The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
පුවත්

බරපතල ඖෂධ හිඟයක් ! - 'ව්‍යසනකාරී මරණ සංඛ්‍යාවක් සිදුවිය හැකියි'

T

The Leader Desk

April 9, 2022 • 3:48 AM

බරපතල ඖෂධ හිඟයක් ! - 'ව්‍යසනකාරී මරණ සංඛ්‍යාවක් සිදුවිය හැකියි'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උග්‍ර ඖෂධ හිඟයට මුහුණ දීම සදහා සෞඛ්‍ය ලේකම්ට යෝජනා 5 ක් ඉදිරිපත් කර තිබේ.
  • ඖෂධ මිලදී ගැනීම සඳහා මුදල් යෙදවීම ප්‍රමුඛතාවක් කරගැනීමේ අසීරුතාවක් ඇති බව නව මහබැංකු අධිපති පවසා සිටී.
  • අභිනව මුල්‍ය ප්‍රතිපත්තිය ප්‍රකාශ කිරීම සඳහා මාධ්‍යවේදීන් හමුවූ අප්‍රේල් 8 දා ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කර සිටියේ රටේ මහජනතාවගෙන් බහුතරයකට අත්‍යාවශ්‍ය ආහාර, ඉන්ධන වැනි දෑට දෙන ප්‍රමුඛතාවම ඖෂධ සම්බන්ධයෙන්ද ලබා දිය හැකිද යන්න විමසා බැලිය යුතු බවයි.
  • ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් අනතුරු අඟවා තිබුනේ ඖෂධ හිඟයට වහාම පිළිතුරු නොදුන්නොත් "කෝවිඩ්, සුනාමි සහ සිවිල් යුද්ධයේ සියලු මරණවල එකතුවට වැඩි ව්‍යසනකාරී මරණ සංඛ්‍යාවක්" සිදුවිය හැකි බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උග්‍ර ඖෂධ හිඟයට මුහුණ දීම සදහා සෞඛ්‍ය ලේකම්ට යෝජනා 5 ක් ඉදිරිපත් කර තිබේ.

ඖෂධ මිලදී ගැනීම සඳහා මුදල් යෙදවීම ප්‍රමුඛතාවක් කරගැනීමේ අසීරුතාවක් ඇති බව නව මහබැංකු අධිපති පවසා සිටී.

අභිනව මුල්‍ය ප්‍රතිපත්තිය ප්‍රකාශ කිරීම සඳහා මාධ්‍යවේදීන් හමුවූ අප්‍රේල් 8 දා ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කර සිටියේ රටේ මහජනතාවගෙන් බහුතරයකට අත්‍යාවශ්‍ය ආහාර, ඉන්ධන වැනි දෑට දෙන ප්‍රමුඛතාවම ඖෂධ සම්බන්ධයෙන්ද ලබා දිය හැකිද යන්න විමසා බැලිය යුතු බවයි.



ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් අනතුරු අඟවා තිබුනේ ඖෂධ හිඟයට වහාම පිළිතුරු නොදුන්නොත් "කෝවිඩ්, සුනාමි සහ සිවිල් යුද්ධයේ සියලු මරණවල එකතුවට වැඩි ව්‍යසනකාරී මරණ සංඛ්‍යාවක්" සිදුවිය හැකි බවයි.



නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරන්නේ රජයේ දුර්වල ආර්ථික හා මූල්‍ය කළමණාකරණය හමුවේ අද වන විට මූලික මිනිස් අයිතිවාසිකම් වන ජීවත් වීමේ අයිතිය හා සෞඛ්‍ය සඳහා ජනතාවට ඇති අයිතිය තහවුරු කිරීමට වර්තමාන රජය, සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය ලේකම්වරයා සහ සෞඛ්‍ය බලධාරීන් අසමත් වී ඇති බවයි.

