BREAKING
Top Ad
පුවත්

ගෝඨාබය මාධ්‍ය හමුවේදී ඇන ගනී: වාසියේදී ‘යුද්ධ කළේ අයියයි මමයි’ ; අවාසියේදී අපි නොවේ හමුදාපතියි’ (VIDEO)

T

The Leader

October 15, 2019 • 10:14 PM

ගෝඨාබය මාධ්‍ය හමුවේදී ඇන ගනී: වාසියේදී ‘යුද්ධ කළේ අයියයි මමයි’ ; අවාසියේදී අපි නොවේ හමුදාපතියි’ (VIDEO)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘ගෝඨාස් වෝ’ නමින් පොත් ලියවා ගනිමින් යුද්ධ කෙළේ තමාත් අයියාත් බව බෑඟිරි ගහන ගෝඨාබය රාජපක්ෂ ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවක දී විදෙස් මාධ්‍යවේදිනියකගේ
  • නැවත මාධ්‍යවේදිනිය ප්‍රශ්නය නඟමින් “ඔබ ආරක්ෂක ලේකම් ලෙසත් ඔබගේ සොහොයුරා වන මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් යුද්ධය පැවතී කාලය අතර තුරදී අත් අඩංගුවට ගත් හෝ හමුදාවට භාරවුන එල්ටීටීඊ සාමාජිකයන්ට සිදු වුයේ කුමක්ද?” යන්නයි.
  • යළිත් පිළිතුරු දුන් ගෝඨාභය කියා ඉතා පැහැදිලිව කියා සිටියේ ‘යුද්ධයට නායකත්වය දුන්නේ තමන් හෝ තම සහෝදරයා නොව එයට නායකත්වය ලබා දුන්නේ එවකට හමුදාවේ සිටි හමුදාපති’ බවයි.
  • ඊට ඍජු පිළිතුරක් ගෝඨාභය නොදුන් අතර ඔහු කීවේ එය චෝදනාවක් පමණක් බවත් එවැනි අතුරුදහන් කිසිවෙකු ගැන තොරතුරු වාර්තා නැති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රබල ප්‍රශ්නයක් හමුවේ කියා සිටියේ යුද්ධ කෙළේ තමන් හෝ අයියා නොවන බවත් යුද්ධ කෙළේ හමුදාපති බවයි.

කොළඹදී පැවති එම මාධ්‍ය හමුවේ දී පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබයගෙන් 'හින්දු' පුවත්පතේ මාධ්‍යවේදිනී මීරා ශ්‍රී නිවාසන් විසින් අසා සිටියේ “ඔබ විසින් නායකත්වය ලබා දුන් යුද්ධය පැවතී කාලය අතරතුරදී අත් අඩංගුවට ගත් හෝ හමුදාවට භාරවුන එල්ටීටීඊ සාමාජිකයන් අතුරුදහන් වූ බවට ඔවුන්ගේ ඥාතීන් චෝදනා කරන බවත් සත්‍ය වශයෙන් ඔවුන්ට සිදු වුයේ කුමක්ද?” යන්නයි. 

ඊට පිළිතුරු දුන් ගෝඨාබය ප්‍රථමයෙන්ම කියා සිටියේ ශ්‍රී ලංකා යුධ හමුදාවට නායකත්වය ලබා දුන්නේ තමන් නොවන බවයි.

නැවත මාධ්‍යවේදිනිය ප්‍රශ්නය නඟමින් “ඔබ ආරක්ෂක ලේකම් ලෙසත් ඔබගේ සොහොයුරා වන මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් යුද්ධය පැවතී කාලය අතර තුරදී අත් අඩංගුවට ගත් හෝ හමුදාවට භාරවුන එල්ටීටීඊ සාමාජිකයන්ට සිදු වුයේ කුමක්ද?” යන්නයි.

යළිත් පිළිතුරු දුන් ගෝඨාභය කියා ඉතා පැහැදිලිව කියා සිටියේ ‘යුද්ධයට නායකත්වය දුන්නේ තමන් හෝ තම සහෝදරයා නොව එයට නායකත්වය ලබා දුන්නේ එවකට හමුදාවේ සිටි හමුදාපති’ බවයි.

''එල්ටීටීඊ සාමාජිකයෙක් අතුරුදහන්ව නැ''

යලිත් ප්‍රශ්නය කුමක්දැයි අසා සිටි ගෝඨාබය කීවේ බාරවුනු කිසිදු එල්ටීටීඊ සාමාජිකයෙක් අතුරුදහන්ව නැති බවත් බාර වූ සියළු දෙනා පුනරුත්ථාපනය කොට යළි සමාජගත කළ බවත් කොටසක් හමුදාවට අනුයුක්ත කරගත් බවයි. 

අතුරුදහන් වූවන් ඉන්නේ යුද්ධය අතරතුරදී බවත් හාරදහසක පමණ යුද හමුදා සෙබලුන්ද යුද්ධයේ දී අතුරුදහන්ව ඇති බවත් ‌ගෝඨාබය කීය.

එවිට මාධ්‍යවේදිනිය යළිත් ප්‍රශ්න කෙළේ ‘ඒසේ නම් උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ ඥාතීන් බොරු කියන්නේද?” යනුවෙනි. ඊට ඍජු පිළිතුරක් ගෝඨාභය නොදුන් අතර ඔහු කීවේ එය චෝදනාවක් පමණක් බවත් එවැනි අතුරුදහන් කිසිවෙකු ගැන තොරතුරු වාර්තා නැති බවයි.

ඊට පිළිතුරු දෙමින් මාධ්‍යවේදිනිය කියා සිටියේ රාජපක්ෂ යුගයේ පත් කළ පරණගම කොමිෂන් සභා වාර්තාවේ එවැනි අතුරුදහන් වූ අයගේ නම් ගම්, බාර වූ ස්ථාන, දින ආදිය ගැන පැහැදිලිව සඳහන්ව තිබෙන බවයි. ‌ගොලු වූ ‌ගෝඨාබය ඒ ගැන තමන් නොදන්නා බව කියා සිටියේ ය.

‘යන්නෙ කොහෙද? මල්ලෙ පොල්’ කතා !

පසුව ගෝඨාබය කීවේ අතීතය ගැන ප්‍රශ්න නොඅසන ලෙසත් තමන් පැමිණෙන්නේ අනාගතය ගැන ක්‍රියා කරන ජනාධිපතිවරයා ලෙස පත්වීමට බවයි. 

මුළු මාධ්‍ය හමුව පුරා අසන ප්‍රශ්නයට ‘යන්නෙ කොහෙද? මල්ලෙ පොල්’ ජාතියේ පිළිතුරු දුන් ගෝඨාබය තවත් බොහෝ ප්‍රශ්න වලදී පසෙක සිටි තම අයියා මහින්දගේ මුහුණ බලමින් ඔහුගෙන් පිළිතුරු අයැද සිටීම කැපී ‌පෙණුනු කාරණයක් විය.

ගෝඨාබය ඇන ගත් ප්‍රශ්නය සම්බන්ධ වීඩියෝවක් පහත දිගුවේ දැක්වේ

(උපුටා ගැනීම - ලංකා ඊ නිව්ස් FB පිටුවෙන්)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...