BREAKING
Top Ad
පුවත්

ඡන්දය දෙන්න ඕන කාටද ? චන්ද්‍රිකා පාක්ෂිකයින්ට කියන කතාව (VIDEO)

T

The Leader

November 6, 2019 • 10:37 PM

ඡන්දය දෙන්න ඕන කාටද ? චන්ද්‍රිකා පාක්ෂිකයින්ට කියන කතාව (VIDEO)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී සංවර්ධනය කිරීමට, ශක්තිමත් කිරීමට වැඩියෙන් අවස්ථාව ලැබෙන්නේ කාගෙන්දැයි බුද්ධිමත්ව සිතා බලා මෙවර ජනාධිපතිවරණයේ දී නිවැරදි තීන්දුවක් ගැනීමට ශ්‍රීලනිප
  • ඇය එබව සඳහන් කළේ UTV රුපවාහිනී නාලිකාව සමග පැවැත්වූ සම්මුඛ සාකච්ජාවකදීය.
  • එදත් කෙරුවා අදත් කරනවා.  ප්‍රධානම අරමුණ ?
අකුරු ප්‍රමාණය (Font Size):

පාක්ෂිකයින්ට සිදුවන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග පවසන්නීය.

පොහොට්ටු පක්ෂයේ මහින්දගේ කණ්ඩායම පසුගිය කාලය පුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර හැරීමට උත්සහ කල ද එක්සත් ජාතික පක්ෂයෙන් පහුගිය අවූරුදු ප‌හේදී එවැනි අනිසි බලපෑමක් එල්ල නොවූ බවත් මේවනවිට එක්සත් ජාතික පක්ෂය බෙහෙවින් ප්‍රජාතන්ත්‍රවාදී වී තිබෙන බවත් හිටපු ජනාධිපතිනිය පවසයි.

ඇය එබව සඳහන් කළේ UTV රුපවාහිනී නාලිකාව සමග පැවැත්වූ සම්මුඛ සාකච්ජාවකදීය.

එහිදී හිටපු ජනාධිපතිනිය තවදුරටත් මෙසේද පැවසුවාය.

වැඩිය සාර්ථක කෝකද ?

''මේ වෙලාවේ බොහොම සංකීර්ණ තීන්දුවක් අපිට ගන්න වෙලා තියෙනවා. මටත් තීන්දු කරන්න හරි අමාරුයි මේ තත්වය උඩ. නමුත් ඉදිරියේදී ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා අපිට සියයට සීයක් හරි නැති තාවකාලික තීන්දු තීරණ ගන්න වෙනවා. දැන් තියෙන්නේ මට නම් ඒතරම් සාර්ථක නැති තීන්දු දෙකක් අතරින් එක තීන්දුවක් ගන්න. ඒකෙන් වැඩිය සාර්ථක කෝකද කියලා ඒක ගන්න වෙනවා. 

ඒක තාවකාලික අම්බලමක ඉන්නවා කියලා හිතාගෙන අපේ පක්ෂය ඉදිරියේදී සංවර්ධනය කිරීමට, ශක්තිමත් කිරීමට වැඩියෙන් අපිට අවස්ථාව ලැබෙන්නේ කාගෙන්ද කියලා බලලා අපිට තීන්දු කරන්න වෙනවා. 
මම ඊයේ කිව්වා වගේ අවුරුදු හතරක් අපි එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩු කරා.

ඒ කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නම් එක්සත් ජාතික පක්ෂයෙන් කිසිම හානියක් වුනේ නැහැ. අපි ඉල්ලන ඉල්ලන මුදල් අපිට ලැබුණා. එක්සත් ජාතික පක්ෂයෙ මන්ත්‍රීවරුන්ට දුන් ප්‍රමාණයටම අපිට මුදල් ලැබුණා. අපිට කිසි හානියක් දේශපාලන වශයෙන් කෙරුවේ නැහැ. හැබැයි අපිට ගොඩක් හානි කෙරුවේ පොහොට්ටුවේ මහින්දගේ කණ්ඩායම. එදත් කෙරුවා අදත් කරනවා. 

