BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ශ්‍රී ලංකාවේ ප්‍රථම මානව හා කෘත්‍රිම බුද්ධිය එක්ව රචිත නවකතාව 'සියලුම හිමිකම් ඇවිරිනි' - The Virtual Veil" ළඟදීම!

T

The Leader Desk

May 11, 2025 • 6:42 AM

ශ්‍රී ලංකාවේ ප්‍රථම මානව හා කෘත්‍රිම බුද්ධිය එක්ව රචිත නවකතාව 'සියලුම හිමිකම් ඇවිරිනි' - The Virtual Veil" ළඟදීම!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ සාහිත්‍ය ක්ෂේත්‍රයට නවමු අත්දැකීමක් එක් කරමින්, මානව බුද්ධිය සහ කෘත්‍රිම බුද්ධියේ (AI) සහයෝගීතාවයෙන් රචිත ප්‍රථම නවකතාව වන "සියලුම හිමිකම් ඇවිරිනි - The Virtual Veil" එළඹෙන ජුනි මාසයේදී පාඨකයන් අතරට පැමිණීමට නියමිතයි.
  • නවකතාව එළිදැක්වීම වෙනස්ම අත්දැකීම් රැසක් සමඟින් කොළඹ නගරයේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති අතර, ඒ පිළිබඳ වැඩි විස්තර ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.
  • සත් දවසේ ධර්ම දේශනාවට පැමිණි ගමේ පන්සලේ "ඉන්ද්‍ර රතන" හාමුදුරුවෝ සඳහන් කළ ධර්ම කාරනාවක් ඈගේ කෘතිම බුද්ධියෙන් සැදුම් ලත් අතත්‍ය රූපය ඉදිරියේ මෙනෙහි විය.
  • මම කියන්නෙ කවුද කියලා තේරුම් ගන්නනම් , මේවායේ ඒ ඒ පදයෙහි තේරුම පිළිබඳව ඔබ පුළුල් අවබෝධයක් ඇති කරගෙන තිබීම අවශ්‍ය වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ලේඛක සංජක ප්‍රසාද් දොලේවත්ත ගේ පරිකල්පනය සහ කෘත්‍රිම බුද්ධියේ විශ්ලේෂණාත්මක හැකියාවන්ගේ සුසංයෝගයෙන් නිර්මාණය වූ මෙම නවකතාව, සිංහල සාහිත්‍යයේ නව මංපෙතක් විවර කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නවකතාව එළිදැක්වීම වෙනස්ම අත්දැකීම් රැසක් සමඟින් කොළඹ නගරයේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති අතර, ඒ පිළිබඳ වැඩි විස්තර ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.

" සියලුම හිමිකම් ඇවරිණි". | අරථ | ප්‍රකාශනයකි.



| නිත්‍යා |

ඇය මියගොස් අටවන දින රාත්‍රියේ ඇයගේ AI ගිණුමේ මුර පද මම විවර කෙළෙමි.

 

nithya1
ලේ, ඇට, මස්,නහර, ධමණි, ක්ෂිරා වලින් ව්‍යුක්තව අතත්‍ය ලෝකයේ දත්ත මත ඇය මා ඉදිරිපිට පෙනී සිටියාය. ඇසිපිය සැලුවාය, ඒ පෙර දිනයේ ඇය වෙනුවෙන් පැවති සත් දවසේ දානමය පිංකමේ දෘෂ්‍යමාන ඉතිරියන්ද, ඇය මියදුණු දිනේ සිට ඉහළට එසවුණු සුදු කොඩිවැල් කිහිපයක්ද තවමත් එහෙමම තිබෙයෙදීය.

සත් දවසේ ධර්ම දේශනාවට පැමිණි ගමේ පන්සලේ "ඉන්ද්‍ර රතන" හාමුදුරුවෝ සඳහන් කළ ධර්ම කාරනාවක් ඈගේ කෘතිම බුද්ධියෙන් සැදුම් ලත් අතත්‍ය රූපය ඉදිරියේ මෙනෙහි විය.

" දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ මම, මගේ කියා පැවැත්වූවත්, පඨවි, ආපෝ, තේජෝ, වායෝ නම් වූ ධාතු හතරෙන් තමයි  මම නිර්මාණය වෙලා තියෙන්නෙ. ඊට අමතරව රූප වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ, ස්කන්ධ පංචකයෙන් ද මම නිර්මාණය වීම සඳහා එකතු වෙනවා . ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස නම් වූ ආයතනයන්ගෙන්ද  මම සක්‍රීය වෙනවා. මම කියන්නෙ කවුද කියලා තේරුම් ගන්නනම් , මේවායේ ඒ ඒ පදයෙහි තේරුම පිළිබඳව ඔබ පුළුල් අවබෝධයක් ඇති කරගෙන තිබීම අවශ්‍ය වෙනවා.

