BREAKING
Top Ad
පුවත්

තවත් පුරාජේරුවක්: ලංකාවේ උපන් බුදුන් වහන්සේ මුලින්ම වන්නියේ බණ දෙසූ හැටි (VIDEO)

T

The Leader

July 12, 2019 • 11:05 AM

තවත් පුරාජේරුවක්: ලංකාවේ උපන් බුදුන් වහන්සේ මුලින්ම වන්නියේ බණ දෙසූ හැටි (VIDEO)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශතවර්ෂ 25 කට වැඩි කාලයක් පැවති ඓතිහාසික සම්මතය ප්‍රතික්ෂේප කරන ප්‍රකට මනෝවිද්‍යා උපදේශකයෙක් බුදුන් වහන්සේ මහනුවර ආසන්නයේ උපත ලබා පළමු ධර්ම දේශනය හෙළ බසින් වවුනියාවේදී පැවැත්වූ බව පවසයි.
  • පළමු වානේ නෞකාව, පළමු ස්නයිපර් තුවක්කුව ඇතුළු බොහෝ නිෂ්පාදන සිංහලයාගේ විස්කම් ලෙස හඳුන්වා දුන් ඔහු පවසන පරිදි පළමු මානවයා බිහිවූයේද ශ්‍රී ලංකාවෙනි.
  • එවැනි දස්කම් පෑ සිංහල පරපුරේ ව්‍යාපාරික ප්‍රජාව පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගැනීමට සුදුස්සන් බවට අවධාරණය කළ ඔහු රාජ්‍ය නායකත්වය සඳහා ඊටත් වඩා යෝග්‍ය ලෙස යෝජනා කළේ හමුදා පාලකයෙකි.
  • චන්දන ගුණවර්ධන තාමන් හඳුන්වා දී ඇත්තේ ග්‍රන්ථ 30 කට වඩා රචනා කොට ඇති “ජීවිතයේ සියලුම ක්ෂේත්‍ර වල වඩාත් සාර්ථක භාවයක් හා සතුටක් අත් කරගැනීම සඳහා ජනතාවගේ ජීවිත රූපාන්තරණය කරන දුරදර්ශී නායකයෙක්,” ලෙසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

රාජකීය පණ්ඩිත දොඩම්පහල රාහුල හිමියන්ද හමුවේ චන්දන ගුණවර්ධන නම් දේශකයා මෙම විශ්මිත ප්‍රකාශනය කළේ සිංහල වෙළෙඳ ව්‍යාපාරික ජාලයක් පිහිටුවාගැනීම සඳහා කිරිබත්ගොඩ පාර්ක් රෝයල් හෝටල් ශ්‍රවනාගාරයට එක්වූ ගිහි පැවිදි සමූහයක් අමතමිනි.

පළමු වානේ නෞකාව, පළමු ස්නයිපර් තුවක්කුව ඇතුළු බොහෝ නිෂ්පාදන සිංහලයාගේ විස්කම් ලෙස හඳුන්වා දුන් ඔහු පවසන පරිදි පළමු මානවයා බිහිවූයේද ශ්‍රී ලංකාවෙනි.

එවැනි දස්කම් පෑ සිංහල පරපුරේ ව්‍යාපාරික ප්‍රජාව පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගැනීමට සුදුස්සන් බවට අවධාරණය කළ ඔහු රාජ්‍ය නායකත්වය සඳහා ඊටත් වඩා යෝග්‍ය ලෙස යෝජනා කළේ හමුදා පාලකයෙකි.

ඔහුගේ අදහස සභාව ඇමතූ හිටපු හමුදාපති ජගත් ජයසූරිය විසින්ද අනුමත කරන ලදී.

චන්දන ගුණවර්ධන තාමන් හඳුන්වා දී ඇත්තේ ග්‍රන්ථ 30 කට වඩා රචනා කොට ඇති “ජීවිතයේ සියලුම ක්ෂේත්‍ර වල වඩාත් සාර්ථක භාවයක් හා සතුටක් අත් කරගැනීම සඳහා ජනතාවගේ ජීවිත රූපාන්තරණය කරන දුරදර්ශී නායකයෙක්,” ලෙසිනි.

(gagana.lk) 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...