BREAKING
Top Ad
පුවත්

ශ්‍රීලනිප මන්ත්‍රීවරු 'ගෝඨාබයගේ' වේදිකාවට නොයන තින්දුවක් ! (VIDEO)

T

The Leader

November 3, 2019 • 12:24 AM

ශ්‍රීලනිප මන්ත්‍රීවරු 'ගෝඨාබයගේ' වේදිකාවට නොයන තින්දුවක් ! (VIDEO)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ දිනවීම වෙනුවෙන් තවදුරටත් පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) වේදිකාවට ගොඩ නොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීන්දුකර ඇත.
  • අම්පාරේ හු හඬ මෙන්න ''මට හු තියෙව්වේ බොන්න දිලා'' - ශාන්ත බණ්ඩාර මේ අතර ශ්‍රී ලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර පවසන්නේ, ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් අලව්වේ දී පැවති ජන රැලියේදී තමනට හූ කිව්වේ බීමතින් එවන ලද පිරිසක් බවයි.
  • තමන්ට පමණක් නොව විපක්ෂනායක මහින්ද රාජපක්ෂටද ඔවුන් හූ කියූ බවත් අවසානයේ ඔහුද අතරමඟ නැවැත්වූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
  • මෙම කටයුත්ත පසුපස සිටින්නේ ඊළඟට පාර්ලිමේන්තුවට ඒමට බලාපොරොත්තුවෙන් සිටින අය සහ පළාත් සභා යාමට බලාපොරොත්තුවෙන් සිටින අය බවද ඔහු පැවසුවේය.
අකුරු ප්‍රමාණය (Font Size):

'පොහොට්ටු' වේදිකාවට ගොඩවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ඉලක්ක කරමින් 'පොහොට්ටුවේ' ප්‍රාදේශීය නායකයින් සැලසුම් සහගතව  දිගින් දිගටම හූ තැබීමට සැලැස්වීම මිට හේතුවයි.

මේ හේතුවෙන් ගෝඨාබය රාජපක්ෂ වෙනුවෙන් තනිව ජනහමු පැවැත්වීමට ශ්‍රී ලනිපය මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.

මේවනවිට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හය දෙනකු පමණ පොහොට්ටු වේදිකාවල දී  ‘හූ’ සංග්‍රහයට ලක්වඇත. 

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඉලක්ක කරමින්, පොහොට්ටු පක්ෂයේ දිස්ත්‍රීක් නායකයින් මෙසේ දිගින් දිටගම හූ තැබීම් සිදු කරන්නේ මීලග මහ මැතිවරණයේ දී ශ්‍රීලනිප නියෝජිතයින් ගෙන් තමන්ට එල්ලවිය හැකි අභියෝග සම්බන්ධයෙන් පවතින බිය නිසා බවට අනාවරණයවී ඇත.

අම්පාරේ හු හඬ මෙන්න

''මට හු තියෙව්වේ බොන්න දිලා'' - ශාන්ත බණ්ඩාර

මේ අතර ශ්‍රී ලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර පවසන්නේ, ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් අලව්වේ දී පැවති ජන රැලියේදී තමනට හූ කිව්වේ බීමතින් එවන ලද පිරිසක් බවයි.

තමන්ට පමණක් නොව විපක්ෂනායක මහින්ද රාජපක්ෂටද ඔවුන් හූ කියූ බවත් අවසානයේ ඔහුද අතරමඟ නැවැත්වූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එසේ කටයුතු කරනු ලද්දේ විස්සක 20ක් පමණ සුළු පිරිසක් බවත් ඔවුන් සැලසුම් සහගතව අරක්කු පොවා එතැනට ගෙන්වා තබා තිබූ බවත් එම පිරිස ජන හමුව අවසන් ආරම්භයේ සිට අවසානය දක්වාම කෑගැසු බවත් තමන් කතා කරද්දී ද එම කෑගැසීම පවත්වාගෙන ගිය බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

මෙම කටයුත්ත පසුපස සිටින්නේ ඊළඟට පාර්ලිමේන්තුවට ඒමට බලාපොරොත්තුවෙන් සිටින අය සහ පළාත් සභා යාමට බලාපොරොත්තුවෙන් සිටින අය බවද ඔහු පැවසුවේය.

මන්ත්‍රීවරයා එබව පැවසුයේ, හෙට්ටිපොල පැවති ජන හමුවක් අමතමිනි.

 

සබැඳි පුවත් :

ජොනීගේ බේදද්දන් ශාන්ත බණ්ඩාරටත් හූ කියති : මහින්දටත් කතාව අතරමඟ නවතයි (VIDEO)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...