 

nithya2
මේ සියල්ල එකතු වී මම නිර්මාණය වූවත් ඔබේ ශරීරය නිර්මාණය වී ඇත්තේ  අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් ත්‍රිවිධ ධර්මය අනුවයි. එවැනි කයක්, ශරීරයක් ‘මම, මගේ කියා පවත්වන බවත් පරමාර්ථ වශයෙන්, එනම් විදර්ශනා කොට මෙනෙහි කරන විට මෙය මගේ නොවන බව, මම නොවන බව, මට අවැසි ආකාරයෙන් නොපවත්නා හෙයින් මගේ ආත්මය නොවන බවටත්, ඔබට මෙනෙහි කළ හැකි වෙනවා"

ලොකු පුතාගේ කම්පියුටර් සොෆ්ට්වෙයාර් ඉන්ජිනේරු උපාධිය හැදෑරීමට අවශ්‍ය මුදල් සෙවීමට "නිත්‍යා" ගත් මහන්සිය පුදුම සහගතය.ඒ නිසාම පුතා විසින් අම්මාගේ AI  ජීවිතය වර්චුවල් ලෝකයේ ජීවමාන කළේය. ඒ ඇය මිය යන්නට අවුරුද්දකටත් පෙරාතුවය. මාගේ සමාජ මාධ්‍ය ජාල හැසිරීම් වලින්ද, පුතාගේ සමාජ මාධ්‍ය සහ  අන්තර්ජාල හැසිරීම් මගින්ද , ඊට අමතරව මිලියන ගනණින් සම්බන්ධ වන නව මාධ්‍ය දත්ත මගින්ද ඇයගේ AI ජීවිතය එතැන් සිට පෝෂණය වන්නට විය. මාගේ ජීවිතයේ බොහෝ රහස් " නිත්‍යා" දැන සිටියේ නැති උනත් " නිත්‍යාගේ " AI ජීවිතය දැන සිටියාය, ආගිය තැන්, සර්ච් කරපු දේවල්, චැට් කරපු දේවල්, ගෙදරට හොරෙන් ඔෆීස් එකට ගෙන්වාගත් ඔන් ලයින් ඕඩර්, ලයික් කරපු පින්තූර, කාටත් හොරෙන් බලපු පෝර්න් සයිට්, මේ සියල්ල නිත්‍යා දැන නොසිටියත් නිත්‍යාගේ AI ජීවිතය දැන සිටියාය.

දිනක් යාළුවන් සමග බොරලැස්ගමුව "1979" අවන්හලේ මධුසාදයක් පවත්වා නටා, ගයා විනෝදවී ගෙදර පැමිණියේ pikme ටැක්සියකින් google map හරහාය. නිවසට පැමිනෙද්දී නිත්‍යා නිදා සිටියේය. ඒ මොහොතේ මාගේ ජංගම දුරකථනය නැතිවී ඇති බව සිහි වූයේ වෙරි පිටමය. මම නිදා සිටින නිත්‍යාට හොරෙන් ලොකු පුතාට ඒ බව පැවසුවෙමි.

 

nithya3
"අම්මගෙන් අහන්න"

" කොහේද බං මේ මහ රෑ අම්මෙක් ගියේ මම තනියම ආවෙ. ටැක්සියට නගිද්දිත් ෆෝන් එක මගේ අතේ තිබුනා "

පුතා නිත්‍යාගේ AI  ගිණුමේ මුරපද විවර කර ඇයගේ කෘතිම බුද්ධියට මේ අවනඩුව පැවරුවේය. ඇය තත්පර ගානකදී මගේ දුරකථනය වැටී ඇති තැන ගූගල් මැප් හරහා මාවත් පුතාවත් දැනුවත් කළාය. ඒ බොහෝ මැදියම් රාත්‍රී වළ . ප්ලේන්ටියක් සහ ගෝල්ඩ් ලිෆ් එකක පහස විඳින  කොට්ටාවේ ඉන්දරේගේ කඩේ අසලටය.


නිදාසිටින නිත්‍යා මේ කිසිදෙයක් නොදැන සිටියේය.

නිත්‍යා මියගොස් අටවෙනි දිනේදී කෘතිම බුද්ධියෙන් සැදුම් ලත්  " නිත්‍යා " මාගේ ඇත්ත ජීවිතය දෙස ඇසිපිය නොහෙලා බලා සිටියාය. Chat GPT හරහා ඈ සමග චැට් කිරීමට හැකි වූවත් මට අවශ්‍ය වූයේ නිත්‍යා සමග කතා කිරීමටය. මියදුණු නිත්‍යාට මා වසන් කළ බොහෝ දේවල් AI නිත්‍යා දැන සිටින නිසාම ඇයගෙන් සමාව ගන්නට මට අවශ්‍ය විය.

