BREAKING
Top Ad
පුවත්

නාමල්ගේ හමීඩියාස් මඟුල් ඇඳුම මුස්ලිම්වරු ඇන්ඳීමට ද? (VIDEO)

T

The Leader

September 15, 2019 • 8:56 AM

නාමල්ගේ හමීඩියාස් මඟුල් ඇඳුම මුස්ලිම්වරු ඇන්ඳීමට ද? (VIDEO)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ සිය මගුල් ඇඳුම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් විශේෂඥයා වන හමීඩියාස් වෙතින් නිමවා ගැනීමට
  • එහි ජනප්‍රියත්වය කෙසේද යත් 'පොහොට්ටු' අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂගේ ප්‍රචාරය ව්‍යපෘති අභිබවා යමින් මේ දිනවල නාමල්-ලීමිනි මඟුලට අදාල මෙම වීඩියෝවට හා නව යොවුන් යුවලගේ  ජායාරුපවලට 'පොහොට්ටු' සමාජ ක්‍රියාකාරීන් දායක වී ඇති අකාරයෙන් පැහැදිලිවේ.
  • හමීඩියාස් ආයතනයේ හිමිකරු ෆවුසුල් හමීඞ්, නාමල් ගේ මඟුල් ඇඳුම නිමවා හැඩ ගන්වන ආකාරය දැක්වෙන මෙම වීඩියෝව සිය ප්‍රචාරක අරමුණු වෙනුවෙන් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙන බව පෙනේ.
  • එසේ සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති අතර මෙම වීඩියෝවට නාමල් රාජපක්ෂගේ සමාජ මාධ්‍ය ජාලය හරහා සංවිධානාත්මක ලෙස බෙදාහරිමින් තිබෙන්නේ, හුදෙක්ම නාමල් රාජපක්ෂගේ දේශපාලන ප්‍රතිරූපය ඔසවා තැබීමට බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):

අදාලව සමාජ මාධ්‍යය වෙත නිකුත්කර 'බූස්ට්' කර ඇති ඇති වීඩියෝවට මේ වනවිට පුළුල් ප්‍රතිචාරයක් ලැබෙමින් පවතී.

එහි ජනප්‍රියත්වය කෙසේද යත් 'පොහොට්ටු' අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂගේ ප්‍රචාරය ව්‍යපෘති අභිබවා යමින් මේ දිනවල නාමල්-ලීමිනි මඟුලට අදාල මෙම වීඩියෝවට හා නව යොවුන් යුවලගේ  ජායාරුපවලට 'පොහොට්ටු' සමාජ ක්‍රියාකාරීන් දායක වී ඇති අකාරයෙන් පැහැදිලිවේ.

හමීඩියාස් ආයතනයේ හිමිකරු ෆවුසුල් හමීඞ්, නාමල් ගේ මඟුල් ඇඳුම නිමවා හැඩ ගන්වන ආකාරය දැක්වෙන මෙම වීඩියෝව සිය ප්‍රචාරක අරමුණු වෙනුවෙන් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙන බව පෙනේ.

එසේ සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති අතර මෙම වීඩියෝවට නාමල් රාජපක්ෂගේ සමාජ මාධ්‍ය ජාලය හරහා සංවිධානාත්මක ලෙස බෙදාහරිමින් තිබෙන්නේ, හුදෙක්ම නාමල් රාජපක්ෂගේ දේශපාලන ප්‍රතිරූපය ඔසවා තැබීමට බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසති.

 

කෙසේවුවද රාජපක්ෂවරුන්ගේ දේශපාලන න්‍යයාචර්යාවරුන් මුස්ලිම් කඩවලින් බඩු ගැනීම වර්ජනය කරන්නැයි සිංහල ජනතාවට බලකර සිටින සමයක, නාමල් දේශපාලන වාසි තකා හෝ කල මෙම ක්‍රියාව theleader.lk අගය කරන අතර මෙම වීඩියෝවට අදාලව සමාජ මාධ්‍ය වල පළවී ඇති පොස්ටු හා සටහන් කිහිපයක් මෙසේ පළකරමු.

1- සංජය ලියනගේ fb සටහන

හම්බ කඩ (මුස්ලීම් ව්‍යාපාර ) වර්ජනය කරන්නද ෆෙන්..?

දැන් මුස්ලීම් කඩ හොඳයිද ෆෙන් ..?

සිංහල බෞද්ධ කඩ වලින් පමණක් ගනුදෙනු කරන්නද ෆෙන් ..?

හමීඩියා සිංහල බෞද්ධ වෙලාද ෆෙන් ..?

සිංහල බෞද්ධයා වඳ තර්ජනයෙන් ගැලවෙලාද ෆෙන් ..?

ඔය බොරු ප්‍රෝඩාවට තමයි බං අපි විරුද්ධ !

 

2- ප්‍රනාන්දු ප්‍රසංගගේ fb සටහන

-මුස්ලිම් කඩ වලින් බඩු ගන්න එපා තම්බින්ව වර්ජනය කරමු යැයි මතවාදය හැදු ගොබ්බයන්ට දැනගැනීම පිනිසයි,,,,,

පොහොට්ටුවේ ඉන්න ගොබ්බ ගොත්‍රිකයන්ට සාපේක්ශව නාමල් උබ මාරයි

තොපි මරාගත්තට Namal Rajapaksha ට ජාති බේද ආගම් බේද නැහැ ගොබ්බයිනි,,,, තොබි අම්බ ගොබ්බයෝ ලැජ්ජ වෙයවු,,


03. සුනෙත් අබේධීරගේ fb සටහන

හෙන අවුල ෆෙන්..

04. ඉන්දික රත්නායකගේ  fb සටහන

නාමල් බෙබිට හමිඩියා ඇදුම් හොඳ නැ කියලා රාවණා බලයෙ හාමුදුරුවෝ හරි රනවිරු විරවංශ හරි කිවෙ නැත්තේ ඇයි ?

 

05. උවිඳු කුරුකුලසූරියගේ fb සටහන

මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියපු අයට ඌයිය වෙයිද දන්නෙ නැහැ. මඟුල් සූට් එක හමීඩියා එකෙන් මහගෙන තියෙන්නෙ :) වඳ ක්‍රීම් ගාලද රෙද්දෙ කියල අවුරුද්දකින් විතර බලා ගත හැකි

සබැඳි පුවත් :

ගෝඨාගේ අගසව් විමල් ගෙන් මුස්ලිම් ව්‍යාපාරිකයින්ට තර්ජනයක්!

විමල්ගෙන් මුස්ලිම් ව්‍යාපාරිකයින්ට තර්ජනයක් ! (Video)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...