BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

Tennentගේ ‘අලි කුලප්පුව’ කුසුම්සිරිගේ ඇසින්

T

The Leader

September 7, 2024 • 11:15 AM

Tennentගේ ‘අලි කුලප්පුව’ කුසුම්සිරිගේ ඇසින්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජේම්ස් එමර්සන් ටෙනන්ට් යටත්විජිත යුගයේ (1859) දී අලි ගැන ලියූ The wild Elephant and the method of capturing and taming in it Ceylon
  • වර්ෂ 1846 දී ජේම්ස් එමර්සන් ටෙනන්ට් ලංකාවට එන්නේ මෙරට පස්වන යටත් විජිත ලේකම්වරයා වශයෙනි.
  • ලංකාවේ අලි ඇතුන් ඇතුළු වනසතුන්ට මහත් කැමැත්තක් දැක්වූ ඔහු මෙරට බොහෝ පෙදෙස්වල සංචාරය කරමින් අත්දැකීම් ලබා ගත්තේ ය; අලි ගාල් නරඹමින් ඒ සතුන්ගේ උතුම් ගුණධර්ම දැක බලා ගත්තේ ය; අණුවණ නීති නිසා අලි ඇතුන් විනාශ වීම ගැන කනගාටුවට පත්විය.
  • ඔහු ලංකාව ගැන ලියූ ‘CEYLON’ නම් වෙළුම් දෙකකින් යුත් පොතට ද අලි ගැන ඇතුළත් කළ අතර පසුව මේ සත්ව කොට්ඨාසය ගැන වෙනම පොතක් ලිවීමට ටෙනන්ට් උනන්දු විය.
අකුරු ප්‍රමාණය (Font Size):

කෘතිය මාධ්‍යවේදී කුසුම්සිරි විජයවර්ධන ‘අලි කුලප්පුව’ නමින් පරිවර්තනය කර පසුගිය දා ප්‍රකාශයට පත් කෙරිණ.

වර්ෂ 1846 දී ජේම්ස් එමර්සන් ටෙනන්ට් ලංකාවට එන්නේ මෙරට පස්වන යටත් විජිත ලේකම්වරයා වශයෙනි. ලංකාවේ අලි ඇතුන් ඇතුළු වනසතුන්ට මහත් කැමැත්තක් දැක්වූ ඔහු මෙරට බොහෝ පෙදෙස්වල සංචාරය කරමින් අත්දැකීම් ලබා ගත්තේ ය; අලි ගාල් නරඹමින් ඒ සතුන්ගේ උතුම් ගුණධර්ම දැක බලා ගත්තේ ය; අණුවණ නීති නිසා අලි ඇතුන් විනාශ වීම ගැන කනගාටුවට පත්විය. ඔහු ලංකාව ගැන ලියූ ‘CEYLON’ නම් වෙළුම් දෙකකින් යුත් පොතට ද අලි ගැන ඇතුළත් කළ අතර පසුව මේ සත්ව කොට්ඨාසය ගැන වෙනම පොතක් ලිවීමට ටෙනන්ට් උනන්දු විය. 1859 දී The wild Elephant and the method of capturing and taming in it Ceylon නමින් පළ වන්නේ එම කෘතිය යි.

1959| The wild Elephant and the method of capturing and taming in it Ceylon කෘතිය
ලංකාවේ අලි ඇතුන්ගේ පුදුම ගතිගුණ, අලි අල්ලන සහ හීලෑ කරන ආකාරය, අලි දඩයම, උන් රට පැටවීම ආදී කරුණු ආකර්ෂණීය සහ අනුවේදනීය අන්මින් ඔහු විස්තර කර ඇත. මිනීමරු අලි ගැන ලොමුදැහැගැන්වෙන අත්දැකීම් මෙන් ම අලි අල්ලන සහ හීලෑ කරන ආකාරය ද මෙම කෘතියෙහි විස්තර කෙරේ. අලි අල්ලන විට අලි ගාලේ දී සිදුවන අමානුෂික පහරදීම් හේතුවෙන් අලි මියයෑම සාමාන්‍ය දෙයක් වී තිබුණි. අලි මන්නාරමට රැගෙනවිත් රට පටවන ආකාරය ද අපුරුවට විස්තර කිරීමට ටෙනන්ට් සමත් වී තිබේ. එවකට අලි ඇතුන් රට පැටවීම ආණ්ඩුවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වූ අතර අලි ගාල් පැවැත්වීමෙන් ද ආණ්ඩුව විශාල මුදලක් උපයාගත් බව මෙ කෘතියේ සදහන් වේ.

වනයෙන් ගමට පැමිණ බෝග වැනසූ අලියකුට සිදුවු ඇබැද්දියක් පිළිබඳ ටෙනන්ට් මෙලෙස  විස්තර කරයි.

