BREAKING
Top Ad
පුවත්

ජෙනරාල් ජගත් ජයසූරිය ශ්‍රී ලංකාවට හමුදා පාලනයක් යෝජනා කරයි (VIDEO)

T

The Leader

July 11, 2019 • 11:39 AM

ජෙනරාල් ජගත් ජයසූරිය ශ්‍රී ලංකාවට හමුදා පාලනයක් යෝජනා කරයි (VIDEO)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ප්‍රහාරයෙන් පසු රට වැටී තිබෙන තත්වයෙන් ගොඩගැනීම සඳහා හමුදා නීතිය යටතේ හමුදා පාලනයක් පවත්වාගෙන යා යුතු බව ශ්‍රී ලංකාවේ සන්නද්ධ අංශ වල ඉහලම නිලය දැරූ සෙන්පතියෙක් යෝජනා කර තිබේ.
  • මේ වෙලාවේ ඇත්තටම හිටියානම් ඒක ගොඩක් දුරට තත්වය වෙනස් කරගන්න තිබුනා.”   වෙළෙඳ ආධිපත්‍යය සිංහලයින් අතට !
  • තමන් 39 අවුරුද්දක් හමුදා සේවයේ සිටි බවද සභාවට සිහිපත් කර දුන් හිටපු හමුදාපතිවරයා, සිංහල ව්‍යාපාරිකයන් එක්වී රටේ බහුතරය අතට වෙළෙඳ ආධිපත්‍යය ගැනීමට කටයුතු කිරීමට ගන්නා උත්සාහය ප්‍රශංසාවට ලක් කළේය.
  • මීට ඉහතදී ද හිට්ලර් පන්නයේ ඒකාධිපති පාලනයක් පිහිටුවන ලෙස අස්ගිරි පාර්ශවයෙන්ද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට යෝජනා කර තිබුනි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

“අප්‍රේල් 21 සිද්ධියෙන් පස්සේ හමුදා නායකයෙක් හිටියානම් මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නෑ,” යි හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරිය සිංහල ව්‍යාපාර නගා සිටුවීම සඳහා අලුතින් පිහිටුවා ගත් සංවිධානයක මංගල සමුළුව අමතා කියා සිටියේය.

“මාෂල් ලෝ දාලා, මිලිටරි ලීඩර් කෙනෙක් බාර අරගෙන රටේ තත්වය නැවත ගොඩ නගන්න,” යුද අපරාධ නඩු වැටී ඇති හිටපු හමුදාපතිවරයා යෝජනා කළේ, දෙව් සිලෝන් හෝල්ඩිංග්ස් යන ඉංග්‍රීසි නමින් සිංහල ව්‍යාපාර ජාලයක් පිහිටුවීමේ සමාරම්භක හමුව පැවැත්වූ කිරිබත්ගොඩ පාර්ක් රෝයල් හෝටලයේදීය.

“ඒකේ අවශ්‍යතාවක් තිබුනා, සිද්ධි වලින් පස්සේ දැනට තියෙන වත්මන් තත්වය උඩ බලනකොට... මේ වෙලාවේ ඇත්තටම හිටියානම් ඒක ගොඩක් දුරට තත්වය වෙනස් කරගන්න තිබුනා.”

 

වෙළෙඳ ආධිපත්‍යය සිංහලයින් අතට !

තමන් 39 අවුරුද්දක් හමුදා සේවයේ සිටි බවද සභාවට සිහිපත් කර දුන් හිටපු හමුදාපතිවරයා, සිංහල ව්‍යාපාරිකයන් එක්වී රටේ බහුතරය අතට වෙළෙඳ ආධිපත්‍යය ගැනීමට කටයුතු කිරීමට ගන්නා උත්සාහය ප්‍රශංසාවට ලක් කළේය.

මීට ඉහතදී ද හිට්ලර් පන්නයේ ඒකාධිපති පාලනයක් පිහිටුවන ලෙස අස්ගිරි පාර්ශවයෙන්ද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට යෝජනා කර තිබුනි.

හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ලතින් ඇමරිකාවේ රටවල් කිහිපයක තානාපතිවරයා ලෙස පත් කර සිටියදී ජෙනරාල් ජගත් ජයසූරිය හදිසියේ ආපසු පැමිණියේ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් කලාපයේ අධිකරණ කිහිපයක ඔහුට විරුද්ධව නඩු පැවරීම නිසාය.

යුද්ධයේ අවසන් අදියරේ දී උතුරේ ආරෝග්‍යශාලා ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කළ, ඝාතන සිදු කළ, දහස් ගණනක් ජනතාව අතුරුදහන්කිරීමට සහ හිංසනයට ලක් කළ හමුදා බලසේනා අධීක්ෂණය කිරීම ජගත් ජයසුරියට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

තමන්ට තානාපති ධුර දුන් ජනාධිපති සිරිසේන බලයට පැමිණීමෙන් පසු ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි ප්‍රමුඛත්වය දී කටයුතු නොකළ බවට ජෙනරාල් ජගත් ජයසුරියගේ විවේචනයට ලක් විය.

“ආරක්ෂාව සම්බන්ධයෙන් දීපු ප්‍රමුඛත්වය අඩු වුනු නිසා වෙන්නේ ඕනේ අපිට මේ අප්‍රේල් 21 දින සිද්ධීන් ඇතිවෙන්න ප්‍රධාන හේතුව.”

 

යුද හමුදා නිලධාරීන්ට නඩු නොදමන නීති !

පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ දෙසොහොයුරන් ගේ නායකත්වයෙන් රැස්වූ ජගත් ජයසූරිය ප්‍රමුඛ හිටපු ත්‍රිවිධ හමුදා සෙන්පතියන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට භාරදුන් යෝජනා මාලාවකින් ඉල්ලා තිබුනේ යුද හමුදා නිලධාරීන්ට නඩු නොදමන නීති සම්පාදනය කරන ලෙසයි.

ජාතික ආරක්ෂාවට ප්‍රමුඛස්ථානයක් ලබා දීම මගින් සිංහල ව්‍යාපාරවලට සුරක්ෂිත ස්ථානයක් ලබා දෙන්නට අනාගත රාජ්‍ය නායකයන් පියවර ගනු ඇති බවට හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා කිරිබත්ගොඩ සිංහල ව්‍යාපාරික සභාව හමුවේ විශ්වාසය පල කළේය.

(gagana.lk)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...