීසියෙන් කතා කරා.. ඒ ඉංග්‍රීසි සිංහලෙන් හිතල ඉංග්‍රීසි කතා කරන බය වෙවී ඉංග්‍රීසි කතා කරන අයම නෙවේ. එරාගෙ පවුලෙ අය සහ ඉවෙන්ට් එක  ඕර්ගනයිස් කරපු අය මේ අපි වගේ ගොං කබරු නෙවේ හරිම වැදගත් ඩීසන්ට් ලුක් එකක් තිබ්බ. පරක්කු වෙලා පටං ගත්ත උනත් වැඩේ මාස්ටර් ප්ලෑන් එකක් ඇතුලෙ සිද්ද වෙන ගතියක් තිබ්බ.

awa 6
මට හිතුනෙ මේක පොතක් එළියට එන එකක් වගේ උනාට ඊට අමතර තව ගොඩාක් ඒව මේක ඇතුළෙ තිබ්බ..මහින්දයි ගෝටයි ආව විතරයි පොටෝ මෝලවල් කැමරා වීඩියෝ කාරයෝ කඩියො වගේ .

ධම්ම දිසානායක කතා කරා. ධම්මය බරක් තියෙන මිනිහ. මං ආසම කෑලි කීපයක් ඒ කතාවෙ තිබ්බ. ඌ කිව්ව මෙතන ඉන්නෙ කවුරු උනත් දැන් ඉතින් එහෙම ඉරි ගහල වෙන් කරල මෙයා කාගෙද කාගෙ පාර්ශවයද මෙයා අරයගෙ මෙයා මෙයාගෙ  අරය අර මතවාදේ මෙයා මේ පැත්තෙ නේ කියල වෙන් කරන්න බෑ නේ.. ඒ නිසා බය නැතිව කතා කරන්න පුලුවන් කියල. ඌ ඒ කිව්වෙ ලොකු කතාවක්. තව කිව්ව බලය කියන සාධකය ගැන. බලය කියන විශාල පදාසයේ  යුක්ති යුක්ත කොටස විතරයි මහජනතාව දේශපාලකයකට දීල තියෙන්නෙ. එහෙම නැතිව මුලු සේරම නෙවේ කියල..

මිනිහ තව මරු එග්සාම්පල් එකක් ගෙනාව. ඒක ටිකක් සයිකොලොජි වලට අදාල කෑල්ලක්.. හරිනම් ඒ කෑල්ල කියන්න ඕන දීප්ති.  කමක් නෑ. ධම්මගෙ ඇතුළෙ දීප්තිගෙ ශුක්‍රාණුවක් තියෙනව.. තමන්ගෙ ජීවිතයේ ඉරණම තීරණය කරන්න මහ ජනතාව තීරණය කරනව කියල. හැබැයි ඒ සියල්ලම නෙවේ කියන කාරණාව වැදගත් අදහසක්. ප්‍රාදේශීය ලේකම්වරු යන කැබ් එකේ "දිසාපති කියලා බෝඩ් එකක් ගහගන්න එකේ මානසිකත්වය පවා කතා කරා. මං හරි ආසයි දිසාපතිවරු කියල ගහපු බෝඩ් එකට මිනිස්සු හිනාවෙනවට.. ඒක ප්‍රා ලේ කියල දැම්ම නම් හරි නේ.

 

awa4
ඒ වගේම ධම්මෙ පොත හරහා ගෙනාව අනෙත් කරුන තමා මේ මතුපිටින් තියන ඇහැට කනට පේන්න තියෙන දේශපාලන ක්‍රියාකාරකම් වලට යටින් පවතින සම්බන්ධතා මෙන්ම මිනිසුන්ගේ පුද්ගලික උපාය උපක්‍රම සහතක්කඩිකම් කොයිතරම් මහේශාක්‍ය දේශපාලනයට කොයි තරම් නම් බලපානවද කියන කාරණය...

ඔන්න ඊළඟට වේදිකාවට ආවේ දීප්ති.. දීප්ති බය නැතුව කිව්වා එයාගේ කාර් එක ගත්තේ මහින්දගේ සල්ලි වලින් කියලා.. දීප්ති කිව්වා අනුර අවුරුදු ගානක් කරේ මිනිස්සුන්ට හිනාවෙච්ච එක.. ඉස්සරහට එයාට මිනිස්සු හිනහ වෙන්න බලන් ඉන්නවයි කියන කාරණය. දීප්ති තව ලස්සන කාරණයක් මතු කරා..එයා මතු කරා මෑත කාලයේ ජනාධිපතිවරු බවට පත් වූ අය ආරම්භයේදී විමුක්ති කාමීන් ලෙස පෙනුනද ජනතා හිතවාදීන් ලෙස පෙනුනද කොටින්ම ලංකාව බේරගනීවී කියලා පෙනුනද අන්තිමට කිච වෙලා ජෝක් වෙලා පජාති වෙලා පරාද වෙන හැටි. එහෙම වෙන්නෙ ඇයි කියල දීප්ති කතා කරා.

 

දීප්ති උවිඳුට කුඩු වෙන්න ගැහුව. දීප්ති වම්මුන්ගෙයි ලිබරල් වාදීන්ගෙයි රෙදි ගැලෙව්ව කිසිම බයක් නැතිව. මම ඒකට ආසයි. උවිඳු කිච කරපු එකටත් කැමැතියි. දීප්තිගෙ කතා කියන්නෙ වෙනම කතාවක්. මම දීප්තිට ගූ බයයි. ඒ නිසා ඒ ගැන වැඩිය කතා කරන්න කැමති නැහැ.

නිර්මාල් මේ කතා දෙකම අහන්නැතුව යන්න ගියා. මං ඇහුවා මොකෝ මචං යන්නෙ කියලා. පහට පන්තියක් තියෙනවා ළමයින්ට උගන්නන්න ඒක වැදගත් මීට වඩා කියලා කිව්වා.. මං ඇහුවා මොකෝ මචං එරන්ද ගිනිගේ ගේ මේ වැඩේ ගැන උඹට හිතෙන්නෙ කියලා. "කුණු එකතු වෙන්නේ කුණු ගොඩටමනේ මචං..මේ වෙලේ මුන් ඔක්කොම එකතු වෙන එක ඇරෙන්න වෙන විකල්පයක් නෑ" කියල  ඌ උගේ සුපුරුදු කිච හිනහව දාලා නැගිටලා යන්න ගියා..

කොහොම වුනත් ඉක්මනින්ම මේ පොත කියවන්න ඕන. එරන්ද ගිනි ගේ කියන්නේ සෙල්ලම් මිනිහෙක් නෙවෙයි කියලයි මට හිතෙන්නේ. කරුණාකරලා NPP එක එරන්ද ගිනිගේ ව හදාරන්න ඕන. මම NPP එකේ හරි හමන් එකෙක් දැක්කෙ නෑ මේකට ඇවිල්ල ඉන්නව. හරිනම් එන් පී පී කාරයො මේව ගැන බයිනොකියුලර් එකක් දා ගත්ත උකුස්සො වගේ මේව දිහා බලං ඉන්න ඕන..

 

527722861 10237616900379134 3756093794469673582 n
මට බොන්න පුලුවං කාලයි තව චුට්ටයි. ඒ උනාට මම මේක ලිව්වෙ බාගයක් ගහල...

(සටහන | සරත් ප්‍රේමතිලක )

උපුටා ගැනීම - Sarath Premathilaka ගේ ෆේස්බුක් පිටුවෙන්...

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...