1200 x 80 DMirror

ආර්ථික අර්බුදය හමුවේ අන්ත අසරණව සිටින වතු කම්කරුවන්ගෙන්, යහපාලන ආණ්ඩුව ඔවුන්ට ලබා දුන් ඉඩම් රාජපක්‍ෂ සභාගය විසින් කොල්ලකනු

ලබන බවට චෝදනා එල්ල වී තිබේ.

''වතු කම්කරු ජනයාට  ඔප්පු ලබා දෙන්නේ නැතුව මේ ආණ්ඩුව යහපාලනයෙන් දීපු ඉඩම් බලපත්‍ර වලංගු නැහැ කියලා ඒවා ආපහු අරන් විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් දැන් දියත් වෙනවා. අපි වතු කම්කරුවන්ට වෙන් කරපු ඉඩම් වෙනත් පිටස්තරයන්ට බෙදා දෙන්නයි ආණ්ඩුව සුදානම් වෙන්නේ,'' යැයි දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. වේලු කුමාර් පවසයි.

කඳුරට මාධ්‍යවේදීන් මහනුවර දී හමුවූ වේලු කුමාර් මන්ත්‍රීවරයා කියා සිටියේ කම්කරුවන්ට වෙන් කෙරුණු ගලබොඩ, හන්තාන හා ග්‍රේට්වැලි වතුවල බිම් කොටස් පිටස්තර පුද්ගලයන්ට ආණ්ඩුවේ අනුග්‍රහයෙන් විකුණනු ලබන බවයි.

 

''යහපාලන ආණ්ඩු කාලේදී දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ මැදිහත් වෙලා කඳුකර දෙමළ ජනයාගේ විශේෂයෙන් වතු කම්කරුවන්ගේ ඉඩම් අයිතිය සහතික කළා. එක් පවුලකට ගෙයක් හදා ගන්න අඩුම වශයෙන් පර්චස් 7 ක් ලබා දෙන්න රජයේ ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන ඒ වෙනුවෙන් කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ද සම්මත කර ගත්තා.''

 

''අවශ්‍ය ඉඩම් නිදහස් කරගෙන බිම් කොටස් වෙන් කරා. මහනුවර හා මාතලේ දිස්ත්‍රික් වල රජයට අයත් වතු වල පවුල් 8000 කට ඉඩම් කට්ටි ලබා දුන්නා.''

වේලු කුමාර් මන්ත්‍රීවරයා පවසන පරිදි වත්මන් රාජපක්‍ෂ ආණ්ඩුවට කිරීමට ඉතිරිව තිබුනේ රජයේ වතු වල කම්කරුවන්ගේ අදාළ ලියකියවිලි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට ඉදිරිපත් කර  ඔප්පු ලබා දීමට පමණි.

''ඒත් මේ ආණ්ඩුව කරගෙන යන්නේ ඉඩම් බලපත්‍ර ටික ආපහු කැඳවා විනාශ කර දැමීමේ කුමන්ත්‍රණයක්.'' ඔහු පවසයි.

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය