The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
පුවත්

ඉන්දීය මුහුදු කොල්ලයට දෙන ඇමැති විසඳුම් ගැන NGO විශ්වාසය

T

The Leader Desk

February 24, 2022 • 4:33 PM

ඉන්දීය මුහුදු කොල්ලයට දෙන ඇමැති විසඳුම් ගැන NGO විශ්වාසය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලබාදෙමින් උතුරු මුහුදේ ට්‍රෝලර් යාත්‍රා අර්බුදයට තිරසාර විසඳුමක් ලබාදෙන බව ප්‍රකාශ කළේය.
  • '' 2010 ධීවර කණ්ඩායම් විසින් මේ ප්‍රශ්නය වෙනුවෙන් මැදිහත් වෙන්න කියා දෙමළ ජනතා සන්ධානය වෙත ආයාචනා කළා.
  • අපි මෙය තහනම් කරන ලෙසට කටයුතු කළා.
  • වසරේ යහපාලන ආණ්ඩු සමයේ, මංගල සමරවීර විදේශ ඇමැති ලෙසත්, මහින්ද අමරවීර ධීවර ඇමැති ලෙසත් ඉන්දියාවේ සංචාරය කරමින්, කළ සාකච්ජා වල ප්‍රතිපලයක් ලෙස ලංකා මුහුදේ ට්‍රෝලර් යොදා මසුන් මැරීම ඉන්දීය ධීවරයන්ට තහනම් කරමින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):
ලබාදෙමින් උතුරු මුහුදේ ට්‍රෝලර් යාත්‍රා අර්බුදයට තිරසාර විසඳුමක් ලබාදෙන බව ප්‍රකාශ කළේය.

''මේ අර්බුදය ගැන ඉන්දීයාව එක්ක සාකච්ඡාකර තිරසාර විසඳූමකට එන්නත්, මේ සඳහා තියෙන නීතිය ක්‍රියාත්මක කිරීමටත්, නීති විරෝධී පන්න ක්‍රම සම්පුර්ණයෙන් ම නවතා දැමීමටත්, කියලා පෙබරවාරි 22 වැනිදා කැබිනට් පත්‍රිකාවක් යොමුකර තිබෙනවා.''යි ධීවර සංගම් නියෝජිතයන් සමග පැවති සාකච්ජාවෙන් අනතුරුව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද සඳහන් කළේය.

ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය (NAFSO), නැගෙනහිර, දකුණ, වයඹ දිස්ත්‍රික් ධීවර සහයෝගීතා ව්‍යාපාර, මන්නාරම සහ උතුරු පළාත් ධීවර ජනතා එකමුතුව සහ ජාතික ධීවර වෘත්තීය සමිති එකමුතුව එක්ව කොටුව දුම්රියපොළ ඉදිරිපිට ඊයේ (පෙබරවාරි 23) දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වු අතර, දෙමළ ජාතික සන්ධනයේ පාර්ලිමේන්තු මන්ත්‍රින් වන එම්.ඒ සුමන්තිරන්, ශානක්කයන් රාසමානික්කම් හා දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු දේශපාලනඥයින් කිහිප දෙනෙකු ද උතුරේ ධීවරයින් වෙත සහය පළකිරීම සඳහා උද්ඝෝෂණයට එක්ව සිටියහ.


'' 2010 ධීවර කණ්ඩායම් විසින් මේ ප්‍රශ්නය වෙනුවෙන් මැදිහත් වෙන්න කියා දෙමළ ජනතා සන්ධානය වෙත ආයාචනා කළා. අපි මෙය තහනම් කරන ලෙසට කටයුතු කළා. 2017 දි අදාළ නීති සම්පාදනය කෙරුණා. ඒ අනුව, ශ්‍රී ලංකාව තුළ බොටම් ට්‍රෝලින් තහනම්. නමුත් දැන් ඒ ක්‍රියාත්මක නොකරන නීතිය ගැන අපි බලධාරින් වෙත විරෝධය පළකරනවා.'' යැයි දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. සුමන්තිරන් ප්‍රකාශ කළේය.




