BREAKING
Top Ad
පුවත්

අනුරට ඡන්දය දෙන අයට තවත් අවස්ථාවක්: දෙවැනි මනාපය ගෝඨාබයට එරෙහිව (VIDEO)

T

The Leader

November 5, 2019 • 3:58 AM

අනුරට ඡන්දය දෙන අයට තවත් අවස්ථාවක්: දෙවැනි මනාපය ගෝඨාබයට එරෙහිව (VIDEO)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකට ඡන්දය දීමට බලාපොරොත්තුවන යම් පුද්ගලයකු ගෝඨාබය රාජපක්ෂ ජයගනු ඇතැයි බියට පත්ව සිටිනම් අනුර කුමාර දිසානායක වෙනුවෙන්
  •   හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත එබව සඳහන් කලේ නොවැම්බර් 02දා ඇඹිලිපිටියේදී පැවැත්වූ ජාතික ජනබලවේගයේ ජන රැලියේදීය.
  •    හැබැයි අපි ජනතාවට කියන්න ඔනේ අංක 1 අනුර දිසානායක සහෝදරයාට පාවිච්චි කිරීමෙන් තමයි ජාතික ජන බලවේගය ශක්තිමත්ව ඉදිරියට ගන්න ඒ ඡන්ද දායකයාට පුලුවන් වෙන්නේ .
  • අනුර කුමාරට ජය වේවා.''   දෙවන මනාපය ගැන කතාව: කුසල්ගේ විග්‍රහයක්     ජනාධිපතිවරණයක දෙවන මනාපය ගැන විග්‍රහයක් කරන දේශපාලන විචාරක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා මෙසේ පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):
අංක 1 ලබාදී ගෝඨාබය රාජපක්ෂට එරෙහි අපේක්ෂකයකුට දෙවැනි මනාපය පාවිච්චි කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත පවසයි.
 
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත එබව සඳහන් කලේ නොවැම්බර් 02දා ඇඹිලිපිටියේදී පැවැත්වූ ජාතික ජනබලවේගයේ ජන රැලියේදීය. test 65
 
 ලාල් කාන්ත එහිදී වැඩිදුරටත් මෙසේද පැවසිය.
 
''අපේ කතා ගොඩක් නැහැ. අපි කරන්නේ මොකක්ද? ගියා ඡන්ද පත්‍රිකාව ගත්තා දොලොස් වෙනියට තියෙන්නේ මාළිමාව ලකුණ අපි ඉස්සරහින් ඡන්දේ ලකුණු කරා කතිරේ ගැහුවා.
 
 හැබැයි අපිට තියෙනවා ඡන්ද තුනක් අනුර සහෝදරයාට ඡන්දේ දෙන අය වෙන තර්ක විතර්ක නැතුව අනිත් ඔක්කෝම අතහැරලා දාලා එහෙන් මෙහෙන් කැලී මුකුත් නැතුව සම්පූර්ණයෙන් සුද්ද වෙලා යන අය කතා දෙකක් නැහැ අනුර සහෝදරයාට කතිරේ ගහනවා මාළිමාව ඉස්සරහින්. 
 
හැබැයි අපිට එහෙම නොවිච්ච අයත් ඉදලා හිටලා හම්බෙනවා ඔගෝල්ලන්ට හම්බෙනවද දන්නේ නැහැ. අපිට ඡන්දයක් දෙන්න ඔනේ ඒක තමයි දැන් මේ වෙනකොට කල්පනා කරන්නේ හැබැයි දෙන ගමන්ම කල්පනා කරනවා ගෝඨා එයිද නැත්නම් පොඩ්ඩක් හරි මිස් වෙලා අරයා එයිද? පොඩ්ඩක් හරි මේක  මිස් වෙලා අනිකා එයිද? ඔහෝම සාකච්ඡා තියෙනවා.
 
 අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි අපිට එක දීලා අනුර සහෝදරයාට එක දීලා මාළිමාවට එක දීලා එහෙම නැත්නම් කතිරේ ගහලා ඔය දෙක හරි තුන හරි කාට ගැහුවත් අපිට කමක් නැහැ. තමන් කැමති ඕන කෙනෙකුට ඒක ගහගන්න කියලා කියන්න කවුරු හරි එහෙම ඇහුවොත්. ඇහුවොත් විතරයි. 
 
