BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

Sex Education ලබා නොදුන්නොත් දරුවන් හොඳින් හෝ නරකින් එය ගන්නවා - වෛද්‍ය හංසි සමරතුංග

T

The Leader

December 20, 2024 • 5:06 AM

Sex Education ලබා නොදුන්නොත් දරුවන් හොඳින් හෝ නරකින් එය ගන්නවා -  වෛද්‍ය හංසි සමරතුංග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අසංක සායක්කාර ගේ අධ්‍යක්ෂණයක් වන ''සින්ටෝ'' කියන්නේ මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශනය වන ටෙලිනාට්‍යයක්.
  • එලෙස අවධානයක් යොමු වීමට විශේෂම හේතුව වුයේ ඇගේ බාහිර පෙනුමත් ඇය සිදු කරන්නේ රංගනයක් බව ප්‍රේක්ෂකයාට නොවැටහීමත් ය.
  • එ නිසාම ඒ ඇය ගැන සොයා බැලීමේ දී දැනගන්නට ලැබුණේ ඇය ඇත්තටම වෛද්‍යවරියක් බවය.
  • පසුගිය දා හංසි Mirror Arts youtube නාළිකාවේ Mirror Mirror වැඩසටහනට එක් වූ අතර එහි දී කලාව පිලිබඳවත් සමාජය පිලිබඳවත් ඇය බොහෝ දේ ප්‍රකාශ කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):

ගැබිණි මව්වරුන් හයදෙනෙකු ඔවුන් ගේ ගර්භණී සමයේ මුහුණ දෙන ගැටළු මුල්කරගෙන ''සින්ටෝ'' ටෙලිනාට්‍ය ගෙතෙන අතර එලෙස ගැබ්බර වී සිටින්නේ විවිධ වයස් මට්ටම්වල කාන්තාවන් වීමම නාටකයේ විශේෂ ලක්ෂණය ක්.

ඒ අතරින් කාගේත් අවධානයට යොමු වූයේ එම ටෙලිනාට්‍යයේ සිටින වෛද්‍යවරිය යි. මින් පෙර ටෙලි නාට්‍යකවත්, සිනමාවේවත් දැක නැති මේ අමුතු දොස්තර නෝනා කව්රුන් දැයි කාගේත් අවධානයට යොමු විය. එලෙස අවධානයක් යොමු වීමට විශේෂම හේතුව වුයේ ඇගේ බාහිර පෙනුමත් ඇය සිදු කරන්නේ රංගනයක් බව ප්‍රේක්ෂකයාට නොවැටහීමත් ය. එ නිසාම ඒ ඇය ගැන සොයා බැලීමේ දී දැනගන්නට ලැබුණේ ඇය ඇත්තටම වෛද්‍යවරියක් බවය.

sinto 3

 

ඒ සින්ටෝ ටෙලිනාට්‍යයේ වෛද්‍ය සාවිත්‍රීගේ චරිතය නිරූපණය කරන ඇය වෛද්‍ය හංසි සමරතුංග ය.

පසුගිය දා හංසි Mirror Arts youtube නාළිකාවේ Mirror Mirror වැඩසටහනට එක් වූ අතර එහි දී කලාව පිලිබඳවත් සමාජය පිලිබඳවත් ඇය බොහෝ දේ ප්‍රකාශ කළාය.

Teenage Pregnancy ලංකාවේ සුලභ දෙයක් බවට පත් වී තිබෙන බව පවසමින් ඇය පවසා සිටියේ පවතින පාසල් අධ්‍යාපනය තුළ ලිංගික අධ්‍යාපනය ප්‍රමාණවත් නොවන බවත් නිසැකයෙන්ම දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදිය යුතු බවත් එසේ නිසි ආකාරව එය ලබා නොදුන්න හොත් දරුවන් හොඳින් හෝ නරකින් එය ලබාගන්නා බවත් ය.

htyeqwq23imagesඑමෙන්ම බොහෝ දෙනකු එළිපිට කතා කිරීමට මැළිවෙන ගබ්සාව යන මාතෘකාව පිළිබඳවත් අදහස් දැක්වූ වෛද්‍ය හංසි පවසා හිටියේ මේ වන විටත් ලංකාව තුළ නිතී විරෝධී ආකාරයේ ගබ්සා සිද්ධ වන බව ය. එසේම ගබ්සා පිළිබඳව ඇයගේ පෞද්ගලික මතය කුමක් දැයි යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් හංසි කියා සිටියේ තම දරු ගැබ ඉදිරියට පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න තීරණය කිරීමේ අයිතිය කාන්තාවකට තිබිය යුතුයි යන්න යි.

 

වර්තමාන සමාජය තුළ මානසික පීඩනය වැඩි වීම සහ විශාදය වැනි රෝග තත්වය පිළිබඳව ද ඇය අදහස් දැක් වූ අතර වර්තමාන පාසල් ළමුන් පිළිබඳවත් එම සාකච්ඡාවේ දී අදහස් දැක්වී ය. හංසි තම ජීවිතය ගැන මෙන්ම මේ සමාජයේ විවිධ පැතිකඩ ගැන Mirror Arts සමඟ විවෘතව කතා කිරීමට කටයුතු කළා ය.

කොළඹ වෛද්‍ය පීඨයෙන් ඉගෙන ලැබූ හංසි ඉන් පසුව සෝමලතා සුභසිංහ Play House ආයතනයේ රංගනය හදාරා වේදිකාවෙන් කලාවට අත් පොත් තබා ටෙලිනාට්‍ය තුළට අවතීර්ණ වී ඇත. මේ වන විට රත්නපුර රෝහලේ වෛද්‍යවරියක් ලෙස කටයුතු කරන හංසි සමරතුංග Mirror Arts වෙත කියා සිටියේ කලාව ඇගේ වෘත්තීය ජීවිතය තවත් ආලෝකමත් කළ බවත් කලාව ඕනෑම වෘත්තීයකට සෘජුව බලපාන බවත් ය.

 

සටහන : දිනිත ජයරත්න

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...