BREAKING
Top Ad
පුවත්

කුමන හේතුවකටවත් අනුර ඉවත් වන්නේ නැහැ! - බැසිල් දෙවන මනාප හිඟමනේ (VIDEO)

T

The Leader

October 18, 2019 • 11:17 AM

කුමන හේතුවකටවත් අනුර ඉවත් වන්නේ නැහැ! - බැසිල් දෙවන මනාප හිඟමනේ (VIDEO)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජවිපෙ නායක අනුර කුමාර දිසානායක කිසිදු හේතුවක් නිසා ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත් වීමක් සිදු නොවන බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් 'රාවය' පුවත්පතට පවසා ඇත.
  • – ජවිපෙ  මේ අතර පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ගෙන් ජාතික ජනබලවේගයේ දෙවන මනාපය ගෝඨාබය රාජපක්ෂවෙත ලබාදෙන්නැයි ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.
  • ඒ සම්බන්ධයෙන් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක මෙසේ අදහස් දැක්විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු ඒ බව සඳහන් කර ඇත්තේ, ගෝඨාබය රාජපක්ෂ පරාජයට පත්කිරීමට සජිත් ප්‍රේමදාසට සහයෝගය දක්වනු පිණිස ජනාධිපතිවරණයෙන් ඉවත් වන ලෙසට අනුර කුමාර දිසානායක වෙත එක්සත් ජාතික පෙරමුණු පාර්ශවයෙන් ඉල්ලීමක් කළහොත් ඒ සම්බන්ධයෙන් ජවිපෙ ස්ථාවරය කුමක්ද යන 'රාවය' යොමු කළ ප්‍රශ්නයට ප්‍රතිචාරයක් වශයෙනි.

ජාතික ජන බලවේගයෙන් තරඟ කරනු ලබන අනුර ජනාධිපතිවරණයෙන් ඉවත්වීමට හෝ ජාතික ජනබලවේගය හරහා සජිත් ප්‍රේමදාසට දෙවන මනාපය ලබා දෙන ලෙසට ජනතාවට ප්‍රකාශ කරන්නැයි කරනු ලබන ඉල්ලීම පිළිබඳව කිසිදු කතාබහක් සිදුකිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් නොවන බවද විජිත හේරත් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කර තිබේ.

සජිත් ප්‍රේමදාස සහ ගෝඨාබය රාජපක්ෂ යන දෙදෙනා අතර කිසිදු වෙනසක් දැකිය නොහැකි බවත් කිසිවෙකු විසින් ගෝඨාබය රාජපක්ෂ පරාජය කිරීම සඳහා අනුර දිසානායකගේ ඉවත්වීමක් අපේක්ෂා කරමින්, ඉල්ලීමක් කරන්නේ නම්, ඔවුන්ට කීමට ඇත්තේ ගෝඨාබය පරාජය කිරීමට අවශ්‍යනම් සජිත් ප්‍රේමදාසට ජනාධිපතිවරණයෙන් ඉවත් වීම බවද විජිත හේරත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

බැසිල් අපෙන් දෙවෙනි මනාපේ ඉල්ලුවා! – ජවිපෙ 

මේ අතර පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ගෙන් ජාතික ජනබලවේගයේ දෙවන මනාපය ගෝඨාබය රාජපක්ෂවෙත ලබාදෙන්නැයි ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.

ඒ සම්බන්ධයෙන් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක මෙසේ අදහස් දැක්විය.

වීඩියෝ 

සබැඳි පුවත් :

දෙවැනි මනාපය ලකුණු කළොත් කිල්ලට හසුවෙයි ද? -ගාමිණී වියන්ගොඩ (ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරාත්මක අවධානය පිණිසයි) 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...