එහෙම පොඩ්ඩක් දෙගෙඩියාවන් තියෙන අය ඉන්නවා අඩු වැඩි වශයෙන් ඉන්නවා. ඒ නිසා කියන්න අනුර සහෝදරයාට මාළිමාවට එක ගහලා ඔයා දෙක අරයට ඔනේනම් ගහා ගන්න නැත්නම් අනිත් කෙනාට ගහා ගන්න එයා පරද්දන්න ඔනේනම් මෙයාට ගහා ගන්න. මෙයා පරද්දන්න ඔනේනම් එයාට ගහා ගන්න. ඔන කෙනෙකුට ගහාගන්න.
 
 හැබැයි අපි ජනතාවට කියන්න ඔනේ අංක 1 අනුර දිසානායක සහෝදරයාට පාවිච්චි කිරීමෙන් තමයි ජාතික ජන බලවේගය ශක්තිමත්ව ඉදිරියට ගන්න ඒ ඡන්ද දායකයාට පුලුවන් වෙන්නේ . රටට අද මේ ව්‍යාපාරය අවශ්‍යයි. මං දැක්කා කවුද කියලා තියෙනවා කලා කරුවගේ නම කියන්නේ නැහැ රජයේ රස්සාවක් කරන කෙනෙක් ජාතික ජන බලවේගය තමයි මේ රට ගොඩගන්න තියෙන අවසාන ව්‍යාපාරය. වෙනත් ව්‍යාපාරයක් නැහැ. එහෙමන්ම් මගේ කතාව මන් අවසන් කරනවා ජාතික ජන බලවේගයට ජය වේවා. මාළිමාව ලකුණට ජය වේවා. අනුර කුමාරට ජය වේවා.''
 

දෙවන මනාපය ගැන කතාව: කුසල්ගේ විග්‍රහයක් 
 
 ජනාධිපතිවරණයක දෙවන මනාපය ගැන විග්‍රහයක් කරන දේශපාලන විචාරක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා මෙසේ පවසයි.
 
''පසුගිය ජනාධිපතිවරණ වල නොතිබූ දෙවන මනාපය ගැන කතාව මෙදා වැඩියෙන් ඇසෙන්නකි. දෙවන මනාපයක් ළකුණු කිරීමේ පුරුද්දක්, සංස්කෘතියක් අපේ රටේ මෙතෙක් තහවුරුව නැත. එබැවින් මෙදා දෙවන මනාපය ගැන කිහිප දෙන මගෙන් විමසූහ.
 
 
දෙවන මනාපයක් කුමටද?
 
ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට භාවිත කෙරෙන ඡන්ද වලින් සියයට 50 කුත් තව එකක් අපේක්ෂකයෙකු විසින් ලබාගත යුතුය. අපේ ඉතිහාසයේ මෙතෙක් තේරී පත්වූ හැම ජනාධිපතිවරයෙක්ම පළමු වටයේදී සියයට 50 ඉක්මවා ඡන්දය ලබා ගත් හෙයින් දෙවැනි මනාපයක් ගැන කතාවක් නොවුනි. 
 
1988 ජ.වි.පෙ ම්ලේච්ඡ ත්‍රස්තවාදය විසින් ප්‍රාදේශීය වමේ නායකයින් සහ ප්‍රගතිශීලි සමාජ ක්‍රියාධරයින් අමු අමුවේ ඝාතනය කරද්දි, ඡන්දය දාන්නට යන අයගේ අත් කපනවාය, මරණවාය කියද්දී, ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 55.32 ක් පමණක් ඡන්දය භාවිත කළ එම ජනාධිපතිවරණයේදී රණසිංහ ප්‍රේමදාස සියයට 50.4 ක් ඡන්ද ලබා ගෙන ජනාධිපති ලෙස තේරී පත් විය.    
 
 
කිසිදු අපේක්ෂකයෙකුට සියයට 50 කුත් තව එකක් ගන්න බැරිවුනොත් ....
 
