The Leader News
BREAKING
Top Ad
පුවත්

කාදිනල් මැල්කම් රංජිත්ගෙන් සන්ධ්‍යාට පොරොන්දුවක්

T

The Leader Desk

April 2, 2022 • 6:20 PM

කාදිනල් මැල්කම් රංජිත්ගෙන් සන්ධ්‍යාට පොරොන්දුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද තම ආදරණීයයන්ට අත්වු ඉරණම
  • කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ ඇය ඒ බව කියා සිටියේ කොළඹ අගරදගුරු  මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමග පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
  • යාපනය මට්ටුවිල් විශේෂ ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමට මාර්තු 20 වැනි ඉරිදා උතුරට ගිය  අගමැතිවරයා හමුවීමට උත්සාහ කළ අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ට ම්ලේච්ඡත්වය මුදා හැරීම සම්බන්ධයෙන් පොලිසියට චෝදනා එල්ල වී තිබේ.
  • පොලිසිය බස් රියදුරාගෙන් ප්‍රශ්න කරමින් සිටියදී රථයෙන් පිටතට පැන ගත් අතුරුදහන් වුවන්ගේ මව්වරුන් පිරිසක් උද්ඝෝෂණයේ යෙදී සිටියදී ඊට පොලීසිය විසින් බාධා කිරීමට යාමේදී නොසන්සුන්තාවයක් ඇතිවූ ආකාරය යාපනේ මාධ්‍යවේදීන් වීඩියෝ ගතකොට තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

විමසීම සදහා අගමැතිවරයා හමුවීමට ගිය අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ට එල්ල කළ පොලිස් ප්‍රහාරය ජාත්‍යන්තර සම්මානයෙන් පුදලද මානව හිමිකම් ක්‍රියාකාරිනියක් විසින් හෙළා දැක තිබේ.

 
"අගමැතිතුමනි,  බොහෝම කැතයි වැඩේ"
 
දකුණේ අතුරුදහන්වුවන්ගේ ප්‍රශ්නය 90 දශකයේදී ජිනීවා වෙත රැගෙන ගිය මහින්ද රාජපක්ෂ අද දවසේ "උතුරේ අය අතුරුදහන් කරනවා මදිවාට,  ඒ අයගේ  වින්දිත කාන්තාවන්ටත් පහරදීම ඉතාමත් නින්දිත ක්‍රියාවක්" බවයි අතුරුදහන් සැමියා වෙනුවෙන් යුක්තිය සොයා අඛණ්ඩව දශකයකට අධික කාලයක්  තිස්සේ  අරගලයේ යෙදී සිටින සන්ධ්‍යා එක්නැලිගොඩ පවසන්නේ.

කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ ඇය ඒ බව කියා සිටියේ කොළඹ අගරදගුරු  මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමග පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

යාපනය මට්ටුවිල් විශේෂ ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමට මාර්තු 20 වැනි ඉරිදා උතුරට ගිය  අගමැතිවරයා හමුවීමට උත්සාහ කළ අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ට ම්ලේච්ඡත්වය මුදා හැරීම සම්බන්ධයෙන් පොලිසියට චෝදනා එල්ල වී තිබේ.

මුලතිව් සිට පැමිණි අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ව මට්ටුවිල් අම්මාන් කෝවිල ආසන්නයේදී, ඔවුන් පැමිණි බස් රථය හරස් කළ පොලිසිය ඔවුන් මහමගට බැසීම වලක්වා ලමින් දොරටුව අසල රැකවල් ලා සිටිය ද එය සාර්ථක නොවිණි.

පොලිසිය බස් රියදුරාගෙන් ප්‍රශ්න කරමින් සිටියදී රථයෙන් පිටතට පැන ගත් අතුරුදහන් වුවන්ගේ මව්වරුන් පිරිසක් උද්ඝෝෂණයේ යෙදී සිටියදී ඊට පොලීසිය විසින් බාධා කිරීමට යාමේදී නොසන්සුන්තාවයක් ඇතිවූ ආකාරය යාපනේ මාධ්‍යවේදීන් වීඩියෝ ගතකොට තිබේ.

