The Leader News
BREAKING
Top Ad
පුවත්

ජනපති අනින් කච්චතීවු මංගල්‍යය ඉන්දු-ලංකා කතෝලිකයන්ට තහනම්

T

The Leader Desk

February 18, 2022 • 11:59 AM

ජනපති අනින් කච්චතීවු මංගල්‍යය ඉන්දු-ලංකා කතෝලිකයන්ට තහනම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කච්චතිව් දුපතේ වාර්ෂික ශාන්ත අන්තෝනි දේව මංගල්ලය ජනාධිපති අණින් බැතිමතුන්ට තහනම් කර තිබේ.
  • උත්සවය පැවැත්වෙන්නේ කතෝලික පියතුමන්ලාගේ සහභාගිත්වයෙන් පමණයි.'' යැයි ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා පවසයි.
  • 1974 ජුනි 26 වැනිදා සිරිමාවෝ බණ්ඩාරනායක හා ඉන්දිරා ගාන්ධි අතර අත්සන් කෙරුණු ගිවිසුමකින් ලංකාවට හිමිකර ගත් කච්චතිව් දුපත මුහුදු රැකියාවේදී දෙරටේම ධීවරයන්ගේ තාවකාලික නැවතුමකි.
  • ලංකා මුහුදු සිමාවේ පිහිටි කච්චතිව් දුපත වඩාත් සමීප වන්නේ ඊට කිලෝමීටර් 14 ක් දුරින් පිහිටි ඉන්දියාවේ රාමේශ්වරම් ප්‍රදේශයටයි.
අකුරු ප්‍රමාණය (Font Size):



''මෙවර කච්චතිව් පල්ලියේ උත්සවයට ලංකාවේ ඉන්දියාවේ බැතිමතුන් කිසිවෙකුට එන්න අවසර දෙන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. උත්සවය පැවැත්වෙන්නේ කතෝලික පියතුමන්ලාගේ සහභාගිත්වයෙන් පමණයි.'' යැයි ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා පවසයි.

1974 ජුනි 26 වැනිදා සිරිමාවෝ බණ්ඩාරනායක හා ඉන්දිරා ගාන්ධි අතර අත්සන් කෙරුණු ගිවිසුමකින් ලංකාවට හිමිකර ගත් කච්චතිව් දුපත මුහුදු රැකියාවේදී දෙරටේම ධීවරයන්ගේ තාවකාලික නැවතුමකි.

ලංකා මුහුදු සිමාවේ පිහිටි කච්චතිව් දුපත වඩාත් සමීප වන්නේ ඊට කිලෝමීටර් 14 ක් දුරින් පිහිටි ඉන්දියාවේ රාමේශ්වරම් ප්‍රදේශයටයි.

අක්කර 285 කින් යුත් කච්චතිව් දුපතේ 1900 දී ඉදි කෙරුණු ශාන්ත අන්තෝනි දේවස්ථානය සමගින් දශක ගණනාවක් පුරා දෙරටේ ධීවර ප්‍රජාවගේ ගෞරවාදරයට පාත්‍ර වෙමින් දේව මංගල්ලය පැවැත්වේ.

පැතිර යන කෝවිඩ් වසංගතය හේතුවෙන් මාර්තු 11 සහ 12 දෙදින පැවැත්වෙන කච්චතිව් වාර්ෂික උත්සවය සඳහා ඉන්දීය බැතිමතුන්ට අවසර ලබා නොදෙන බව යාපනය දිසා ලේකම් වරයා මුලින්ම දන්වා තිබිණි.

 

ඉන්දීය බැතිමතුන්ට සහභාගීවීමේ අවස්තාව අහිමිකිරීම ගැන කනස්සල්ල පළ කළ තමිල්නාඩු මහ ඇමැති එම්.කේ ස්ටාලින් එරට විදේශ කටයුතු ඇමැති ජෙයශන්කර් මෙනන් ගෙන් ඉල්ලා සිටියේ ලංකා ආණ්ඩුව සමග සාකච්ජා කොට ඒ සඳහා පහසුකම් සලසන ලෙසයි.

 

තමිල්නාඩු මහ ඇමතිවරයාගේ ඉල්ලීමට අනුව ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් [DMK]නායකයෙකු වූ ටී.ආර්. බාලු හා ලංකා ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා අතර 'සුම්' සාකච්ජාවේදී තීරණය වුයේ කච්චතිව් උත්සවයට ඉන්දීය ධීවරයන්ගේ හා සෙසු බැතිමතුන්ගේ සහභාගිත්වය ගැන ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වෙත ලිපියක් යොමු කිරීමටය.

ජනාධිපතිවරයාට ලිපිය යොමු කළ ධීවර ඇමැති දේවානන්දා විශ්වාසය පළ කළේ තමිල්නාඩු ධීවරයන් හා උතුරේ ධීවරයන් මෙවර කච්චතිව් දේව මංගල්ලයේදී මුහුණට මුහුණ සාකච්ජා කොට මුහුදේ ගැටළුව විසඳා ගන්නා බවයි.

යාපනය දිසා ලේකම්වරයා විසින් ලංකාවේ බැතිමතුන් 500 ක් සඳහා අවසර ලබා දීමට කලින් සැලසුම් කර තිබුන ද ජනාධිපතිවරයාගේ අණින් මෙවර කච්චතිව් මංගල්ලය කතෝලික පියතුමන්ලාට පමණක් සිමා වී තිබේ.

 

church

 

Leader Whats app

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...