BREAKING
Top Ad
පුවත්

මංගලගෙන් අභියෝගයක්: මැ‌ලේනියාට අමතරව තවත් ඇමරිකානු ආර්යාවක් !! (VIDEO)

T

The Leader

November 7, 2019 • 11:53 AM

මංගලගෙන් අභියෝගයක්: මැ‌ලේනියාට අමතරව තවත් ඇමරිකානු ආර්යාවක් !! (VIDEO) 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෝඨාබය රාජපක්ෂ තවමත් ඇමරිකානු පුරවැසියෙක් බවත්, අහම්බයකින් ‌හෝ 16 දා ඔහු ජයගතහොත් ඇමරිකානු පුරවැසියෙකු ලංකාවේ ජනාධිපතිවනවා පමණක් ‌නොව මැ‌ලේනියා ට්‍රම්ප්ට
අකුරු ප්‍රමාණය (Font Size):

අමතරව ‌ලෝකයට තවත් ඇමරිකානු ජනාධිපති ආර්යාවක් ලැබෙන බවත්, එබැවින් ජනාධිපතිවරණයට ‌පෙර තමන්ගේ ඇමරිකානු  පුරවැසිභාවය ඉවත් කිරී‌මේ සහතිකයත් එය අනුමත ‌කෙරෙන ඇමරිකානු භාණ්ඩාගාරය විසින් නිකුත් කරන DS 4079 සහතිකයත් රටේ ජනතාවට ‌පෙන්වන ‌ලෙස තමන් ‌ගෝඨාබයට අභියෝග කරන බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

මංගල ‌සමරවීර අමාත්‍යවරයාගේ ඉංග්‍රීසි නිවේදනයේ දළ සිංහල පරිවර්තනය සම්පූර්ණයෙන් පහත දැක්වේ.   

"මේ මොහොතේ සියලුම ශ්‍රී ලාංකිකයින් සැලකිලිමත් විය යුතු දේ MCC ගිවිසුම නොව,  ලබන සතියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ එක් ප්‍රධාන අපේක්ෂකයෙකු තවමත් ඇමරිකා එක්සත් ජනපද පුරවැසිභාවය අත් හැර නැති අතර ඔහුගේ බිරිඳ සහ පුතා දිගටම ඇමරිකා එක්සත් ජනපදයේ පූර්ණ පුරවැසියන් ‌ලෙස සිටීමයි 

ඇමරිකා එක්සත් ජනපද විදේශ ගමන් බලපත්‍ර හිමියෙකු ඇමරිකානු පුරවැසිභාවය නිසි ‌ලෙස අත්හැරියේ නම්,  එක්සත් ජනපද “ජාතිකත්වය අහිමිවීමේ සහතිකය” (Certificate of Loss of Nationality) සමග

ඇමරිකානු භාණ්ඩාගාරය විසින් එය අනුමත කරමින් නිකුත් කරන DS 4079 සහතිකය ඔහු සතුව තිබිය යුතුමය. 

2019 පළමු මාස හය තුළ 1090 ක් පමණ ‌දෙනා ඔවුන්ගේ එක්සත් ජනපද පුරවැසිභාවය අතහැර දැමූ අය ‌ලෙස නිල වශයෙන් වාර්තා කර ඇත. 

කෙසේ වෙතත්, එක්සත් ජනපද දිස්ත්‍රික් උසාවි 94 න් එකකටවත් ඉහත කී අනුමත DS 4079 සහතිකයක් ‌ගෝඨාබය රාජපක්ෂ විසින් ඉදිරිපත් කර නැත. 

කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයට ‌ගෝඨාබය විසින් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ලිපි ‌ගොනුවක් ඉදිරිපත් කළ බව පැහැදිලිය. test 66 

එමෙන්ම සාමාන්‍යයෙන් එකී පුරවැසි භාවය ඉවත් කිරීමේ කාර්ය පටිපාටිය සඳහා එක්සත් ජනපද භාණ්ඩාගාරය සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මාස 16 සිට 24 දක්වා කාලයක් ගන්නා බවද පැහැදිලිය. 

වත්කම් සහ ආදායම ප්‍රමාණයෙන් වැඩි අයගේ බදුකරණ ක්‍රියාවලිය දීර්ඝ කාලයක් ගන්නා එකකි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පුරවැසිභාවය අත් හැරීම පිළිබඳ අනුමැතියෙන් පසුව වුවද එක්සත් ජනපද භාණ්ඩාගාරය DS 4079 සහතිකය නිකුත් කිරීම සඳහා තවත් 6 සිට 9 දක්වා කාලයක් ගනු ඇත.

මේ අනුව අද ලංකාවේ ජනාධිපතිවරණය සඳහා තරඟ කරන ‌ගෝඨාබය රාජපක්ෂ තවමත් ඇමරිකානු පුරවැසියෙක් බව ස්ථිර වශයෙන්ම පැහැදිලි ය. 

මේ නිසා අහම්බයක් ‌ලෙසින් වුව 16 ‌වෙනිදා ‌ගෝඨාබය රාජපක්ෂ ලංකාවේ ජනාධිපතිවරණයෙන් ජය ගතහොත් ඇමරිකානු පුරවැසියෙක් ලංකාවේ ජනාධිපතිවනවා පමණක් ‌නොව ඇමරිකානු ජනාධිපති ආර්යා මැ‌ලේනියා ට්‍රම්ප් ‌සේ ‌ලෝකයට තවත් ඇමරිකානු ජනාධිපති ආර්යාවක් ලැබෙනවා ඇත. 

මේ අනුව ලබන සති‌යේ පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්දයට ‌පෙර තමාගේ ඇමරිකානු 'ජාතිකත්වය අහිමිවීමේ සහතිකය' සමග එය සම්පූර්ණ ‌කරමින් භාණ්ඩාගාරයෙන් නිකුත් කරන DS 4079 සහතිකය ඉදිරිපත් කර තමා ඇමරිකානු පුරවැසියෙක් ‌නොවේ යයි ඔප්පු කරන ‌ලෙස මම ‌ගෝඨාබය රාජපක්ෂට අභියෝග කරමි."

(lankaenews.com)

වීඩියෝව

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...