BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

වාලම්පුරි ගැන කංසාමය කියවීමක් ; Spoiler Alert!!!!!!!!! (ඒ කියන්නෙ බලපු නැති උන් කියවන්න එපා) | Chinthana Dharmadasa

T

The Leader Desk

May 1, 2025 • 6:45 AM

වාලම්පුරි ගැන කංසාමය කියවීමක් ; Spoiler Alert!!!!!!!!! (ඒ කියන්නෙ බලපු නැති උන් කියවන්න එපා) | Chinthana Dharmadasa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වාලම්පුරිය බලලා ඉන්න අතරෙ අහම්බෙන් ලකා ඒ ගැන කරපු ඉන්ටර්විව් එකක් බැලුව. ඒකෙ ලකා කියනවා වාලම්පුරි ෆිල්ම් එක කලේ ග්‍රාමීය නිර්ප්‍රභූ පංතියෙ හීනය ගැන කියල. ජීවිතේ කියන ගේම් එක ගහන්න ශෝර්ට් කට් හොයන උන්ගෙ කතාවයි මේ තියෙන්නෙ කියල.
  • ඒත් ආන්ඩුවට ආවම ඒ ජවිපෙ විහිලුවක් බවට පත්වෙනවා.
  • අඩනවා, දාල දුවන්න හිතෙනවා, ඒත් අතාරින්න බෑ.
අකුරු ප්‍රමාණය (Font Size):

ෆිල්ම් එක පටන් ගන්නෙ අවුරුදු හැත්තෑ හයක් රට කරපු ප්‍රභූ පංතිය මතක් කරමින්. ඒ අතරෙ සීගිරිය පැත්තෙ ගමක නාට්ටි පෙන්නමින් ගේම් ගහන හතර දෙනෙක් තමයි කතාවෙ චරිත.

මේ අයට තමන්ට අයිති නැති වාලම්පුරියක් හම්බු වෙනවා. උන්ට ඒක සිප්පි කට්ටක්. ඒ ගැන වෙන වටිනාකමක් නෑ. ඒත් ඒක වටිනවා කියල වෙන පංතියක උන් කියනවා. ඒ පංතිය එක්ක ඩීල් එකක් දාන්න මේ සෙට් එකට සිද්ද වෙනවා.

 

මේක මේ වෙලාවෙ නිර්ප්‍රභූ ආන්ඩුවට අමුවෙන්ම ආදේශ වෙන උපමා කතාවක් කියල මට හිතෙනවා. පොඩි පොඩි විරෝධතා නාටක කර කර හිටපු කට්ටියකට අහම්බෙන් හදිස්සියෙ රාජ්‍ය බලය ලැබෙනවා. ඒක වෙන්නෙ අර ඉහල පංතියෙ උන්ගෙ ඩීල් එකක් වරදින හින්ද. රාජ්‍ය බලය ලැබුනට ඒක කරගන්න බෑ. ඒ කියන සිතූ පැතූ සම්පත් දෙන්නෙ නෑ. ඒක වේදනාව සහ විනාශය කැඳවීමක් වෙනවා.

මේක මාරකයක් දෙයියො..


තමන්ට නුපුරුදු කලාපයකට ඒම නිසා පීඩාවට විහිලුවට ලක්වෙන හැටි ලස්සන කතාවකින් ෆිල්ම් එකේ කියනවා.

කිඹුලා ගොඩට ආවම දැකල තියෙනවද සර්..ඌව නකුටු බල්ලොත් හපනවා..

කිඹුලා වතුරෙදි ලොකුයි. හරියට විපක්ෂ බලයක් විදිහට ජවිපෙ වගෙයි. ඒත් ආන්ඩුවට ආවම ඒ ජවිපෙ විහිලුවක් බවට පත්වෙනවා. රාජ්‍ය බලය කියන වාලම්පුරිය වැඩකරන්නෙ නෑ.

kimbula cd
රාජ්‍ය බලය ගැන ජවිපෙ අර්බුදය ලස්සනට මතු කරන තැන් කීපයක් තියෙනවා.

‘මෙච්චර අමාරුවෙන් ගත්ත එක කීයටවත් දෙන්නෙ නෑ’ වාලම්පුරිය ගැන ඒ කට්ටිය කියන කතාව ආන්ඩුව ගැන මේ කට්ටිය කියනවා අපිට ඇහෙනවා. අඩනවා, දාල දුවන්න හිතෙනවා, ඒත් අතාරින්න බෑ. ජීව්ත කාලෙටම හම්බුනෙ මෙච්චරයි .

 

නිර්ප්‍රභූ පංතියට බලය පිලිබද හදිසි කණා පල්ලමක් වැදීම ගැන ඛේදවාචකය තමයි වාලම්පුරියේ කේන්ද්‍රීය කතාවස්තුව. ඒ වෙනුවෙන් තමන් නොවන විවිධ වේශයන් ගන්නට පවා ඒ අයට සිදුවෙනවා. අන්තිමට කෙලවෙලා අතෑරලා දාලා ආපහු ගමට යනවා. ඒත් වාලම්පුරියේ සාපය ඔවුන් හොයාගෙන එනවා.

WhatsApp Image 2025 04 29 at 7.09.03 PM

 

මේ අතර වාලම්පුරියෙ අයිතිකාරයෙක් කියල නොපෙනෙන කෙනෙක් නිතර කෝල් කරනවා. සමහර විට ඒ රනිල් වෙන්න පුලුවන් . කවුරු හරි ඒ වාලම්පුරියෙ ප්‍රභූ උරුමක්කාරයා වෙන්න ඕන.

වාලම්පුරිය කියන්නෙ සම්මුතියක්. විශ්වාසයක්. රාජ්‍ය බලය වගේම. ඒක සිප්පි කට්ටක් විදිහට දකින අයට ඒ සම්මුතිය, ඒ වටිනාකම ගැන දැනීමක් නෑ. ඒ පංතිය නෑ.

එතනින් ඒ අයගෙ ජීවිතත් අවුලෙන් අවුලට යනවා. අනිත් අයගෙ ජීවිතත් අවුලට යනවා. මාලිමාවෙ ආන්ඩුවෙ ප්‍රධාන චරිත පහ, අනුර, ටිල්වින් බිමල්, දණහිස්ස, විජිත  වගේම වාලම්පුරියෙ ප්‍රධාන චරිත පහක් මතුවීමත් අපූරු අහම්බ සමපාතයක්. (මං නං ආසම ටිල්වින්ගෙ චරිතෙට)

 

ඇත්තටම ඒක අපි අහලවත් නොතිබුණ හීනයක්'| ලක්මාල් ධර්මරත්න
එක අතකට ග්‍රාමීය ආන්ඩුවත් වාලම්පුරියක් ඵල දෙන කල් බලන් ඉන්නවා. උන්ට චන්දෙ දීපු ග්‍රාමීය මිනිස්සුත් වාලම්පුරියක් ඵල දෙන කල් බලන් ඉන්නවා. (ෂෝර්ට් කට් ආන්ඩුව vs ෂෝර්ට් කට් ජනතාව)

වාලම්පුරී බලන්න. මැයි පළවෙනිදත් හෝල් ඇරලා.

මාලිමා ආන්ඩුව විසින් බොහෝ දේ දැනටමත් කරලා තියෙනවා | Chinthana Dharmadasa(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වාලම්පුරි ගැන කංසාමය කියවීමක් ; Spoiler Alert!!!!!!!!! (ඒ කියන්නෙ බලපු නැති උන් කියවන්න එපා) | Chinthana Dharmadasa | The Leader