BREAKING
Top Ad
පුවත්

දෙමළ මව්වරුන්ගේ වීදියේ උද්ඝෝෂණ මැද ජනපති ගුවනින් යයි (VIDEO)

T

The Leader

June 10, 2019 • 10:46 PM

දෙමළ මව්වරුන්ගේ වීදියේ උද්ඝෝෂණ මැද ජනපති ගුවනින් යයි (VIDEO)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අතුරුදහන් තම ඥාතීන් සොයා දෙන මෙන් බලකරමින් උතුරේ මව්වරුන් පෙරටු කොටගත් දෙමළ ඥාතීන්ගේ විරෝධතාවක් පැවැත්වෙද්දී මුලතිව් බලා ගිය ජනාධිපතිවරයා එම ඉල්ලීම් සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.
  • එයින් අනතුරුව දෙමළ සහ මුස්ලිම් කැරලිකාරිත්වය දැඩි ලෙස විවේචනය කරමින් දේශනයක් පැවැත්වූ ඔහු ඉදිරි මැතිවරණයේදී දේශපාලකයන් ජාතිවාදයෙන් ඡන්දය දිනන්නට කටයුතු කරනු ඇති බවට අනතුරු ඇඟවීය.
  • තමුන්නාන්සේලා අපි ඔක්කොම දුක් වින්දා,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මුලතිව් ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී ප්‍රකාශ කළේය.
  • “මේ අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයේ ඉලක්කය මුස්ලිම් ප්‍රභාකරන් කෙනෙක් බිහිවීම.
අකුරු ප්‍රමාණය (Font Size):

“රට වෙනුවෙන් එකට සිටිමු” යනුවෙන් නම් කරන ලද රාජ්‍ය උත්සවයකට සහභාගි වන්නට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගුවනින් පැමිණ දැඩි ආරක්ෂාව මධ්‍යයේ මහමග ගමන් කළේ අතුරුදහන්වුවන්ගේ ඥාතීන් වීදියේ උද්ඝෝෂණයක යෙදී සිටියදීය.

එයින් අනතුරුව දෙමළ සහ මුස්ලිම් කැරලිකාරිත්වය දැඩි ලෙස විවේචනය කරමින් දේශනයක් පැවැත්වූ ඔහු ඉදිරි මැතිවරණයේදී දේශපාලකයන් ජාතිවාදයෙන් ඡන්දය දිනන්නට කටයුතු කරනු ඇති බවට අනතුරු ඇඟවීය.

“උතුරේ ප්‍රභාකරන් කෙනෙක් බිහිවෙලා රටේ ලොකු විනාශයක් සිද්ධ වුනා. තමුන්නාන්සේලා අපි ඔක්කොම දුක් වින්දා,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මුලතිව් ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී ප්‍රකාශ කළේය.

“මේ අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයේ ඉලක්කය මුස්ලිම් ප්‍රභාකරන් කෙනෙක් බිහිවීම. අපි ඒ කොටුවට අහුවෙන්න හොඳ නෑ.”

සිය ඥාතීන් යුද්ධාවසානයෙදී අතුරුදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක සේනා වලට භාර දීමෙන් අනතුරුව යන්න සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි බව දින අටසිය පනහකට ආසන්න කාලයක් අඛණ්ඩ උද්ඝෝෂණයක යෙදී සිටින මුලතිව් දෙමළ වැසියෝ පුන පුනා පවසන කරුණකි.

උතුරේ වැඩි පිරිසක් ආගිය අතක් නැත්තේ හමුදාවට භාරවීමෙන් පසු බව අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ කාර්යාලයද පිළිගනී.

කෙසේවෙතත්, ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නොකළ ජනාධිපතිවරයා “ජීවිතය මෙන් වනාන්තරය රැකගැනීමේ” වටිනාකම කියා පෑවේ ශ්‍රී ලංකාවේ වැඩිම වනගහනය ඇති දිස්ත්‍රික්කය ලෙස තමන් මුලතිව් අගය කරන බව පවසමිනි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව දිගින් දිගටම තමන් රවටමින් සිටින වග විරෝධතාකාරියන් ප්‍රදර්ශනය කළ පුවරු වල සඳහන්ව තිබිණ.

(gagana.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...