 

‘‘අසල තිබූ කොස් ගසක හටගෙන තිබූ කොස් ගෙඩි දුටුවිට ඒවා කඩාගෙන කෑමට ආසාවක් මේ අලියාට ඇති විය. නමුත් උගේ හොඬය ගසේ කොස් ගෙඩි තිබූ තැනට දිග මදි විය. ඌ තම පාදය ගසේ කඳට තබා ඉදරි පාදය ඔසවා වෙරගෙන කොස් කැඩීමට සූදානම් වූ අතර අවාසනාවට මෙන් ඒ අසලම අඟල් කිහිපයක් නුදුරින් තිබූ වෙනත් ගසක් සහ කොස් ගසේ කඳ අතර කුඩා ඉඩකඩේ උගේ ඉදිරි පාදය සිරවූයේ කිසිවක් කරගත නොහැකි ලෙසිනි.

චණ්ඩි අලියා අසරණ විය. ඌ වේදනාවෙන් කෑගැසීමට පටන් ගත්තේය. යළිත් සිරුරේ මුළු බර යොදා පාදය ඉවත් කරගැනීමට උත්සාහ ගත්විට සිදුවූයේ පාදය තවත් සිරවීම පමණි. අලියා කෑගැසුව ද තම බෝග හානි කිරීම ගැන කෝපයෙන් සිටි ගැමියන් කිසිවෙක් ඌ අසලට ආවේ නැත. එමෙන්ම එසේ පැමිණ ඌට උපකාර කිරීමත් අවදානමක් විය. මේ නිසා දින කිහිපයක් නිරාහාරව වේදනාවෙන් සිටි අලියා එතැනම මරණයට පත් වූයේය.’’ (පිටුව 63)  


එවකට අලි ගෘහස්තව බෝ කිරීමක් සිදු නොවූ අතර නිතර ම වනයෙන් අලි අල්ලා ගැනුණි. මේ ඒ පිළිබඳව ටෙනන්ට් කරන සඳහනකි:

 

‘‘මම ලංකාවේ දී නම් එසේ උපත ලද අලි සම්බන්ධව දන්නේ එකම අවස්ථාවක පමණි.  ලංකාවේ මහාමාර්ග කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව වසර ගණනාවක්  සේවය කළ අලියකුට දාව 1844 දී ඇතින්නකට පැටියකු ලැබුණේ කරත්තයක් ඇදගෙන යන අවස්ථාවේ දී ය. එම අලියාත් ඇතින්නත් යන දෙදෙනා ම අවුරුදු ගණනාවක් එකට සේවයේ යොදවා සිටියහ. අවාසනාවකට මෙන්  පැටියා ඉපදෙනවිටත් මරණයට පත්වී සිටියේය. ඊට වසර කිහිපයකට පෙර ක්‍රිප්ස් මහතා කැලයෙන් අල්ලාගත් ඇතින්නක පැටවකු බිහිකළ අතර ඌ හොඳින් වැඩී වර්ධනය වුණි. සුපුරුදු පරිදි අලි පැටවා මුරකරුවන්ගේ සුරතලා විය. නමුත් තරමක් ලොකුමහත් වනවිට ඌ ප්‍රචණ්ඩ සතකු බවට පත් වී පසුපස පාදවලින් පහර දෙමින් විවිධ දෑ කඩාබිඳ දමමින් හිතුවක්කාර ලක්ෂණ පළ කළේය.’’ (134 පිට)


මෙම ඉංග්‍රීසි කෘතිය බ්‍රිතාන්‍යයේ සහ ලංකාවේ ඉංග්‍රීසි පාඨකයන් අතර ඉතා ජනප්‍රිය වූ බව එවකට කෙටි කලකින් මුද්‍රණ කිහිපයක් ම නිකුත් වු බව සඳහන් කර තිබීමෙන් ප්‍රකට කෙරේ. අලි කුලප්පුව කෘතිය කුතුහලය දනවන රසවත් කරුණු රාශියකින් මෙන් ම පැරණි චිත්‍ර රාශියකින් ද  සමන්විතය.

අලි හීලෑ කර ඇති කිරිමේ වැදගත්කම පිළිබඳ කතන්දර නිරන්තරයෙන් අසන්නට ලැබෙන අතර ඒ පිළිබඳ මුලින් ම අසන්නට ලැබෙන්නේ දෙවන සියවසේ දී රෝමයේ ඒලියන් ලියූ කෘතියක යැයි පැවසේ.

‘අලි කුලප්පුව‘ කෘතිය මරදාන එස්. මහින්ද හිමි මාවගේ පිහිටි සූරිය ප්‍රකාශන ආයතනයේ ප්‍රකාශනයකි.

සටහන :
jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...