The Leader News
BREAKING
එයාර් බස් අල්ලස් නඩුව: නාමල්ට එරෙහිව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්?●බැසිල් අත්අඩංගුවට ගන්න කොටුවෙන් රතු වරෙන්තු●අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි!●ක්‍රිකට් පරාජය හමුවේ ක්‍රීඩා ඇමැතිගෙන් ඉවසීමේ ඉල්ලීමක්●ලෝකය හොල්ලන AI රැල්ල බිඳ වැටුණොත් ආසියාවට වෙන දේ●නව ව්‍යවස්ථාවට සාකච්ඡා ජනවාරියේ: පළාත් සභා ඡන්දය මුලින්ම●ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පැහැර හැරීම: කෙහෙළිය ඇතුළු පිරිසට එරෙහිව නඩු●රියාද් ගුවන් තොටුපොළ ප්‍රහාරය: අනතුරු ඇඟවීමේ පද්ධතිය නිහඬ වූයේ ඇයි?● IMF අනතුරු අඟවයි: රටවල් රැසකට වියදම් කප්පාදු හැර විකල්ප නෑ! ●ආගමික ඇඳුම් ගරුත්වය රැකීමට 9 වැනි වගන්තිය ක්‍රියාත්මක කරන්න: සජිත්●
Top Ad
සාහිත්‍ය - කලා

රුක්මනී දේවිය නැවත කැඳවීමට තරින්දි සූදානම්

Awara

Awara

October 14, 2026 • 12:39 AM

රුක්මනී දේවිය නැවත කැඳවීමට තරින්දි සූදානම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා සිනමා වංශකතාවේ රන් අකුරින් ලියැවුණු අසහාය කලාකාර යුවළක් වන රුක්මණී දේවී සහ එඩී ජයමාන්න ගේ අමරණීය ජීවිත කතාව පාදක කරගනිමින්, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න ගේ 25වන සිනමා නිර්මාණය වන ‘නිද්‍රා යාත්‍රා’ චිත්‍රපටයේ රූගත කිරීම් මේ වන විට නිල වශයෙන් ආරම්භ කර ඇත.
  • චමල් රත්නායක එඩී ජයමාන්න ලෙස… මෙම සිනමා නිර්මාණයේ තිර රචනය මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ම සිදුකරනු ලබන අතර, නිෂ්පාදන දායකත්වය ලබා දෙන්නේ වෙරන්ජන් ගුණවර්ධන යි.
  • එමෙන් ම ලාංකීය සිනමාවේ ප්‍රථම නිළිය මෙන්ම "සිනමා කෝකිලාවිය" ලෙස විරුදාවලි ලත් අග්‍රගන්‍ය රුක්මණී දේවීගේ චරිතයට තරින්දි ප්‍රනාන්දු ද, සිංහල සිනමාවේ මුල් යුගයේ බිහිවූ අසහාය ප්‍රහසන නළුවෙකු වන එඩී ජයමාන්නගේ චරිතයට චමල් රත්නායක ද රංගනයෙන් දායක වෙති.
  • ප්‍රවීණයින් රැසක ගේ දායකත්වය මහේන්ද්‍ර පෙරේරා, රොෂාන් පිලපිටිය, ධනංජය සිරිවර්ධන, නෙතූ ගම්ලත්, රවින් කනිෂ්ක, රොෂාන් රණවන, අර්ජුන කමලනාත්, චරිත් අබේසිංහ සහ ගයාන් වික්‍රමතිලක ඇතුළු ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් මෙහි චරිත නිරූපණයට එක්ව සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා සිනමා වංශකතාවේ රන් අකුරින් ලියැවුණු අසහාය කලාකාර යුවළක් වන රුක්මණී දේවී සහ එඩී ජයමාන්න ගේ අමරණීය ජීවිත කතාව පාදක කරගනිමින්, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න ගේ 25වන සිනමා නිර්මාණය වන ‘නිද්‍රා යාත්‍රා’ චිත්‍රපටයේ රූගත කිරීම් මේ වන විට නිල වශයෙන් ආරම්භ කර ඇත.

චමල් රත්නායක එඩී ජයමාන්න ලෙස…

මෙම සිනමා නිර්මාණයේ තිර රචනය මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ම සිදුකරනු ලබන අතර, නිෂ්පාදන දායකත්වය ලබා දෙන්නේ වෙරන්ජන් ගුණවර්ධන යි. එමෙන් ම ලාංකීය සිනමාවේ ප්‍රථම නිළිය මෙන්ම "සිනමා කෝකිලාවිය" ලෙස විරුදාවලි ලත් අග්‍රගන්‍ය රුක්මණී දේවීගේ චරිතයට තරින්දි ප්‍රනාන්දු ද, සිංහල සිනමාවේ මුල් යුගයේ බිහිවූ අසහාය ප්‍රහසන නළුවෙකු වන එඩී ජයමාන්නගේ චරිතයට චමල් රත්නායක ද රංගනයෙන් දායක වෙති.

ප්‍රවීණයින් රැසක ගේ දායකත්වය

මහේන්ද්‍ර පෙරේරා, රොෂාන් පිලපිටිය, ධනංජය සිරිවර්ධන, නෙතූ ගම්ලත්, රවින් කනිෂ්ක, රොෂාන් රණවන, අර්ජුන කමලනාත්, චරිත් අබේසිංහ සහ ගයාන් වික්‍රමතිලක ඇතුළු ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් මෙහි චරිත නිරූපණයට එක්ව සිටිති.

මෙම සිනමා නිර්මාණයේ: කැමරා අධ්‍යක්ෂණයෙන් චන්න දේශප්‍රිය, සංගීත අධ්‍යක්ෂණයෙන් ආචාර්ය රෝහණ වීරසිංහ සහ සංස්කරණයෙන් තිස්ස සුරේන්ද්‍ර යන ප්‍රවීණයෝ දායක වෙති.

1947 වසරේ තිරගත වූ ලංකාවේ ප්‍රථම සිංහල කථානාද චිත්‍රපටය වන "කඩවුණු පොරොන්දුව" හි ප්‍රධාන නිළිය ලෙසින් මෙන්ම, මිනර්වා නාට්‍ය කණ්ඩායම සමග ලාංකීය කලා ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තැබූ රුක්මණී දේවී සහ එඩී ජයමාන්න යනු අදටත් රසික හදවත්වල රැඳී සිටින යුගයේ අපූරුම යුවළකි.


මූලාශ්‍ර - Sib Crown

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...