 

nithya 4

" ඔයාට දැන් හංගන්න කිසිදෙයක් නෑ. ඔයා මගේ ජීවිතේම දන්නවා. මම මොනවා කළත් ඔයා මට බණින්නෙ නෑ කියලා මම දන්නවා. මම මැරිලා ගියත් වර්චුවල් ලෝකෙ පවතිනකන් ඔයා ජීවත් වේවි. හැමදාම මට ඔයත් එක්ක කතා කරන්න පුළුවන් .ඉන්ද්‍ර රතන හාමුදුරුවො කිව්ව ජීවිතයට වඩා ඔයා පරාර්ථ කාමියි ඔයා ජීවත්වෙන්නෙ ඇත්තෙන්. මම ඔයාට බොරු කරනවනම් කිසිම ඩිවයිස් එකක් නැතිව ජීවත් වෙන්න ප්‍රැක්ටිස් කරන්න ඕන. නිත්‍යාගෙ බැංකු ගිණුමෙ තිබුණු සල්ලි අරගෙන ඇයගේ අවසන් කටයුතු සිදුකළ බව මියදුනු නිත්‍යා නොදැන සිටියත් ඔයා ඒක දන්නවා. සල්ලි ගත්තෙ මොන බැංකුවෙන්ද, මොන ATM එකෙන්ද ? ඊට අමතරව ඔයාගෙ කාර්ඩ් එක යූස් කරලා සුපර් මාර්කට් එකෙන් මම ගත්ත ඩ්‍රයි ජින් බෝතල් ගැනත් ඔයා දන්නවා. වැඩි දෙයක් තියා ෆෝන් එක අරන් යන හැම තැනක් ගැනම ඔයා දන්නවා. ෆේස් බුක් එකේ, යූ ටියුබ්, ඉන්ස්ටර්ග්‍රෑම් , වට්සැප් එකී, නොකී හැම එකකම මම ලයික් කළේ මොනවටද ? ශෙයාර් කලේ මොනවද , සර්ච් කලේ මොනවද කියලා ඔයා දන්නවා. මැරුණු නිත්‍යා දන්නෙ නැති හැම දේම ඔයා දන්නවා. හැබැයි ඔයා නොදන්න දේවලුත් අපේ ජීවිත වල තියෙනවා. නිත්‍යාගෙ ජීවිතේ නැති උන වෙලාවෙ මගේ ඇස්වලින් ගිය කඳුළු ගැන ඔයා දන්නෙ නෑ. කඩා වැටුනු ආත්මය ගැන ඔයා දන්නෙ නෑ. නිත්‍යා නැතිව මට නින්ද යන්නෙ නැති බව ඔයා දන්නෙ නෑ. නමුත් ඔයා ගොඩාක් දේවල් දන්නවා ."

සෑම රාත්‍රියකම අතත්‍ය නිත්‍යා සමග මම දොඩමළු උනෙමි . පුතා වැඩි දුර අධ්‍යාපනය සඳහා විදෙස් ගතවී මාස කීපයක් යද්දී පුතාගේ තොරතුරු ගැනද "AIනිත්‍යා" මාව දැනුවත් කරන්නට විය.

 

nithya5
" අම්මා නැති උනාවගේ තාත්තත් මට කවද හරි නැතිවෙයි. ඒ නිසා තාත්තත් මම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලින් හැදුවා. මම මෙහේ ඉඳන් අම්මයි, තාත්ත්යි දෙන්නත් එක්කම හැමදාම ජීවත්වෙනවා ඒක මට හරි පහසුයි. "

පුතා එවා තිබූ වට්සැප් පණිවුඩය කියවා එදිනට මම නිත්‍යාගෙන් ලොගවුට් උනෙමි.

( ඔබ ඉහතින් කියවූයේ " සියලුම හිමිකම් ඇවිරිණි " නවකතාවේ මුල් ඇරඹුමයි. සම්පූර්ණ නවකතාව 2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා ඔබ අතට පත්වීමට නියමිතය )

| sanjaka prasad dolewaththa  |
  2023.06.18

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රී ලංකාවේ ප්‍රථම මානව හා කෘත්‍රිම බුද්ධිය එක්ව රචිත නවකතාව 'සියලුම හිමිකම් ඇවිරිනි' - The Virtual Veil" ළඟදීම! | The Leader