 2016 වසරේ යහපාලන ආණ්ඩු සමයේ, මංගල සමරවීර විදේශ ඇමැති ලෙසත්, මහින්ද අමරවීර ධීවර ඇමැති ලෙසත් ඉන්දියාවේ සංචාරය කරමින්, කළ සාකච්ජා වල ප්‍රතිපලයක් ලෙස ලංකා මුහුදේ ට්‍රෝලර් යොදා මසුන් මැරීම ඉන්දීය ධීවරයන්ට තහනම් කරමින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කෙරිණි.



ඉන් පසු 2017 වසරේදී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල්වන ඉන්දීය ධීවරයන් මැඩලීමටත්, ට්‍රෝලර් ඇතුළු තහනම් ආම්පන්න භාවිතය වැලැක්වීමටත් සුමන්තිරන් මන්ත්‍රීවරයා ගෙනා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ආණ්ඩුවේ පනතක් ලෙස ඉදිරිපත් කිරීමෙන් එය පාර්ලිමේන්තුවේ සම්මත විය.

තවමත් වලංගු එම පනතට අනුව ලංකා මුහුදේ ට්‍රෝලර් යාත්‍රා මගින් මසුන් මැරීම ඇතුළු අනෙකුත් අනවසර ක්‍රියාවන් දඩුවම් ලැබිය යුතු වරදකි. ඒ ගැන ඉන්දීය විදේශ අමාත්‍යංශය විසින් ඉන්දීය ධීවරයන්ට අනතුරු අඟවා තිබේ.

ඉන්දියාවේ ධීවරයින් පමණක් නොව ලංකාවේ ද ඇතැම් ධීවරයින් මේ වන විට බොටමි ට්‍රෝලින් ක්‍රමයට රැකියාව කරන බව ප්‍රකාශ කළ සුමන්තිරන් මන්ත්‍රිවරයා, මෙම තහනම් පන්න ක්‍රම භාවිතා කිරීම මගින් මුහුදු සම්පත සම්පූර්ණ වශයෙන් ම විනාශ වන බවයි.

''මෙම පනත ක්‍රියාත්මක කිරීම සඳහා පුර්ණ බලතල ධීවර අමාත්‍යංශය සතුව තිබෙනවා. වත්මන් ධීවර කටයුතු භාර අමාත්‍යවරයාත් යාපනය දිස්ත්‍රික්කයේ පුද්ගලයෙක්. ඔහු මේ අර්බුදය ගැන ඉතාම හොඳින් දන්නවා. නමුත් ඔහුත් මේ තත්ත්වය ක්‍රියාත්මක වෙන්නට දී බලාගෙන සිටිනවා. වැරදි කරන කිසිම ධීවරයෙක්, බෝට්ටුවක් අත්අඩංගුවට ගන්නේ නැහැ. ඒ නිසා අපි නැවත නැවතත් මේ රජයට කියා සිටින්නේ සම්පුර්ණයෙන් ම නීතිය ක්‍රියාත්මක කරන්න. එතකොට උතුරේ ධීවරයින් පීඩාවට පත්කර තිබෙන මේ අර්බුදය නවත්වා ගන්නට පුලුවනි.” යැයි සුමන්තිරන් මන්ත්‍රිවරයා කීවේය.

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැඳවුමිකරු මෙන්ම ලෝක ධීවර ජනතා සංසදයේ නිත්‍ය නියෝජිත හර්මන් කුමාර ප්‍රකාශ කළේ මේ ප්‍රශ්නය උතුරේ දෙමළ ජනතාවගේ පමණක් ප්‍රශ්නයක් නොව මෙය වෙනත් රටක ප්‍රශ්නයක් ද නොවන බවත්  මෙය අපේ රටේ සම්පත්,ජීවිත හා රැකියා පිළිබඳ ප්‍රශ්නයක් වන බැවින් ජනාධීපති නිළධාරින් සහ ධීවර ඇමතිවරයා දුන් පොරොන්දු ඉටුකරනු ඇතැයි බලාපොරොත්තු තබන අතර, ඒවා එසේ ඉටු නොවුන හොත් අඛණ්ඩව ධීවර අරගලයේ යෙදෙන  බවයි.



