BREAKING
Top Ad
පුවත්

'යක්ෂයා දොර ළඟ, වීණා ගහලා වැඩක් නෑ' -ආචාර්ය ජයම්පති (VIDEO)

T

The Leader

October 27, 2019 • 7:14 AM

'යක්ෂයා දොර ළඟ, වීණා ගහලා වැඩක් නෑ' -ආචාර්ය ජයම්පති (VIDEO)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2015 ලබා ගත් ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය, අධිකරණ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට නම් සජිත් ප්‍රේමදාස වෙත සහය දිය යුතු බව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීවරයා පවසයි.
  • මීට අවුරුද්දකට විතර කලින් 'වියත්මග' සම්මේලනයක කමල් ගුණරත්න කිව්වේ මොකද්ද, ව්‍යවස්ථා වෙනසට වැඩ කරන අය නෙමෙයි ව්‍යවස්ථා වෙනසට සහයෝගය දෙන අය පවා මරලා, අර 87, 89, 90 කාලයේ වගේ ඔවුන්ගේ මිනි දණහිසෙන් ඉහළට ගෙනියන්න බැරි වෙන්න, පැදුරේ ඔතලා වලලනවා කියලා.
  • ඒ නිසා තවදුරටත් යක්ෂයා දොර ලඟ ඉන්නකොට වීණා ගායනා කරලා වැඩක් නෑ .....
  • 2015 දි ලැබුණ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය රැකගැනීමට, අධිකරණ ස්වාධීනතාවය රැක ගැනීමට, ස්වාධීන කොමිෂන් සභාව ඇති අයිතිය රැකගන්න , පාර්ලිමේන්තුව දිගටම ශක්තිමත්ම ආයතනය විදියට පවත්වා ගෙන යන්න නම් අපි ට මේ පියවර ගන්න සිද්ධ වෙනවා.” මන්ත්‍රිවරයා සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊයේ (26) පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.

“හරිම භයානකයි මේ එන්න ඉන්න සතුරා. මීට අවුරුද්දකට විතර කලින් 'වියත්මග' සම්මේලනයක කමල් ගුණරත්න කිව්වේ මොකද්ද, ව්‍යවස්ථා වෙනසට වැඩ කරන අය නෙමෙයි ව්‍යවස්ථා වෙනසට සහයෝගය දෙන අය පවා මරලා, අර 87, 89, 90 කාලයේ වගේ ඔවුන්ගේ මිනි දණහිසෙන් ඉහළට ගෙනියන්න බැරි වෙන්න, පැදුරේ ඔතලා වලලනවා කියලා.

නාවික හමුදාවේ ඉහළ නිලයක් දරපු සරත් වීරසේකර මහත්තයා  කිව්වේ, ව්‍යවස්ථා සංශෝධන ගේන අය රාජ ද්‍රෝහීන් ඔවුනට නඩු දාන්න ඕන කියලා.

මේ වගේ පාලනයක් ආවොත් අධිකරණයට වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ, ඒ වින්නැහිත් අපි දන්නවා. ඒ නිසා තවදුරටත් යක්ෂයා දොර ලඟ ඉන්නකොට වීණා ගායනා කරලා වැඩක් නෑ .....

...ඊට වඩා වැදගත් දේශපාලන හේතුවක් තියනවා. අපි දැක්කා නාගරික පීඩතයින්ට සැළකුම් ලැබුණ හැටි කම්කරුවන්ට, රතු පස්වලදි, ධීවරයන්ට හාලාවතදි අපි දැක්කා ඇන්ටන් ප්‍රනාන්දුට වුණ වැඩේ මොකද්ද කියලා මේක තමයි අනාගතේ.

මේ ලේකම්ධූරයක් ලැබිලා ජනාධිපතිධූරයක් ලැබුණා නම් කොහෙම වෙයිද?

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බේර ගන්න. 2015 දි ලැබුණ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය රැකගැනීමට, අධිකරණ ස්වාධීනතාවය රැක ගැනීමට, ස්වාධීන කොමිෂන් සභාව ඇති අයිතිය රැකගන්න , පාර්ලිමේන්තුව දිගටම ශක්තිමත්ම ආයතනය විදියට පවත්වා ගෙන යන්න නම් අපි ට මේ පියවර ගන්න සිද්ධ වෙනවා.” මන්ත්‍රිවරයා සඳහන් කළේය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...