The Leader News
BREAKING
ශ්‍රී ලංකාවේ පොත් රඳවා තබා ගැනීම: ලේඛකයින් ගේ ඒකාබද්ධ ප්‍රකාශය●පරිපාලන සෙල්ලමෙන් වැනසෙන ලාංකීය මළල ක්‍රීඩාවේ හෙට දවස●මිනිසා ගේ පළමු පෞද්ගලික දේපළ වූයේ ස්ත්‍රිය ද…?●යටිතල පහසුකම් අර්බුදයට පෞද්ගලික මුදල්: අවදානම ජනතාවට ද?●කඩා වැටීම් මැදින් නැගී සිටි රශිප්‍රභාගේ ජීවිත පාඩම●ඉරාන නාවිකයන් 40ක් ගාල්ලෙන් ගොඩබිමට: ජාත්‍යන්තර මානුෂීය වගකීම●හෝමාගම පොලිස් අත්අඩංගුවේ තරුණ පියෙකුගේ මරණය ගැන විශේෂ විමර්ශනයක්●ලූලාගේ සිව්වන ආගමනයට කොළඹින් ගිය සටන්කාමී සුබපැතුම●විදුලි වාහන රැල්ල හමුවේ මතු වන බැටරි අර්බුදය●ෆෝට්‍රස් රිසෝර්ට්ස් පාලනය වැලිබල් වන් අතට: කෝටි 73ක ගනුදෙනුවක්●
Top Ad
පුවත්

සන්ධ්‍යාගෙන් කාදිනල්ට ඉල්ලීමක්

T

The Leader Desk

March 28, 2022 • 4:13 PM

සන්ධ්‍යාගෙන් කාදිනල්ට ඉල්ලීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින අය වෙනුවෙන් ද එළැඹෙන පාස්කු සමයේදී හඬ අවදි කරන ලෙස ජාත්‍යන්තර සම්මානයෙන් පුදලද මානව හිමිකම් ක්‍රියාකාරිනියක් කොළඹ අගරදගුරු හිමියන්ගෙන් ඉල්ලා තිබේ.
  • යේසුස් වහන්සේගේ දුක්විඳීම, මරණය, හා මළවුන්ගෙන් නැගිටීම සිදුවූ බව අදහනු ලබන කාල වකවානුව ලොව පුරා කිතුනුවන් විසින් සමරනු ලබන්නේ චතාරික සමය ලෙසිනි.
  • අළු බදාදා දිනයෙන් ආරම්භ වී පාස්කුවෙන් කෙලවර වන චතාරික සමයේ කිතුනුවන් විසින් පුරනු ලබන වත් පිළිවෙත් අතර උපවාසය, භාවනාව හා දන් දීම ඇතුලත් වෙයි.
  • ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැ දැකිම පිනිස වතිකානයට ගිය කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉන් පසු මාර්තු 2 වැනිදා ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර දී ජගත් මානව හිමිකම් මහකොමසාරිස් මිචෙල් බැචලේ හමුවී සාකච්ඡා කර තිබුනි.
අකුරු ප්‍රමාණය (Font Size):

බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින අය වෙනුවෙන් ද එළැඹෙන පාස්කු සමයේදී හඬ අවදි කරන ලෙස ජාත්‍යන්තර සම්මානයෙන් පුදලද මානව හිමිකම් ක්‍රියාකාරිනියක් කොළඹ අගරදගුරු හිමියන්ගෙන් ඉල්ලා තිබේ.

"පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සේම මේ රටේ උතුරේ, දකුණේ ඉන්න සිංහල, දෙමළ, මුස්ලිම් අපි වැනි වින්දිතයන්ගේත් දුක බලන්න. ඒ අය වෙනුවෙනුත් කතා කරන්න කියන ඉල්ලීම තමයි, ඒ අය වෙනුවෙනුත් පෙනී සිටින්න කරන ඉල්ලීම තමයි මගේ ලිපියෙන් කළේ."

අතුරුදහන් සැමියා වෙනුවෙන් යුක්තිය සොයා අඛණ්ඩව දශකයකට අධික කාලයක් තිස්සේ අරගලයේ යෙදී සිටින සන්ධ්‍යා එක්නැලිගොඩ මාර්තු මස 28 වැනි සඳුදා ඒ බව සඳහන් කළේ "කාදිනල්තුමන්ට චතාරික භාවනාවක්" මැයෙන් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත ලිපියක් යොමු කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

යේසුස් වහන්සේගේ දුක්විඳීම, මරණය, හා මළවුන්ගෙන් නැගිටීම සිදුවූ බව අදහනු ලබන කාල වකවානුව ලොව පුරා කිතුනුවන් විසින් සමරනු ලබන්නේ චතාරික සමය ලෙසිනි.

අළු බදාදා දිනයෙන් ආරම්භ වී පාස්කුවෙන් කෙලවර වන චතාරික සමයේ කිතුනුවන් විසින් පුරනු ලබන වත් පිළිවෙත් අතර උපවාසය, භාවනාව හා දන් දීම ඇතුලත් වෙයි.