"අද වන විට ශ්‍රී ලංකාව තුල උද්ගතව ඇති දැඩි ඖෂධ හිඟය හා සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යෑමට අවශ්‍ය අනිකුත් උපකරණ ද්‍රව්‍ය හිඟය ඉදිරියේදි මීටත් වඩා බරපතල වන බව රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා තහවුරු කරයි."

මෙම බරපතල සෞඛ්‍ය අවදානම් තත්වයට මුහුණු දීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉතා ඉක්මනින් ගත යුතු පහත ක්‍රියාමාර්ග 5 ක පිලිබඳව සෞඛ්‍ය ලේකම් දැනුවත් කිරීමට කටයුතු කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු සදහන් කරයි.

1. සෞඛ්‍ය හදිසි ආපදා තත්වයක් රට තුල ප්‍රකාශයට පත් කිරීම,

2. අදාල සියලු පාර්ශව කැඳවා පවතින ඖෂධ හා උපකරණ තත්වය සමාලෝචනය කිරීම,

3. සෞඛ්‍ය අමාත්‍යංශය තාක්ෂණික කමිටුවක් පිහිටුවා දැනට අප සතුව ඇති ඖෂධ මනාව කලමණාකරණය කර ගැනීම සඳහා මාර්ගෝපදේශන සැකසීම,

4. ජාත්‍යන්තර සහය සහ විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගෙ සහයෝගය ඖෂධ හිඟයට මුහුණ දීමට ලබා ගැනීම,

5. විදේශ ආධාර මත ලැබෙන ඖෂධ වල ගුණාත්මකභාවය තහවුරු කරන ක්‍රමවේදයක් සැකසීම.


තවද, රජය ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දීම තුලින් රටේ ජනතාවට සෞඛ්‍ය සඳහා ඇති මූලික මිනිස් අයිතිය තහවුරු කළ යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩි දුරටත් පවසන්නේ.



කෙසේවෙතත්, යුද්ධයේ අවසාන සමයේ වන්නියට අවශ්‍ය ඖෂධ නොයැවීමෙන් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධුරය දැරූ මහින්ද රාජපක්ෂ පාලනය මහා පරිමානයෙන් මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා ලබන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම ආණ්ඩුව දියත් කළ යුද්ධයට සහාය දුන්නේය.



ඉවක් බවක් නැතිව රෝහල්වලට බෝම්බ ගැසීමෙන් වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලවල ජීවිත අනතුරේ වැටී තිබියදී එය වලක්වාලන්නට එම සංගමය කිසිදු මැදිහත් වීමක් කළේද නැත.

ඒ මොහොතේ විනාශය අනුමත කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ මොහොතේ ඖෂධ හිඟය නිසා සෞඛ්‍ය අංශය පත්ව සිටින අර්බුදකාරි තත්වයට  මුහුණ දීම සඳහා සහයෝගය ලබා දෙන මෙන් විදේශ ගතව සිටින ශ්‍රී ලාංකීය වෛද්‍යවරුන්ගෙන් සහ පුරවැසියන්ගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටි.

මුල්‍ය අර්බුදය සමග ඖෂධ සහ වෛද්‍ය ආම්පන්න හිඟයකට මුහුණ පාන්නට සිදුවනු ඇති බවට සුව සේවයේ වෘත්තීය සමිති කලකට පෙර අනතුරු අඟවා තිබුණි.

අවම වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පවතින යතාර්ථය සැගවීම හා දේශපාලන රැකවරණය වෙනුවට, පවතින සැබෑ තත්වය හෙලි දරව් කරමින්, වඩා සුදුසු කළමනාකරණ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ඉදිරිපත් නොවී,  දීර්ඝ කාලයක් තිස්සේ අනතුර දැක දැක මග හැර සිටීම, පවතින අර්බුදය දෙගුණ, තෙගුණ කිරීමට හේතු වු බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මීට ඉහතදී පවසා තිබුණි.

 

 

image 

 

 
 
 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...