යේසුස් වහන්සේගේ උපත සනිටුහන් කරන මේ ලෝක පූජිත දිනයේ ආදරය, ප්‍රේමය පැතිරවීමට නත්තල වෙනුවෙන්, කසුන් කල්හාරගේ The Academy ආයතනයේ සිසුන් විසින් වෙනස් ආකාරයේ ප්‍රේමණීය නත්තල් ගීත දෙකක් නිර්මාණය කර ඇත.
ශමින්ද්‍ර ජයවර්ධන පියතුමාගේ පද රචනයකට අනුව කසුන් කල්හාර ගායනා කළ 'මගේ දිවි පණ නල' සහ 'මා බලවත් කරනා සමිදේ' නම් නත්තල් ගීත කසුන්ගේ The Academy ආයතනයේ සිසු සිසුවියන් විසින් සමූහ ගායනක යෙදෙමින් එම ගීතවලට අලුත් මුහුණුවරක් එක් කිරීමට සමත් වී තිබේ.
මේ සියල්ල කසුන් කල්හාරගේ මඟ පෙන්වීම සහ ගුරුහරුකම් මැද සිදු වූ අතර සාමය සතුට පිරි නත්තලට ''ආදරය'' නම් ප්‍රබල හැඟීම ද එක් කිරීමට ඔවුන්ට හැකි විය.



