BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

දුර්ගා යන්නම ගිහින්! - Uma Dasgupta (1940-2024)

T

The Leader

November 21, 2024 • 1:01 AM

දුර්ගා යන්නම ගිහින්! - Uma Dasgupta (1940-2024)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සත්‍යජිත් රායි අධ්‍යක්ෂණය කළ Pather Panchali චිත්‍රපටයේ අපට හමුවන සුවිශේෂී ස්ත්‍රී චරිතයක් දුර්ගා.
  • නොසිතූ ලෙස දුර්ගා ජීවිතයෙන් සමුගන්නවා.
  •   චිත්‍රපටයකට වූවත් දුර්ගාගේ මරණය මගේ හිත තුල ඇති කරේ කම්පණයක්.
  • එය සිදුවූ විගසම මම මොහොතකට චිත්‍රපටය නරඹන එක නතර කරා.
අකුරු ප්‍රමාණය (Font Size):

දුර්ගා යනු මෙහි ප්‍රධාන චරිතය වන ඔපූගේ වැඩිමල් සහෝදරියයි. දුර්ගා යනු නව යොවුන්වියේ සිටින කෙල්ලෙක්. ඇය කටකාරයි, දඟකාරයි සහ තම කුඩා සහෝදරයාව ආදරයෙන් බලාගන්න සහෝදරියක්. එම වයසේ සිටින බොහෝ ගැහැනු දරුවන් දකින සිහින ඇයත් දකිනවා. නොසිතූ ලෙස දුර්ගා ජීවිතයෙන් සමුගන්නවා. එය Pather Panchali චිත්‍රපටයේ ප්‍රධාන පිපුරුමක්.

 

durga 1

චිත්‍රපටයකට වූවත් දුර්ගාගේ මරණය මගේ හිත තුල ඇති කරේ කම්පණයක්. එය සිදුවූ විගසම මම මොහොතකට චිත්‍රපටය නරඹන එක නතර කරා. ඇය ඔපූ සමග සෙල්ලම් කර ආකාරය සහ විටෙක දෙවෙනි මවක් සේ රැක බලා ගත් ආකාරය සිතේ ඇඳෙන්නට ගත්තා. එය එතරම් ප්‍රභලව දැනෙන්නට ඇත්තේ රායිගේ විශිෂ්ට රූපරචනයට අමතරව දුර්ගා නිරූපණය කළ උමා දස්ගුප්තාගේ විශිෂ්ට රංගනය නිසාය.

Gcr5WxQbQAArHrL

 

1940 වසරේ උපන් උමා දස්ගුප්තාගේ ප්‍රථම තිර රංගනය Pather Panchali. මෙය තිරගත වෙද්දී ඇයට අවුරුදු 15 ක්‌ පමණයි. Pather Panchali නිසා උමාව විශාල ඇගයීමකට පාත්‍ර වුනත්, ඇගේ ඉදිරි ජීවිතය තුල රංගනයෙන් නියැලුනේ ඉතාම සීමිත ප්‍රමාණයක පමණයි. 

උමා අවසන් වරට රංගනයෙන් දායකවී ඇත්තේ 2022 වසරේ තිරගත වුනු Lokkhi Chele චිත්‍රපටයේය. ඇය Pather Panchali වලින් පසුව ක්‍රියාශීලීව චිත්‍රපට රංගනයට දායක නොවුනත්, එහි සිටි දුර්ගා ඉන්දියානු සිනමාවේ අමතක නොවන චරිතයක් වී හමාරය. 

 



2024 නොවැම්බර් 18 වැනිදා ඇය පිළිකා රෝගී තත්වයකින් මිය යනවා.

ඇයට සුව නින්දක් ප්‍රර්ථනා කරමු. 

(රමිත විමුක්ති)

 (උපුටා ගැනීම -  Ramitha Vimukthi ගේ ෆේස්බුක් පිටුවෙන් )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...