BREAKING
Top Ad
පුවත්

ප්‍රජාතන්ත්‍රවාදයට මුල්තැන - එජාපෙ අපේක්ෂකයා ඡන්දයකින්! (Video)

T

The Leader

September 16, 2019 • 6:36 AM

ප්‍රජාතන්ත්‍රවාදයට මුල්තැන - එජාපෙ අපේක්ෂකයා ඡන්දයකින්! (Video)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 106 දෙනාගේ වැඩි ඡන්දයෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයා තෝරාගැනීම වහාම සිදුකළ යුතු
  • අමාත්‍යවරයා මේ පිළිබඳ අවධාරණය කර සිටියේ අද (16) පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
  • මේ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ අපේක්ෂකයා ජයග්‍රහනය කර ඉදිරියට යන්න නම් පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට අනුකූල වූ සන්ධානයක් ගොඩනගාගත යුතුය.
  •  ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන ලෝක සම්ප්‍රදාය ද මෙය බව ද මෙහිදී පෙන්වා දුන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):

බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක  පවසා සිටියි.

අමාත්‍යවරයා මේ පිළිබඳ අවධාරණය කර සිටියේ අද (16) පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, ඉදිරි දෙසැම්බර් 8ට පෙර නව ජනාධිපතිවරයෙක් පත්කරගත යුතු බවත්, මේ වනවිට අනෙකුත් සියලු පක්ෂ කණ්ඩායම් සිය අපේක්ෂකයා නම් කර ඇති නමුත් දැනට ආණ්ඩුව කරවන ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුරේ අපේක්ෂකයා තවමත් නම් කිරීමට අසමත් වී ඇති බවයි.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍යවරයා කරුණු තුනක් මත සිය පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කර සිටී. ඒ අනුව, 

1. මේ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ අපේක්ෂකයා ජයග්‍රහනය කර ඉදිරියට යන්න නම් පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට අනුකූල වූ සන්ධානයක් ගොඩනගාගත යුතුය.

2. එකී සන්ධානය සඳහා වූ නිශ්චිත කාලවකවානු සහිත වැඩපිළිවෙළක් සකස් කළ යුතුය.

3. කාගෙත් සම්මුතියෙන් පත්කරගන්නා අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම කළයුතුය.

sep 16 Text 5මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින්, පසුගිය අගෝස්තු 24 දින සන්ධාන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වූ කරුණු සාකච්ඡා කොට සම්මුතියකට එළැඹුණු බවත්, අපෙක්ෂකයා නම් කිරීම වහාම සිදුකරන ලෙස ඒ අවස්ථාවේදීම එක්සත් ජාතික පෙරමුණේ සහකාර පක්ෂ විසින් එජාපයට දැනුම් දුන් බවත්, කෙසේ වෙතත් මේ වන තෙක් අපේක්ෂකයා සම්බන්ධයෙන් නිශ්චිත තීරණයකට එළඹ නැති බව අමාත්‍යවරයා කියා සිටියේය.

කෙසේ නමුත් රට හමුවේ රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස යන නම් දෙකම ඉදිරිපත් වී ඇති බවත් තවමත් එකඟතාවයකට පැමිණීමට අපෝසත් වීම නිසා විවිධ ගැටලුව නිරාකරණය කරගැනීමෙන් තොරව ඉදිරියට යා නොහැකි බව ද එකී ගැටලුව විසඳා ගැනීම වෙනුවෙන් වූ සිය පක්ෂයේ යෝජනාව ලෙස අමාත්‍යවරයා පවසා සිටියේ, මෙය පුළුල් සන්ධානයකින් තරග කරන්න යන නිසා, එජාපයට තවමත් මේ සඳහා විසඳුමක් නොමැති නිසා, දැනට රජය නියෝජනය කරන මන්ත්‍රීවරු 106 දෙනා වහාම කැඳවලා ඔවුන්ගේ බහුතර කැමැත්ත සහිත අපේක්ෂකයා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතුය යැයි අවධාරණය කර සිටියේය.

එය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය බවත්, එසේම මෙය රටට අලුත් සම්ප්‍රදායක් වන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ, මෙහිදී එක් අපේක්ෂකයකු තෝරාගත් පසු පරාජිත අපේක්ෂකයා ඇතුළු පිරිස කඩාකප්පල් කාරී කටයුතු නොකර එකාවන්ව ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ යුතු බවයි.  ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන ලෝක සම්ප්‍රදාය ද මෙය බව ද මෙහිදී පෙන්වා දුන්නේය.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...