BREAKING
Top Ad
පුවත්

''ජනාධිපතිවරණයට සුදුස්සා චමල් නොවේ, ගෝඨා බාප්පා ''– රෝහිත රාජපක්ෂ (VIDEO)

T

The Leader

June 26, 2019 • 1:38 AM

''ජනාධිපතිවරණයට සුදුස්සා චමල් නොවේ, ගෝඨා බාප්පා ''– රෝහිත රාජපක්ෂ (VIDEO)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊළඟ ජනාධිපතිවරයා ඍජු තීන්දුගත හැකි එම තීන්දු වෙනුවෙන් පෙනී සිටිය හැකි අයකු විය යුතු බවත් ඒ සඳහා තම පවුලේ අයකු ඉදිරිපත් වන්නේ නම්
  • චමල් රාජපක්ෂ ද ජනාධිපති ධුරයට සුදුසු වුවද මේ අවස්ථාවේ උවමනා වහා ඍජු තීන්දු ගත හැකි ඕනෑම අයකු සමග ඍජු ලෙස ගනුදෙනු කළ හැකි චරිතයක් බවත් ඒ සඳහා වඩාත් සුදුසු ගෝඨාභය රාජපක්ෂ බවත් හෙතෙම පවසයි.
  • මහින්ද රාජපක්ෂ සිය පක්ෂයෙන් නම් කරන ඕනෑම අපේක්ෂකයකුට ජයග්‍රහණය කළ හැකි යැයි අධිතක්සේරුවකට යාම සුදුසු නැති බවත් තරුණ ඡන්ද ආකර්ශනය කරගත හැකි සමාජ රැල්ලක් දැනටමත් නිර්මාණය වී ඇති ගෝඨාභය රාජපක්ෂ ඒ සඳහා ඉදිරිපත් කළ යුතු බවත් රෝහිත පවසයි.
  • රටට සුවිශාල සේවයක් කළ එම ප්‍රතිඵල අත්විඳ ඇති සමාජය විසින් ඉල්ලා සිටින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට යෝජනා කළ යුතු බවත් ස්වාධීන අපේක්ෂකයන්ට කිසිදු අවස්ථාවක ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බවත් ඔහු පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

වඩාත් සුදුස්සා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ පවසයි.

ඔහු මෙම අදහස් දක්වා තිබුණේ යූටියුබ් නාළිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවක් අතරතුර ඊළඟ ජනාධිපති ධුරය සඳහා වඩාත් සුදුසු චමල් රාජපක්ෂ ද ගෝඨාභය රාජපක්ෂ ද යනුවෙන් විමසූ අවස්ථාවේය.

චමල් රාජපක්ෂ ද ජනාධිපති ධුරයට සුදුසු වුවද මේ අවස්ථාවේ උවමනා වහා ඍජු තීන්දු ගත හැකි ඕනෑම අයකු සමග ඍජු ලෙස ගනුදෙනු කළ හැකි චරිතයක් බවත් ඒ සඳහා වඩාත් සුදුසු ගෝඨාභය රාජපක්ෂ බවත් හෙතෙම පවසයි.

මහින්ද රාජපක්ෂ සිය පක්ෂයෙන් නම් කරන ඕනෑම අපේක්ෂකයකුට ජයග්‍රහණය කළ හැකි යැයි අධිතක්සේරුවකට යාම සුදුසු නැති බවත් තරුණ ඡන්ද ආකර්ශනය කරගත හැකි සමාජ රැල්ලක් දැනටමත් නිර්මාණය වී ඇති ගෝඨාභය රාජපක්ෂ ඒ සඳහා ඉදිරිපත් කළ යුතු බවත් රෝහිත පවසයි.

රටට සුවිශාල සේවයක් කළ එම ප්‍රතිඵල අත්විඳ ඇති සමාජය විසින් ඉල්ලා සිටින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට යෝජනා කළ යුතු බවත් ස්වාධීන අපේක්ෂකයන්ට කිසිදු අවස්ථාවක ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බවත් ඔහු පවසයි.

 

'ජේම්ස් පැකර්ලා ජනපති කරන්න ජනතාව සූදානම් නෑ'

කැසිනෝ අරක්කු ඒකාධිකාරයක් මගින් මුදල් උපයා ගෙන ධනවතකු වීම මහා විස්කමක් නොවන බවත් ජේම්ස් පැකර්ට විදේශිකයන් වෙනුවෙන් කැසිනෝශාලා විවෘත කිරීමට ඉඩ නොදුන් රටක එවැනි ව්‍යාපාරිකයකු ජනාධිපති කිරීමට ජනතාව ඉඩ නොදෙනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

 

 

ගෝඨාට විරුද්දව වෙල්ගම ප්‍රහාර දැඩි කරයි..

මේ අතර පොහොට්ටු පක්ෂයේ බදුල්ල දිස්ත්‍රීක් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසන්නේ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යුද්ධයට බියෙන් ඇමරිකාවට පැන ගිය පුද්ගලයෙක් බවයි.

ඔහු එබව සඳහන් කළේ කළුතර ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් විසින් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි. එස්.බී. දිසානායක මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසීය.

අද වන විට ශ්‍රී ලංකාව තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් සිටින දක්ෂතම පුද්ගලයා හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා බව ද වෙල්ගම මන්ත්‍රීවරයා එහිදී පැවසිය.

 

සිංහල - බෞද්ධ රාජ්‍යයක් !

සිංහල - බෞද්ධ රාජ්‍යයක් ස්ථාපිත කිරීම සඳහා ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරන බවත් එය මෙරට මහ සංඝරත්නයේ ඉල්ලීම බවත් ජාතික චින්තන කණ්ඩායමේ ප්‍රධානි ආචාර්ය නලින්ද සිල්වා පසුගියදා අවධාරණය කර සිටියේය.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තෝරාගෙන ඇති එකම අපේක්ෂකයා ගෝඨභය රාජපක්ෂ බව ඔහු සඳහන් කළේ 'ජාතික සමතා බලවේගය' 19දා කොළඹ 07 හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතන ශ්‍රවණාගාරයේ දී කැදවා තිබූ විශේෂ නියෝජිත සමුළුවට එක්වෙමිනි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කිරීම සඳහා මහින්ද රාජපක්ෂගේ හෝ බැසිල් රාජපක්ෂගේ අනුමැතියක් අවශ්‍ය නොවන බවද ඔහු දැඩිව ප්‍රකාශ කලේය.

ඒකාබද්ධ විපක්ෂයේ හා පොහොට්ටුවේ දේශපාලන තීන්දු තීරණවලට බලපෑම් කිරීම සඳහා ආචාර්ය නලින් ද සිල්වා ප්‍රමුඛ 'ජාතික චින්තන' කණ්ඩායම මේ වනවිට දැඩි උත්සහයක් දරමින් සිටින අතර ඔවුන් ඒ සඳහා විපක්ෂයේ බලවේග ආමන්ත්‍රණය කරමින් රටපුරා පුළුල් ප්‍රචාරක මෙහෙයුමක් ද ආරම්භ කර තිබේ.

 

සබැඳි පුවත් :
මහින්දට කනේ පාරක් : 'අපි ගෝඨාව තෝරලා ඉවරයි''- නලින් සිල්වා කියයි (වීඩියෝ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...