 
එහෙත් යම් ජනාධිපතිවරණයකදී කිසිදු අපේක්ෂකයෙකුට සියයට 50 කුත් තව එකක් ලබා ගැනීමට නොහැකි වුවහොත් ජයග්‍රාහි අපේක්ෂකයා තෝරන්නේ කෙසේද යන්න ගැටළුවකි. එය නොවිය හැකි යැයි තර්ක කළ නොහැකි ය. 
 
අප මෙසේ අනුමාන කළහොත් එක් අපේක්ෂකයෙකු ඡන්ද සියයට 38 ක්ද තව අපේක්ෂකයෙකු සියයට 36 ක්ද තෙවැන්නකු සියයට 19 ක්ද ලබා ගත්තේ නම්, ජයග්‍රාහී අපේක්ෂකයා තේරීමේ ක්‍රමයක් තිබිය යුතුය.
  
ඇතැම් රටවල එවැනි විට, වැඩිම ඡන්ද ලබා ගත් දෙදෙනා අතර පමණක් නැවත මහජන ඡන්දයක් පවත් වන්නේය. ප්‍රංශයේ මෙතෙක් කිසිදු ජනාධිපතිවරයෙක් පළමු වටයෙන් තේරී පත්ව නැත. එනිසා හැම විටම දෙවන ඡන්ද රවුමක් පැවැත් වෙන්නේය. 
 
අපේ දෙවැනි මනාපය ගණන් කිරීම 
 
මෙවර ජනාධිපතිවරණයේදී යම් විදිහකින් කිසිවකු සියයට 50 සීමාව පැන්නේ නැති නම්, දෙවැනි මනාපය ගණන් කිරීමට සිදු වන්නේය. එය සිදු වන්නේ මෙලෙසින්ය. මෙවර අපේක්ෂකයින් 35 ක් වූවත් ප්‍රධාන පෙළ අපේක්ෂකයින් කිහිප දෙනෙකි. ඔවුන්ගෙන් අපේක්ෂක ලැයිස්තුවේ (ඈ) සහ (ඔ) අපේක්ෂකයින් දෙදෙන පළමු හා දෙවන ස්ථාන ලබා ගත්තත් සියයට 50 ක් නැති නම්, ඔවුන් දෙදෙන පැත්තකින් තබා, අනෙක් අපේක්ෂකයින්ගේ දෙවන මනාපය ගණන් කරනු ලැබේ. එම දෙවන මනාප වලින් (ඈ) සහ (ඔ) අපේක්ෂකයින් සඳහා ඇති මනාප සංඛ්‍යාව ඔවුනගේ මුළු ඡන්ද සංඛ්‍යාවට එකතු කරනු ලැබේ.    
  
එය තවදුරටත් පැහැදිල් කරන්නේ නම්, ගණන් හැදීමේ පහසුව සඳහා (ඈ) අපේක්ෂකයා ඡන්ද මිලියන 4.5 ක් ලබා පළමු වැනියාද (ඔ) අපේක්ෂකයා ඡන්ද මිලියන 4.35 ක් ලබා දෙවැනියා වී තිබුණා යැයි සිතමු. ඉතිරි අනෙක් අපේක්ෂකයින්ගේ දෙවන මනාප ගණන් කළ විට (ඈ) අපේක්ෂකයාට මනාප මිලියන 0.5 ක්ද (ඔ) අපේක්ෂකයාට මිලියන 0.85 ක්ද තිබුණි නම් ඔවුන්ගේ මුළු ඡන්ද සංඛ්‍යාවන් වන්නේ (ඈ) අපේක්ෂකයාට ඡන්ද මිලියන 05 ක් සහ (ඔ) අපේක්ෂකයාට මිලියන 05.2 කි. ඒ අනුව දෙවන මනාපය ගණන් කළ පසු බහුතර ඡන්දයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස තේරී පත් වන්නේ (ඔ) අපේක්ෂකයා ය.  

 

දෙවන මනාපයේ ඇති වැදගත්කම එවැනි ය. එබැවින් දෙවන මනාපය සටහන් කිරීමේ විශේෂ වැදගත් කමක් මෙවර තිබිය හැකිය.
 
 සබැදි පුවත්:
 
(වීඩියෝ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...