 

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැ දැකිම පිනිස වතිකානයට ගිය කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉන් පසු  මාර්තු 2 වැනිදා  ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර දී ජගත් මානව හිමිකම් මහකොමසාරිස් මිචෙල් බැචලේ හමුවී සාකච්ඡා කර තිබුනි.



“පාස්කු ඉරුදින  ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කරගැනීම සහ වින්දිතයන්ට යුක්තිය ඉටුකරගැනීම සම්බන්ධයෙන්”  කොළඹ අගරදගුරු හිමියන් ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය සමග සාකච්ඡා කළ බව කොළඹ අගරදගුරු පදවිය නිවේදනය කර තිබුනි.

මාර්තු 7 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය අමතමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සදහන් කර තිබුනේ ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශනවලින් පෙනී යන්නේ මෙම සමූල ඝාතනය මහා දේශපාලන කුමන්ත්‍රණයක කොටසක් බවත් ප්‍රහාරය පිටුපස ඇති සත්‍ය හෙළිදරව් කර වගකිව යුත්තන්ට නඩු පවරනවා වෙනුවට ශ්‍රී ලංකාවේ වත්මන් රජය යුක්තිය ඉල්ලා කෑගසන අයට හිරිහැර හා බිය ගැන්වීම් කරන බවයි.



කාදිනල් හා මානව හිමිකම්

රට විපතකට මුහුණ දුන් අවස්ථාවලදී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා නේදැයි මාධ්‍යවේදියෙක් සන්ධ්‍යා එක්නැලිගොඩගෙන් විමසු අවස්ථාවේදී ඇය සිහිපත් කළේ 2018 වසර වන තෙක් කාදිනල් හිමියන් මානව හිමිකම් හෙලා දකින ස්ථාවරයක සිටි බවයි.

"අපිට මතකයි 2018 වෙනකං උන්වහන්සේ එහෙම ස්ථාවරයක හිටියේ නැහැ. මොකද 2018 දී උන්වහන්සේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා බටහිර ආගමක් වෙලා තියනවා මානව හිමිකම්. අපිට ආගම් තියනවා, මානව හිමිකම් අවශ්‍ය නැහැ කියන එක. නමුත් අද වෙන කොට කාදිනල් උන්වහන්සේ මානව හිමිකම් පිළිබදව නිවැරදි දැක්මක් ඇති තැනකට පත් වෙලා තියනවා."



මාධ්‍යවේදීන් හමුවේ සන්ධ්‍යා එක්නැලිගොඩ වැඩි දුරටත් සදහන් කළේ අද වන විට රටේ අතුරුදහන් වීම් පිළිබද ප්‍රශ්නය යට ගොස් ඇති බවයි.



ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් ද ඊට පෙර කැරලි වලින්ද අතුරුදහන් දහස් සංඛ්‍යාත ජනකායකගේ ඥාති සමුහයාගේ සංකේතයක් බවට පත්වූ කාන්තාවක් ලෙසින් සන්ධ්‍යා එක්නැලිගොඩ එක්සත් ජනපද ජගත් දිරිය කත සම්මානයෙන් 2017 වසරේදී පුද ලද්දීය.

සම්මානය සඳහා ඇය තෝරාගැනීමට හේතු පාදක වූයේ අතුරුදහන් සිය සැමියා ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධ සත්‍යය හෙළිකරගැනීමට බාධා පෑ බලධාරීන්ගේ අවහිර නොතකා අසූ වතාවකට වඩා උසාවි ගානේ යමින් සන්ධ්‍යා විදහා දැක්වූ ධෛර්යය බව ඇමරිකා එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් තෝමස් ඒ ෂැනොන් විසින් ප්‍රකාශ කර තිබුනි.

ආණ්ඩුව නිවේදනය කර ඇති පරිදි මාතර, මන්නාරම, යාපනය, මඩකලපුව සහ කිලිනොච්චි යන ප්‍රදේශවල ස්ථාපිත කර තිබෙන OMP ප්‍රදේශිය කාර්යාල වෙත අතුරුදහන් වීම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි ගණන 14988 කි.


අතුරුදහන් වූ පුද්ගලයන් 'දක්නට නොමැති බවට' සහතිකයක් ලබාගන්නා එක් අයකු වෙනුවෙන් එක්වරක් පමණක් රුපියල් 100,000 ක් ගෙවනු පිණිස අධිකරණ අමාත්‍ය අලි සබ්රි ඉදිරිපත් කළ යෝජනාවකට ගිය සතියේ කැබිනට් අනුමැතිය ලැබී තිබුණි.

 


ආණ්ඩුවේ ලක්ෂයේ වන්දිය හෝ මරණ සහතික පිළිගැනීම උතුරු හා නැගෙනහිර පළාතේ බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් විසින් අවඥා සහගතව ප්‍රතික්ෂේප කර තිබේ.

 

 
 
 

The Leader TV අද වීඩියෝ 

 

සමහරු අපිට ජම්පර් අන්දනවා කියනවා, අපි බය නෑ ! - පාඨලී චම්පික රණවක | Direct Politics

නාමල් බේබිට සිරිසඟබෝ ගහලා! | අද ගොසිප් එක

 

 

Leader Whats app


 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සන්ධ්‍යාගෙන් කාදිනල්ට ඉල්ලීමක් | The Leader