BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

රාණි චිත්‍රපටියේ trailer එක එළිදකී (වීඩියෝ)

T

The Leader

November 23, 2024 • 10:47 AM

රාණි චිත්‍රපටියේ trailer එක එළිදකී (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'රාණි' : රිචඩ් සහ මනෝරාණි ගැන මගේ කතාවයි - අශෝක හඳගම
  • එහෙත් අන්තිම වතාවට මම  රිචඩ් ව දැක්කේ, මඝාත වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය දා ලුම්බිණියේ දී.
  • (ඒ 1989 ඔක්තෝබර් මාසයේ දවසක.
  • සිනමා හල්වල තිරගත කෙරෙන 2K කොලිටි එකේ බලන්න ඕන නං මේ පහත වීඩියෝව බලන්න.
අකුරු ප්‍රමාණය (Font Size):
මනෝරාණි ගැන විවිධ අයට විවිධ කතා කියන්න ඇති. මටත් තිබුණා මගේ කතාවක් කියන්න. ඒ නිසා (අහම්බෙන් ඇඟේ  වැදුණු)  මේ චිත්‍රපටය ඒ සඳහා අවස්ථාව වුණා.
 
ස්වර්ණාගේ රංගන සිහිනය සැබෑ කිරීමත්,  මනෝරානි ගැන මගේ කතාව කීමත් මේ චිත්‍රපටයේ අරමුණ වුණා. අසූව දශකයේ තරුණ විය පසු කරගෙන ආපු හැමෝටම අඩු වැඩි වශයෙන් මේ අත්දැකීම මතක තියෙනවා.

මේක මගේ අනිත් චිත්‍රපටි වලට වඩා ශෛලියෙන් වෙනස් එකක්. Biopic හෙවත්  ජීවිතකතා ශානරයට අයිති එකක් කියුවොත් වැරදි නැහැ. හැබැයි එහෙමමත් නෙවෙයි. කොහොම හරි එහෙම තමයි. ඒත් වෙනස්.

රූපවාහිනියේ ඉංග්‍රීසි නිවුස් කිව්ව හින්දා, යශෝරාවය ජනප්‍රිය ටෙලි නාට්‍යයේ හිටපු හින්දා රිචඩ් නොදන්න කෙනෙක් නැහැ. එහෙත් අන්තිම වතාවට මම  රිචඩ් ව දැක්කේ, මඝාත වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය දා ලුම්බිණියේ දී.

වේදිකාවේ පැති තිරයක් අස්සෙන් ප්‍රේක්ෂකාගාරය දෙස බලා ඉන්න මට අන්තිම වතාවට රිචඩ්ව දැක්ක හැටි හොඳට මතකයි. මාඝාත නාට්‍යයේ පලවෙනි review එක The Island පුවත්පතට ලිව්වේ ත් රිචඩ්.

(ඒ 1989 ඔක්තෝබර් මාසයේ දවසක. )

ඉතින් Richard ගැනත් මනෝරාණි ගැනත් මගේ කතාවයි රාණි. ඒ හින්දා මේක ප්‍රබන්ධයක්.

රාණි චිත්‍රපටියේ trailer එක දැන් අවුට්. ඒක සිනමා ශාලාවල තිරගත කෙරෙනවා.

සිනමා හල්වල තිරගත කෙරෙන 2K කොලිටි එකේ බලන්න ඕන නං මේ පහත වීඩියෝව බලන්න.

(අශෝක හඳගම)
චිත්‍රපට අධ්‍යක්ෂ

(උපුටා ගැනීම - අශෝක හඳගම ගේ ෆේස්බුක් පිටුවෙන්)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...