BREAKING
Top Ad
පුවත්

ජගත් නෙට්බෝල් තරගාවලිය: ශ්‍රී ලංකාව පළමු ජය ලබාගනී (VIDEO)

T

The Leader

July 15, 2019 • 10:27 PM

ජගත් නෙට්බෝල් තරගාවලිය: ශ්‍රී ලංකාව පළමු ජය ලබාගනී (VIDEO)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වසරේ ජගත් කාන්තා නෙට්බෝල් තරගාවලියේ පළමු ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වී තිබේ.
  • ජයග්‍රාහී ගෝල සංඛ්‍යාවෙන් 76ක්ම ලබාගෙන ඇත්තේ සමස්ත 2019 තරගාවලියේ මේතාක් වැඩිම ලකුණු සංඛ්‍යාව හිමිකාරගත් තර්ජිනී සිවලිංගම් ය.
  • ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකා පිලේ නායිකා චතුරංගි ජයසූරිය ' gagana.lk ' වෙනුවෙන් ප්‍රසාද් සේනාධීර සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ආසියානු ශුරතාවය දිනා ගත් අවස්ථාවේ සිගප්පුරුව පරාජය කළාට වැඩි සතුටක් තමන්ට දැනුනු බවයි.
  • අද දිනයේ ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතව ඇත්තේ සැමෝවා සහ ෆිජි කණ්ඩායම් සමගයි.
අකුරු ප්‍රමාණය (Font Size):



එහිදී ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 88 ට පිළිතුරු වශයෙන් ඒ හා තරග වැදුනු සිංගප්පුරුව ලබාගෙන ඇත්තේ ලකුණු 50ක් පමණි.

ජයග්‍රාහී ගෝල සංඛ්‍යාවෙන් 76ක්ම ලබාගෙන ඇත්තේ සමස්ත 2019 තරගාවලියේ මේතාක් වැඩිම ලකුණු සංඛ්‍යාව හිමිකාරගත් තර්ජිනී සිවලිංගම් ය.

ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකා පිලේ නායිකා චතුරංගි ජයසූරිය 'gagana.lk' වෙනුවෙන් ප්‍රසාද් සේනාධීර සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ආසියානු ශුරතාවය දිනා ගත් අවස්ථාවේ සිගප්පුරුව පරාජය කළාට වැඩි සතුටක් තමන්ට දැනුනු බවයි.

අද දිනයේ ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතව ඇත්තේ සැමෝවා සහ ෆිජි කණ්ඩායම් සමගයි.

තරගයේ උණුසුම් අවස්ථා සහ නායිකා චතුරංගි ජයසූරිය සමග කතාබහ පහල වීඩියෝවේ. 


නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලිය එංගලන්තයේ ලිවර්පූල්හිදී ජුලි 12දා ආරම්භ විය. මෙවර තරගාවලියට රටවල් 16ක් තරග කරන අතර වත්මන් ආසියානු නෙට්බෝල් ශූරියන් වන ශ්‍රී ලංකාව ද ඊට ඇතුළත් ය.

නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලියේ මූලික වටය කාණ්ඩ 4ක් යටතේ ක්‍රියාත්මක අතර ශ්‍රී ලංකාව එහිදී A කාණ්ඩයෙන් තරග කරයි.

974a91ce netball team sri lanka
ශ්‍රී ලංකාව කණ්ඩායමක් ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලියකට එක්වන දස වන අවස්ථාව මෙයයි. 

1963 වසරේදී 10 වන ස්ථානය දිනා ගැනීම නෙට්බෝල් ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව මෙතෙක් දැක් වූ ඉහළ දක්ෂතාව වේ.  2015 වසරේ අවසන් වරට පැවැති නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවට 16 වන ස්ථානය හිමි විය.

අවසන් වරට පැවති නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලි තුනෙහිම ශූරියන් බවට පත් වූයේ ඔස්ට්‍රේලියාවයි. ඔවුන් මේ දක්වා දිනා ඇති නෙට්බෝල් ලෝක කුසලාන සංඛ්‍යාව 11කි.

 නවසීලන්තය අවස්ථා 4කදී නෙට්බෝල් ලෝක කුසලානය දිනා ගෙන ඇති අතර ට්‍රිනිඩෑඞ් හා ටොබැගෝ රාජ්‍ය එක් වරක් නෙට්බෝල් ලෝක කුසලානය දිනා ගැනීමට සමත්ව තිබේ.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...