The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
පුවත්

යහපාලනය වතුකරයට බෙදූ ඉඩම් පොහොට්ටු පාලනයෙන් කොල්ල කන බවට චෝදනා

T

The Leader Desk

March 28, 2022 • 11:26 AM

යහපාලනය වතුකරයට බෙදූ ඉඩම් පොහොට්ටු පාලනයෙන් කොල්ල කන බවට චෝදනා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලබන බවට චෝදනා එල්ල වී තිබේ.
  • කඳුරට මාධ්‍යවේදීන් මහනුවර දී හමුවූ වේලු කුමාර් මන්ත්‍රීවරයා කියා සිටියේ කම්කරුවන්ට වෙන් කෙරුණු ගලබොඩ, හන්තාන හා ග්‍රේට්වැලි වතුවල බිම් කොටස් පිටස්තර පුද්ගලයන්ට ආණ්ඩුවේ අනුග්‍රහයෙන් විකුණනු ලබන බවයි.
  • එක් පවුලකට ගෙයක් හදා ගන්න අඩුම වශයෙන් පර්චස් 7 ක් ලබා දෙන්න රජයේ ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන ඒ වෙනුවෙන් කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ද සම්මත කර ගත්තා.'' ''අවශ්‍ය ඉඩම් නිදහස් කරගෙන බිම් කොටස් වෙන් කරා.
  • මහනුවර හා මාතලේ දිස්ත්‍රික් වල රජයට අයත් වතු වල පවුල් 8000 කට ඉඩම් කට්ටි ලබා දුන්නා.'' වේලු කුමාර් මන්ත්‍රීවරයා පවසන පරිදි වත්මන් රාජපක්‍ෂ ආණ්ඩුවට කිරීමට ඉතිරිව තිබුනේ රජයේ වතු වල කම්කරුවන්ගේ අදාළ ලියකියවිලි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට ඉදිරිපත් කර ඔප්පු ලබා දීමට පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ලබන බවට චෝදනා එල්ල වී තිබේ.

''වතු කම්කරු ජනයාට  ඔප්පු ලබා දෙන්නේ නැතුව මේ ආණ්ඩුව යහපාලනයෙන් දීපු ඉඩම් බලපත්‍ර වලංගු නැහැ කියලා ඒවා ආපහු අරන් විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් දැන් දියත් වෙනවා. අපි වතු කම්කරුවන්ට වෙන් කරපු ඉඩම් වෙනත් පිටස්තරයන්ට බෙදා දෙන්නයි ආණ්ඩුව සුදානම් වෙන්නේ,'' යැයි දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. වේලු කුමාර් පවසයි.

කඳුරට මාධ්‍යවේදීන් මහනුවර දී හමුවූ වේලු කුමාර් මන්ත්‍රීවරයා කියා සිටියේ කම්කරුවන්ට වෙන් කෙරුණු ගලබොඩ, හන්තාන හා ග්‍රේට්වැලි වතුවල බිම් කොටස් පිටස්තර පුද්ගලයන්ට ආණ්ඩුවේ අනුග්‍රහයෙන් විකුණනු ලබන බවයි.

 

''යහපාලන ආණ්ඩු කාලේදී දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ මැදිහත් වෙලා කඳුකර දෙමළ ජනයාගේ විශේෂයෙන් වතු කම්කරුවන්ගේ ඉඩම් අයිතිය සහතික කළා. එක් පවුලකට ගෙයක් හදා ගන්න අඩුම වශයෙන් පර්චස් 7 ක් ලබා දෙන්න රජයේ ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන ඒ වෙනුවෙන් කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ද සම්මත කර ගත්තා.''

 

''අවශ්‍ය ඉඩම් නිදහස් කරගෙන බිම් කොටස් වෙන් කරා. මහනුවර හා මාතලේ දිස්ත්‍රික් වල රජයට අයත් වතු වල පවුල් 8000 කට ඉඩම් කට්ටි ලබා දුන්නා.''

වේලු කුමාර් මන්ත්‍රීවරයා පවසන පරිදි වත්මන් රාජපක්‍ෂ ආණ්ඩුවට කිරීමට ඉතිරිව තිබුනේ රජයේ වතු වල කම්කරුවන්ගේ අදාළ ලියකියවිලි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට ඉදිරිපත් කර  ඔප්පු ලබා දීමට පමණි.

''ඒත් මේ ආණ්ඩුව කරගෙන යන්නේ ඉඩම් බලපත්‍ර ටික ආපහු කැඳවා විනාශ කර දැමීමේ කුමන්ත්‍රණයක්.'' ඔහු පවසයි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...