ඉන්දියන් ට්‍රෝලර් යාත්‍රා ශ්‍රී ලංකා මුහුදු තීරය ආක්‍රමණය කිරීම තුළ උතුරේ ධීවරයන් සමාජීය, ආර්ථික හා දේශපාලන වශයෙන් විශාල පීඩාවකට ලක් වී සිටින අතර පසු ගිය 2022. 01. 27 වැනි දින යාපනයේ ධීවරයන් දෙදෙනෙක් ඝාතනයට ද ලක්වීමෙන් යාපන අර්ධද්ව්පය පුරා ධීවරයන්ගේ  විරෝධතා පැන නැගුණි.



''අපි මුල ඉඳලාම මේ ප්‍රශ්නය වෙනුවෙන් අප්‍රමාණ දේවල් කරලා තිබෙනවා. කෙටියෙන්, පහසුවෙන් මේ ප්‍රශ්නය විසඳා ගන්න විවිධ සංවාද, සාකච්ජා පවත්වලා, අත්දැකීම් හුවමාරු ගෙන තිබෙනවා. වසර ගණනාවක ඉඳලා උද්ඝෝෂණ ඇතුළු බොහෝ බලපෑම් ක්‍රියාකාරකම් දියත්කරල තියෙනවා.'' යැයි උතුරු පළාත් ධීවරයින්ගේ එකතුවේ සභාපති එන්.වී. සුබ්‍රමනියම් මෙහිදී සඳහන් කළේය.

ඔහු කියා සිටියේ ආණ්ඩුවෙන් මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා නොදුන්න නිසා මෙය ජාතික මට්ටමේ අවධානයකට යොමුකරවීම සඳහා සියලු පළාත්වලින් කොළඹට පැමිණි බවයි.

කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වු විරෝධතාවයෙන් පසුව, බැනර් පෝස්ටර් අතැතිව විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලය වෙත පෙළපාලියෙන් ගමන් කළ අතර, එහිදිපස්දෙනෙකුට පමණක් ජනාධිපති මහජන සම්බන්ධතා අතිරේක ලේකම් සහ ජනාධිපති සම්බන්ධීකරන ලේකම් හමුවීමට අවස්ථාව ලබා දුන් බව ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ ව්‍යාපෘති නිළධාරි මෙන්ම මෙම විරෝධතාවයේ ප්‍රධාන සංවිධායක ඇන්තනි ජේසුදාසන් සදහන් කළේය.

උතුරු පළාත් කාන්තා සම්මේලනයේ ලේකම් වී. උමා මධි, උතුරු පළාත් ධීවරයින්ගේ එකතුවේ සභාපති එන්.වී. සුබ්‍රමනියම්, මන්නාරාම ධීවරයින් නියෝජනය කරමින් එම්.කෲස්, ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු හර්මන් කුමාර සහ විරෝධතාවයේ ප්‍රධාන සංවිධායක ඇන්තනි ජේසුදාසන් යන අය විසින් ජනාධීපති කාර්යාලයේ නිළධාරීන් සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මුණගැසී සාකච්ඡාකොට තිබේ.

''ඉන්දීය ධීවරයින්ගේ පැමිණීම හේතුවෙන් උතුරේ ධීවරයින් දිගින් දිගටම පීඩාවට ලක්වෙනවා. ඒ හේතුවෙන් උතුරේ ධීවරයින්ගේ ආර්ථීකය මුලුමනින් ම කඩාවැටිලා, ජනාධීපති ලේකම් කාර්යාලයේ නිළධාරීන්ට ධීවර අමාත්‍යවරයාට පැහැදිළි කළා,'' යැයි  ඇන්තනි ජේසුදාසන් පැවසීය.

'' ඔයගොල්ල මට ශක්තියක් වුණා. ධීවරයෝ මේ විදිහට උද්ඝෝෂණ කළාම ඉන්දියාවට බලපෑමක් කරන්න පුලුවන් වෙනවා. මම හදවතින් ම සතුටු වෙනවා'' යැයි ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා පවසයි.

ඔහු පවසන්නේ උද්ඝෝෂණ බිමට පැමිණෙන්නට තමාට ද මහත් අවශ්‍යතාවක් තිබු නමුත් පොලීසිය විසින් එම අවස්ථාවට ඉඩ ලබා නොදුන් බවයි.
 
 

 
 Nafos2022 1
 
 

Leader Whats app

 

  

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...