BREAKING
Top Ad
පුවත්

ඥාණසාර හිමි පුරුදු 'ගේම' ඉල්ලයි : ජනාධිපති අනාතයි (VIDEO)

T

The Leader

May 24, 2019 • 11:05 PM

ඥාණසාර හිමි පුරුදු 'ගේම' ඉල්ලයි : ජනාධිපති අනාතයි (VIDEO)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති පොදු සමාව ලබාදී බන්ධනාගාර සිරදඬුවමින් නිදහස් කරනු ලැබූ බොදු බල සේනා සංවිධානයේ ලේකම්
  • එහිදී ඇතිවූ එකඟතාවයන් මෙතෙක් ප්‍රකාශයට පත්ව නැතත් නිදහස් කිරීමෙන් පසු මුස්ලිම් සමාජය සමග යලිත් කිසිඳු අකාරයේ ගැටුමකට නොයන ලෙසත් පවත්නා අර්බුද විසඳීමට මැදිහත්වන ලෙසත් ජනාධිපතිවරයා එහිදී උන්වහන්සේ ගෙන් ඉල්ලීමක් කර තිබු බව වාර්තාවේ.
  •   කෙසේවුවද බොදු බල සේනා මූලස්ථානයේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඥානසාර හිමියෝ පැවසුයේ, බුර්කාව නිකාබය තහනම් කිරීමට මුස්ලිම් සමාජයෙන් ඇසීමට උවමනාවක් නැති බවත් එය වහා තහනම් කළ යුතු බවත් ය.
  • එසේ කීමට කිසිවෙකුට කොන්දක් නැති බවද උන්වහන්සේ කියා සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නැවත වරක් සිය සුපුරුදු වාග් ප්‍රහාරය ආරම්භකර ඇති බවත් එම තත්වය යටතේ මේ වනවිට ජනාධිපතිවරයා බලවත් අසීරු තත්වයකට පත්ව සිටින බවත් ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසති.

අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනා හතරකට 2018 අගෝස්තු 08 වෙනිදා වරදකරු කෙරුණු ඥානසාර හිමිට වසර 19 ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එකී දඬුවම වසර 6 කින් ගෙවී යන සේ දඬුවම් නියම තිබියදී ජනාධිපතිවරයා උන්වහන්සේට පෙරේදා (23) දිනයේ සමාවක් ප්‍රධානය කරනු ලැබුවේ ඇතැමුන්ගේ බරපතල විරෝධතාවයන් ද නොතකා හරිමිනි.

ජනාධිපතිවරයා පසුගිය වෙසක් පොහෝද වැලිකඩ බන්ධනාගාර රෝහලට ගොස් සිරගත කර සිටි ඥානසාර හිමියන් බැහැදුටු අතර දෙදෙනා අතර රහස් සාකච්ජාවක් ද පවත්වා තිබිණ.

එහිදී ඇතිවූ එකඟතාවයන් මෙතෙක් ප්‍රකාශයට පත්ව නැතත් නිදහස් කිරීමෙන් පසු මුස්ලිම් සමාජය සමග යලිත් කිසිඳු අකාරයේ ගැටුමකට නොයන ලෙසත් පවත්නා අර්බුද විසඳීමට මැදිහත්වන ලෙසත් ජනාධිපතිවරයා එහිදී උන්වහන්සේ ගෙන් ඉල්ලීමක් කර තිබු බව වාර්තාවේ.

Gnanasara himi 

කෙසේවුවද බොදු බල සේනා මූලස්ථානයේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඥානසාර හිමියෝ පැවසුයේ, බුර්කාව නිකාබය තහනම් කිරීමට මුස්ලිම් සමාජයෙන් ඇසීමට උවමනාවක් නැති බවත් එය වහා තහනම් කළ යුතු බවත් ය. එසේ කීමට කිසිවෙකුට කොන්දක් නැති බවද උන්වහන්සේ කියා සිටියහ.

මෙරට භික්ෂූන් වහන්සේලාට මෙන්ම අනෙක් කණ්ඩායම්වලටද නොදන්නා වාද බයිලා ගහන්නේ නැතුව ඉන්න ලෙසත් අපි මෙම ප්‍රශ්නය විසඳ බවත් කී උන්වහන්සේ, ඉදිරි කාලය තුල මෙරට සියළු ජනතාවට පොලිස් නිලධාරීන් සේ කටයුතු කල යුතු බවද කියා සිටියහ.

වහබ්වාදය සම්බන්ධයෙන් තමන් වහන්සේ ළඟ තවත් බොහෝ තොරතුරු ඇති බවත් ඒ කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදී රටේ නායකයන් සහ ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කරන බවත් ඉදිරියේ දී නැවතත් හිරේ වැටෙන්නට වුවත් ජාතියේ යුතුකම සලකමින් මෙම කටයුත්ත සිදුකරන බවත් උන්වහන්සේ තවදුරටත් කීහ.

වහාබ්වාදයට වඩා සලබිවාදය දරුණු බවත්, වහාබි හා සලබි මතවාදවලින් මෙරට මුස්ලිම් සමාජය බරපතළ ලෙස ආක්‍රමණය වෙමින් ඇතැයි ද උන්වහන්සේ එහිදී සඳහන් කළහ.

  

 

ඥානසාර හිමි ජනපති හමුවෙති

 ජනාධිපති සමාව යටතේ සිරදඬුවමින් නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිය මෑණියන් සමග එදිනම (23දා) රාත්‍රි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුව තිබේ.

මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේ දී මෙම හමුව සිදුවිය.

ජනාධිපතිවරයා විසින් ජනාධිපති පොදු සමාව ලබාදෙමින් ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කිරීම පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයාට සිය ගෞරවය සහ ස්තූතිය පළ කර ඇති එම මෑණියන් ජනාධිපති සමඟ සුහද කථා බහක ද නිරත විය.

BBS President 

 

දහවල් දානය තිලංගගේ නිවසින්

මේ අතර ජනපති පොදු සමාව යටතේ නිදහස් වූ පූජ්‍ය ගලබොඩඅත්තෙ ඥානසාර හිමියෝ ඊයේ දිනයේදී දහවල් දානය සඳහා ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ නිවසට වැඩමවා තිබේ.

දානය පිළිගැන්වීමෙන් අනතුරුව උන්වහන්සේ සමග ඉදිරි වැඩ කටයුතු පිළිබඳව සාකච්ඡාවක්ද පවන්වා තිබේ.

ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම සඳහා ජනාධිපතිවරයා හා බොදු බල සේනා සංවිධානය සමග සම්බන්ධිකරණ කටයුතු සිදුකලේ තිලංග සුමතිපාල මන්ත්‍රීවරයාය.

BBS Thilanga

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...