එහිදී පොලිස් ප්‍රහාරයට ගොදුරුවූ අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ මුලතිව් නායිකා මරියසුරේෂ් ඊශ්වරීට රෝහල් ගතව ප්‍රතිකාර ලැබීමට  සිදුවිය.


cghfhfgමරියසුරේෂ් ඊශ්වරී
 

අගමැතිගේ යාපනය සංචාරයට  විරෝධය දැක්වීමට පැමිණි යාපනේ වේලන් ස්වාමි ඇතුළු පිරිස රැගත් බස් රථය මට්ටුවිල් පන්නාර්ති පාලම අසල දී හරස් කළ පොලීසිය උත්සව සභාව අවසන්වන තෙක්ම ඔවුන් පිටතට පැමිණීම වළක්වා තිබිණි.

පසුව බස් රථයෙන් බැස ගත් පිරිස අගමැතිවරයා පිළිගැනීමට ප්‍රදර්ශනය  කර තිබුණු බැනර් හා `කටවුට්` ඉරා දමා ඒවාට ගිනි තබා සිය විරෝධය දැක්විය.



කාදිනල් හිමි සමග සාකච්ඡාව

අගනගරයේ මාධ්‍යවේදීන් සමග සන්ධ්‍යා එක්නැලිගොඩ වැඩි දුරටත් සදහන් කළේ "කාදිනල්තුමන්ට චතාරික භාවනාවක්" මැයෙන් කොළඹ අගරදගුරු  මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත මාර්තු 28 වැනිදා යොමු කළ ලිපියට ප්‍රතිචාර දක්වමින් අද දිනයේ සාකච්ඡාවකට කැදවා තිබු බවයි.

යේසුස් වහන්සේගේ දුක්විඳීම, මරණය, හා මළවුන්ගෙන් නැගිටීම සිදුවූ බව අදහනු ලබන කාල වකවානුව ලොව පුරා කිතුනුවන් විසින් සමරනු ලබන්නේ චතාරික සමය ලෙසිනි.

අළු බදාදා දිනයෙන් ආරම්භ වී පාස්කුවෙන් කෙලවර වන චතාරික සමයේ කිතුනුවන් විසින් පුරනු ලබන වත් පිළිවෙත් අතර උපවාසය, භාවනාව හා දන් දීම ඇතුලත් වෙයි.

පසුගියදා යොමු කළ ලිපිය මගින් ඇය කොළඹ අගරදගුරු  මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගෙන් ඉල්ලා තිබුනේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය සලසා ගැනීම වෙනුවෙන් මැදිහත්වන උනන්දුවෙන්ම යුතුව බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින අය වෙනුවෙන් ද එළැඹෙන පාස්කු සමයේදී හඬ අවදි කරන ලෙස යි.

තම ලිපියේ සදහන් කර තිබු ඉල්ලීම් අද දිනයේත් ඉල්ලා සිටි බව පැවසු ඇය වැඩි දුරටත් සඳහන් කළේ අතුරුදහන්වුවන් සම්බන්ධයෙන් තමන් මැදිහත් වන බවට කොළඹ අගරදගුරු හිමියන් පොරොන්දු වු බවයි.

" ඒ සදහා උන්වහන්සේ කිසියම් හෝ ක්‍රමවේදයක්, සම්බන්ධීකරණ ක්‍රමවේදයක් හදන්නං කියලා කිව්වා," යි සන්ධ්‍යා එක්නැලිගොඩ අගනගරයේ මාධ්‍යවේදීන්ට වැඩි දුරටත් කියා සිටියාය.

 
 
 
 
 

 


 

The Leader TV අද වීඩියෝ 
  
 
 
 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කාදිනල් මැල්කම් රංජිත්ගෙන් සන්ධ්‍යාට පොරොන්දුවක් | The Leader