ප්‍රධානම අරමුණ ?

මට තියෙන ප්‍රධානම අරමුණ අන්ත පරාජයට පත්වෙලා තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි ගොඩනැගීම. පළවෙනි වතාවට ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරගන්න අපේ පක්ෂයට ශක්තියක් නැති වුණා. 

මේ පක්ෂය ආපහු ගොඩ නගන්න ඕනේ. ගමේ ජනතාව තාමත් අපි එක්ක ඉන්නවා. අපේ පක්ෂය අපේ නියම ප්‍රතිපත්තිය මත ගොඩ නැගුවොත්, කුඩුකාරයින්ගේ, කැසිනෝකාරයින්ගේ ප්‍රතිපත්ති නෙවෙයි, රාජපක්ෂලාගේ ප්‍රතිපත්ති නෙවෙයි, නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති මත ඉදිරියට යන්න පුළුවන්.

ටිකක් කල් යයි, ටිකක් දුක්විඳින්න වෙයි, නමුත් ඒකට අපිට වැඩි අවකාශයක් ලැබෙන්නේ කවුරු බලයට පත්වුණොත්ද කියන එක තීන්දු කරලා කටයුතු කරන්න වෙනවා. 

api 4 1960px

 පක්ෂයෙන් අයින් කරනවා කියලා මේ කොහෙද යන සොක්කෝ ටිකක් තර්ජනය කරද්දී ඒවටවත් බය නැතුව සුගතදාස ස්ටේඩියම් එක පිරී ඉතිරී යන්න හත්හටදාහක් ආවනම්, පොහොට්ටුකාරයෝ ඇල්පිටියේ දී සැහෙන්න කැන්වසින් කරලා, මැතිවරණ ව්‍යාපාරය කරලා තියෙද්දිත් අපිට ඡන්ද හයදාහක් හම්බවුණානම්, ඒ කියන්නේ අපේ ගම්මට්ටමේ අවංක මිනිස්සු තවමත් අපේ පක්ෂය අතහැරලා යන්න සූදානම් නැහැ කියන එකයි. 

අන්න ඒ මිනිස්සුත් එක්ක තමයි අපි මේ පක්ෂය ආපහු ගොඩනගන්න ඕනේ. වයොවෘද්ධ අවුරුදු හැත්තෑපහ අසූව පැනපු මිනිස්සු අයින් කරලා, මාවත් අයින් කරන්න ඕනේ. මම උදවු කරනවා, ඒකයි මම තනතුරු ගත්තේ නැත්තේ පහුගිය ආණ්ඩුව කාලේ. 

''හැත්තෑව අසුව පැනපු අය විශ්‍රාම ගැන්විය යුතුයි'' 

අපි තරුණ උගත් තමාගේ කියලා ආදායම් මාර්ගයක් තියෙන දේශපාලනයෙන් හොරකම් කරලා හම්බකරන්න බලාපොරොත්තු නොවන උගත් තරුණ තරුණියෝ අපි දේශපාලන කරළියට ගේන්න ඕනේ. එහෙම අය ඕනතරම් බලාගෙන ඉන්නවා. 

ඒ අය ආවොත් මම ඊයේ කිව්වා වගේ හැරමිටියෙන් හිටියත් මම ඇවිල්ලා උදවු කරනවා. එවැනි තරුණ පිරිස්වලට සූදානම් වෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා.

දැන් එක්සත් ජාතික පක්ෂය හුඟක් ප්‍රජාතන්ත්‍රවාදී වෙලා තියෙනවා. ඒක නිසා බලලා ඉවරවෙලා තීන්දුවක් ගන්න කියලා මම කියන්නේ. 

කුමාර වෙල්ගම කියනවා වගේ මම ඡන්දය දෙන්නේ කාටද කියලා මම දන්නවා. ජනතාව තීන්දු කරන්න ඕනේ හරියට පැහැදිළිව හිතලා බලලා. කෑගහගෙන පපුවට ගහගෙන අරවා මේවා කරලා නෙවෙයි අපි බුද්ධිමත්ව හිතලා බලලා  තීන්දු ගන්න ඕනේ.''

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...