BREAKING
Top Ad
පුවත්

ලංකාවේ වෙනම රාජ්‍ය තිබුණු හැටි අස්ගිරිය සිහිපත් කර දෙයි (VIDEO)

T

The Leader

June 24, 2019 • 10:17 PM

ලංකාවේ වෙනම රාජ්‍ය තිබුණු හැටි අස්ගිරිය සිහිපත් කර දෙයි (VIDEO)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉංග්‍රීසීන් විසින් යටත් විජිතයක් ලෙසින් එක්සේසත් කිරීමට පෙර ශ්‍රී ලංකාව පැවතියේ වෙන් වෙන් වූ රටවල් ලෙසින් බව අස්ගිරි මහා විහාරය විසින් සිහිපත් කර දී තිබේ.
  • “නුවර ආසන්නයේම තිබුනේ රටවල්,” යයි අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඬරුවේ උපාලි හිමියෝ ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු දේශපාලකයන් පිරිසක් අමතා ප්‍රකාශ කළහ.
  • නගරෙන් ඈත මාතලේ ගත්තොත් මාතලේ දිසාවක්.” බලය බෙදාහරින අලුත් ව්‍යවස්ථාවකින් රට බෙදෙන බවට බියක් ජනිත කරන අස්ගිරි මල්වතු දෙපාර්ශවයම ඊට දැඩි විරෝධයක් දක්වයි.
  • සිංහල රජසමයේ රටවල් සහ දිසා වෙන් කර තිබු ආකාරයටම අදත් සඟ පදවි පවත්වාගෙන යන බව කියා සිටි අනුනාහිමියන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ ඒ පිළිබඳව ජනතාව දැනුවත් කොට පැරණි සංස්කෘතික ලක්ෂණ ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

කන්ද උඩරට රාජධානිය පවා රටවල් සහ දිසා කීපයකින් සැදුම් ලද්දක් බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී හිමියන් විසින් පෙන්වා දී ඇත්තේ කන්ද උඩරට උරුමය සුරැකීමේ අමාත්‍යංශය මගින් රුපියල් ලක්ෂ විස්සක වියදමින් මල්වතු සහ අස්ගිරි මහා නායක හිමියන්ගේ නිල ආරාම සහ මධ්‍යම පළාත් රදගුරු නිල නිවසේ සවි කරන ලද සී.ටී.ටී.වී. කැමරා පද්ධති නිල වශයෙන් භාර දීම සදහා පැමිණි අවස්ථාවේදීය.

“නුවර ආසන්නයේම තිබුනේ රටවල්,” යයි අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඬරුවේ උපාලි හිමියෝ ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු දේශපාලකයන් පිරිසක් අමතා ප්‍රකාශ කළහ.

“හේවාහැට රටක්, දුම්බර රටක්, උඩුනුවර යටිනුවර රටවල්. නගරෙන් ඈත මාතලේ ගත්තොත් මාතලේ දිසාවක්.”

බලය බෙදාහරින අලුත් ව්‍යවස්ථාවකින් රට බෙදෙන බවට බියක් ජනිත කරන අස්ගිරි මල්වතු දෙපාර්ශවයම ඊට දැඩි විරෝධයක් දක්වයි.

සිංහල රජසමයේ රටවල් සහ දිසා වෙන් කර තිබු ආකාරයටම අදත් සඟ පදවි පවත්වාගෙන යන බව කියා සිටි අනුනාහිමියන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ ඒ පිළිබඳව ජනතාව දැනුවත් කොට පැරණි සංස්කෘතික ලක්ෂණ ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසයි.

කන්ද උඩරට රාජධානිය ලෙස හැඳින්වෙන්නේ රටෙන් හතරෙන් තුන් පංගුවක් බව කියා සිටි අමාත්‍ය කිරිඇල්ල, 1815 දක්වා රටේ අනික් පළාත් වලින් ස්වාධීන ලෙස පැවති ඒ රාජ්‍යය යුද්ධයක් නොකරම බ්‍රිතාන්‍යයට පවරා දෙන ලද්දේ ගිවිසුමකින් බව සිහිපත් කර සිටියේය.

රටේ වෙනත් ප්‍රදේශ වල ජනතාවට වඩා සුවිශේෂී ජන කොට්ඨාශයක් වන හෙයින් වෙනම රාජ්‍යයක් අවශ්‍ය බව මුල්ම වතාවට ප්‍රකාශ කර සිටියේ කන්ද උඩරට ප්‍රභූන්ය.

 

(gagana.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...